කොළඹ දිසාවේ නාහිමිවරු බැහැදකිමින්…
මහා සංඝරත්නය අභිමුව “එකුන්විසි ප්‍රතිඥාවක් හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුමක්” සමාජගත කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ කළේය.
ඉන් අනතුරුව කොළඹ දිසාවේ විහාරාධිපති හිමිවරු ඇතුළු නාහිමිවරු බැහැදැක ආශිර්වාදය ලබා ගැනීමට ද ඒ මහතා කටයුතු යොදා තිබිණි.
ඒ අනුව විමල් වීරවංශ අද (21) දිනයේ දී නිලම්මහර පුරාණ රජ මහා විහාරාධිපති වැලිමඩ චන්දරතන නාහිමි, කටුවාවල පරමධම්ම විසුද්ධාරාම විහාරවාසී, කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, සුනේත්‍රාදේවි පිරිවෙනේ උප පරිවේනාධිපති ගොම්බද්දල දමිත හිමි, බෝකුන්දර ධම්ම සමාධි විහාරාධිකාරී කොරතොට ධම්මසිද්ධි හිමි බැහැදැක ආශිර්වාදය ලබාගත් අයුරු මෙසේ කාචයේ සටහන් විය.