ඉස්ලාම් දහමේ හර පද්ධතීන්ට එරෙහිව මතුවන සියලු අන්තවාදයන් පරදවමු! සමගියෙන් – සහජීවනයෙන් බැදෙමු ! by admin 24/05/2020 | 11:17 0 Posted in කාලීන පුවත් ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධානතම අධ්‍යාත්මික උත්සවය වන රාමසාන් උත්සවය අදට(24) යෙදී තිබේ. රාමසාන්හි වැදගත්ම චාරිත්‍රය වන්නේ උදෑසන හිරු උදාවන මොහොතේ සිට සවස හිරු බැස යන තෙක් පුරා මසක් සුරකින උපවාස ශීලය බව දැක ගත හැකිය. උපවාස ශීලය රැකීම තුළින් සමාජයේ වෙසෙන අන්‍යයන්ගේ කුසගින්න සහ පැවැත්ම පිළිබඳව මෙනෙහි කරමින් පුළුල් ජීවිතාවබෝධයක් ලබා ගනිමින් අසරණවූවන්ට පිහිට වීමට ඉස්ලාම් බැතිමතුන් පෙළඹෙන බව පැහැදිලිය. මේ අනුව පෙනී යන්නේ රාමසාන් උපවාසයෙහි යෙදෙමින් ඉස්ලාම් බැතිමතුන් මෙම මසක කාලය තුළ සහෝදරත්වය, සහජීවනය, පරිත්‍යාගය, ඉවසීම වැනි උසස් ජීවන ගුණාංගයන් මැනවින් වර්ධනය කරගන්නා බවය. ඉහත කී උසස් ජීවන ගුණාංග අනුව යමින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගමන්මග නිවැරදිව තේරුම්ගනිමින් සමගියෙන්, සහජීවනයෙන් ජීවත්වීමට මෙරට ඉස්ලාම් බැතිමතුන් කටයුතු කරන බව ද පෙනී යයි. ඒ අතරම ඉහත කී ඉස්ලාම් දහමේ හර පද්ධතීන්ට පටහැනිව මතුවන සුළු පිරිසකගේ අන්තවාදයන් ද දැක ගත හැකිව තිබේ. එහෙයින් මුළුමහත් ලෝකයම ඉමහත් ව්‍යවසනයකට මුහුණපා ඇති මේ මොහොතේ ඊට එක හුයකින් බැඳී මුහුණ දීමට මෙන්ම ඉහත කී අන්තවාදී පුවණතාවන් පැරදවීමට ද ලාංකේය ඉස්ලාමීය ජන ප්‍රජාව මෙවර රාමසාන් දිනයේදී අදිටන් කරගත යුතුව තිබේ. සුබ රාමසාන් දිනයක්! විමල් වීරවංශ (පා.ම) නායක, ජාතික නිදහස් පෙරමුණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය 2020.05.24 Related Posts දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක් දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක දැව ආශ්රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක… කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.. කර්මාන්ත අමාත්‍යාංශ විෂය About Author admin ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.