කර්මාන්ත අමාත්‍යාංශයට ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක් by admin 6/05/2020 | 5:27 0 Posted in කාලීන පුවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව අමාත්‍යාංශයේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළ යටතේ අද (06) දින 73/1, ගාලුපාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක් සවි කරනු ලැබීය. රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවයේ නියුතු වූවන්ගේ දෑත් පිරිසිදු කිරීම වෙනුවෙන් දේශීයව නිර්මාණය කර ඇති මෙම ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණය අරුණ එස්. සමරවික්‍රම මහතාගේ නව නිර්මාණයකි. මෙම උපාංගය සවි කිරීමේ අවස්ථාව නිරීක්ෂණය පිණිස අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත් යන මහත්වරු ඇතුළු අමාත්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. භාෂා තුනෙන්ම දෑත් පිරිසිදු කරන ලෙස ආමන්ත්‍රණය කිරීම, විසබීජ නාශක ද්‍රව්‍ය ලීටරයකින් හත්සීයකට සිය දෑත් පිරිසිදු කර ගැනීමට හැකි වීම, ස්වයංක්‍රීයව දෑත් පිරිසිදු කිරීමේ දියරය දෑත් මතට පතිත වීම, යන්ත්‍රයේ ස්ථානගතකොට ඇති පිරිසිදු කරන කඩදාසි භාවිතයෙන් තම අත රැඳි ජංගම දුරකථනය ද පිරිසිදු කරගත හැකි වීම හා ජලය භාවිතයකින් තොර වීම තුළින් ආයතනයක පිවිසුමේ හෝ අභ්‍යන්තරයේ ඕනෑම ස්ථානයක තැබිය හැකි වීම ඇතුළු විශේෂාංග රැසකින් මෙම දෑත් පිරිසිදුකරණය සමන්විතය. අනුරුද්ධ බණ්ඩාර රණවාරණ, මාධ්‍ය ලේකම්, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය , 2020. 05. 06 Related Posts දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක් දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක දැව ආශ්රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක… කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.. කර්මාන්ත අමාත්‍යාංශ විෂය About Author admin ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.