අන්තවාදීන්ට පුරාවස්තූන් ඩෝසර් කිරීමට ඉඩ දී  බලා සිටින ආණ්ඩුවක් කුමකට ද?

පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් දින කිහිපයකට පෙර සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූඅනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන චෛත්‍යයක නටඹුන් ඊට පසුදින එනම් පසුගිය 18 වැනිදා කිසියම් අන්තවාදී පිරිසක් ඩෝසර් කර බිමට සමතලා කර ඇතැයි ලංකාදීප පුවත්පත විසින් වාර්තා කොට තිබේ.

ඉහත කී පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම මෙම ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව චෛත්‍යයේ දත්ත සටහන් ලේඛනයක ්ද සකසා තිබේ. එසේම චෛත්‍යය පිහිටා තිබූ ස්ථානය අසලින් පාදම් ගලක් හමු වී ඇත. පුරාවිද්‍යා ගවේෂකයන් විසින් සොයාගනු ලබන මෙවැනි පුරාවිද්‍යා ස්මාරකයන් පණ මෙන් රැක ගැනීම ආණ්ඩුවක වගකීම නොවන්නේ ද?

එහෙත් මේ ආණ්ඩුවේ පිළිවෙත වී ඇත්තේ ‘සහජීවන වැදි බණ’ කියමින් අන්තවාදීන් සිදු කරන මෙවැනි ජාතික අපරාධ වසන් කිරීම ය. එම අන්තවාදීන් රැක ගැනීම ය. ‘අන්තවාදීන්ට පුරාවස්තූන් ඩෝසර් කිරීමට ඉඩ දී නිහඬව සිටින ආණ්ඩුවක් අපට කුමකට ද?’ යන පැනය පටු ජාතිවාදී අන්තවාදයන් පිටුදකින මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවන් තුළ මේ මොහොතේ බලවත් ලෙස පැන නැගී තිබේ. එවන් තත්වයක් තුළවත් මෙවැනි ජාතික අපරාධයන් වැළකීම සඳහා ගත යුතු ආරක්ෂණවාදී පියවර වහා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කර සිටින්නෙමු.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2017-12-21

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *