සැබෑ සාමය දිනා ගැනීමට අදිටන් කර ගනිමු! කිතුණු බැතිමතුන්ට සුබ නත්තලක්!

ලොව පුරා කිතුණු බැතිමතුන් ඉමහත් උත්සවශ්‍රීයෙන් සමරන නත්තල් දිනක් අදට යෙදී තිබේ. ‘සාමයේ කුමරු’ යන විරුදාවලිය ලත් ජේසු බිළින්දාගේ උපත සිහිපත් කරමින් මෙම දිනය සමරනු ලබයි.

ආගමික ශාස්තෲවරයකු ලෙස ජේසුස් වහන්සේ කැප වූයේ ලෝකවාසීන්ට සැබෑ සාමය, යහපත, විමුක්තිය කැන්දාගෙන ඒමට ය. එවන් ආගමික ශාස්තෲවරයකුගේ උපත සැබෑ ලෙස සැමරිය හැක්කේ කෙසේද? ඒ අන් අයුරකින් නොව උන්වහන්සේ දෙසා වදාල අරමුණ සාධනය වෙනුවෙන් කැපවීමෙනි.

ඒ නිසා ලෝක බලවතුන්ගේ අනිසි ක්‍රියා හේතුවෙන් ලොව පුරා විවිධකාරයේ ගැටුම්, යුද ගිනි ඇවිලෙමින් තිබෙන මේ මොහොතේ කිතුණු බැතිමතුන් සැබෑ සාමය වෙනුවෙන් කැප වීමට අදිටන් කර ගතහොත් එය අරුත්බර නත්තල් සැමරුමක් වනු ඇත.

කිතුණු බැතිමතුනි, ඔබට සුබ නත්තලක්!

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2017-12-24

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *