කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිර යාමත් සමග මෙරට කර්මාන්තකරුවාට බලපා ඇති දුෂ්කරතා හඳුනාගෙන පිළියම් යෙදීමට අමාත්‍යාංශය සූදානම් – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ by admin 14/03/2020 | 5:14 0 Posted in කාලීන පුවත් කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිර යාමත් සමග අමුද්‍රව්‍ය හිඟය, නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අහිමි වීම වැනි මෙරට කර්මාන්තකරුවන්ට බලපා ඇති දුෂ්කරතා හඳුනාගෙන ඔවුනට ඒවා ජයගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (12) 73/1, ගාලුපාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පැවසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය. ”කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරයාමත් සමග මෙරට කර්මාන්ත ක්ෂේත්රයට එය බලපා ඇති ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූවා. එම සාකච්ඡාවේ දී අනාවරණය වුණා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා අමුද්‍රව්‍ය හිඟයක්, නිෂ්පාදන සඳහා වෙළඳපොළ අහිමිවීමක් වැනි ගැටලු පැන නැගී ඇති බව. ‘ක්ෂණික ඇමතුම් ඒකකයක්’ අපේ රටේ පමණක් නොවෙයි බොහෝ රටවල කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයා ගන්නේ චීනය පදනම් කරගෙනයි. එ් නිසා අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස තීරණය කළා අද සිට මේ සම්බන්ධයෙන් කර්මාන්තකරුවන්ට බලපා ඇති දුක් ගැනවිලි හඳුනාගැනීමටත් ඒවා ජය ගැනීම සඳහා මැදිහත්වීමට ක්‍රමවේදයක් සැකසීමටත්. එහි මුල් පියවර ලෙස ක්ෂණික ඇමතුම් ඒකකයක් අද සිට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර තිබෙනවා. 011 – 3144416 යන හොට්ලයින් අංකයට සම්බන්ධ වී සිංහලෙන් හා දෙමළෙන් භාෂාව හැසිරවිය හැකි එල්.වී. එල්. නන්දනී මහත්මියට හෝ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් භාෂාව හැසිරවිය හැකි ආර්. කේ. අයි. චාන්දනී මහත්මියට තම දුක්ගැනවිල්ල හෝ ගැටලුව ඉදිරිපත් කළ හැකිව තිබෙනවා. ඒ නිසා භාෂා ත්‍රිත්වයෙන්ම තමන්ගේ කර්මාන්තයට බලපා ඇති ගැටලුව පිළිබඳව අපව දැනුම්වත් කිරීමේ අවස්ථාව සැලසී තිබෙනවා. මෙසේ ඉදිරිපත් වන ගැටලු සමාලෝචනය කරමින් ඔවුන් අමාත්‍යාංශය වෙත ගෙන්වා ගනිමින් ගැටලුවලට විසඳුම් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ”මුරණ්ඩු ප්‍රතික්‍රියා එපා!” ඒ වගේම මේ අවස්ථාවේ අපි කාරුණිකව ඉල්ලා සිටිනවා, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මුරණ්ඩු හා තකතීරු ප්‍රතික්‍රියා නොදක්වා ‘ඔබ ඔබේ දෙමාපියන්ට, දරුවන්ට, ඥාතීන්ට, අසල්වැසියන්ට ආදරෙයි නම් නිරෝධායන කටයුතුවලට උපරිම සහයෝගය දක්වන්න’ කියා. මේ ඉතා අවාසනාවන්ත ලෙස ලොව මුහුණ පා ඇති තත්ත්වයෙන් ඇතැම් රටවල් සාර්ථකව මිදෙමින් තිබෙනවා. අප ද රටක් ලෙස එම තත්ත්වය ඇතිකරගත යුතුයි. චීනයට ඊයේ වන විට කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලැබූ රෝහල් 16ක් වසා දැමීමට හැකිව තිබෙනවා. වෛරසය පැතිරීම ඇරඹුණු රට එලෙස කටයුතු කරමින් සිටිය දී අපි අපේ දුර්වලකම් නිසා එම වෛරසය ව්‍යාප්ත කරගත යුතු නැහැ. ”සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න” ‘මේ තත්ත්වය බැරෑරුම්ව දකින්න. මේ වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය ගනු ලබන සියලු පියවර සඳහා උපරිම සහයෝගය ලබා දෙන්න’ කියා අපි සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි කර්මාන්තකරුවන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා, ‘ඔබගේ කර්මාන්තශාලාවේ යම් අයකු කොරෝනා ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් ඔහු හෝ ඇය ඒ වෙනුවෙන් පිහිටුවා ඇති ස්ථානයකට යොමු කරන්න. යම් හෙයකින් ඒ තැනැත්තාට රෝගය වැළඳී තිබුණොත් කර්මාන්ත ශාලාවේ සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමු කරන්න’ කියා. දේශපාලන පාපන්දුවක් ඒ වගේම අපි දැක්කා ඇතැමුන් මේක ‘දේශපාලන පාපන්දුවක්’ කරගෙන ඇති බව. විදෙස්ගතව සිට එන 3%ක පමණ පිරිසක් ඒසී කාමර ඇතුළු වෙනත් පහසුකම් ඉල්ලමින් කරන්නේ මේ කටයුතු අඩාල කිරීම. ජර්මනිය වැනි සංවර්ධිත රටවල් පවා නිරෝධායන කටයුතු කරන්නේ අපටත් වඩා අඩු පහසුකම් යටතේ. අපි රජයක් ලෙස අපට හැකි උපරිමයෙන් මේ සඳහා පහසුකම් සලසා තිබෙනවා. අපේ ආරක්ෂක හමුදා මෙම කටයුත්තෙදී සුවිශාල කැප කිරීමක් කරනවා. ඔවුන් නිදන ඇඳ, මෙට්ටය තමයි මේ නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇත්තේ. එ් නිසා සියයට තුනේ මනසින් නොබලා, පාට කණ්ණාඩි පැත්තක තබා මේ ව්‍යසනයෙන් මිදීමට ජාතියක් ලෙස පෙරට එන ලෙස සියලු ලක්වැසි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” මෙම මාධ්‍ය හමුවට අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි යන මහත්වරු එක්ව සිටියහ. අනුරුද්ධ බණ්ඩාර රණවාරණ, මාධ්‍ය ලේකම්, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය. 2020.03.04 Related Posts දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක් දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක දැව ආශ්රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක… කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.. කර්මාන්ත අමාත්‍යාංශ විෂය About Author admin ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.