`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) දෙමළ ඡන්ද කුට්ටිය වෙනුවෙන් 13 බලාත්මක කළොත් වෙනදේ මුස්ම්මිල් හෙළිකරයි | JNP Sri Lanka | National Freedom Front

දෙමළ ඡන්ද කුට්ටිය වෙනුවෙන් 13 බලාත්මක කළොත් වෙනදේ මුස්ම්මිල් හෙළිකරයි

සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පූර්ණ බලතල ලබාදී වර්තමානයේ තිබෙන සංහිදියාවත් විනාශ නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පා.ම. මොහොමඩ් මුස්ම්මිල් මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අද (25) දින පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

ඒ මහතා පවසා සිටියේ, පොලිස් බලතල හැර 13 වන ව්‍යවස්ථා සශෝධනයේ අනෙකුත් සියළුම බලතල ලබාදීමට ජනාධිපතිවරයා විසින් එකඟ වූ බවට සුමන්දිරදන් මන්ත්‍රීවරයා විසින් පවසා ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකාරයා,

බලතල බෙදීමෙන් සංහිදියාව ඇති කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නෑ. සංහිදියාව ඇති කරන්න පුළුවන් මිනිස්සුන්ගේ හදවත්වල.

13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරපුවම මොකද වෙන්නේ? නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාව අතරත් ගැටුමක් ඇතිවනවා ඉඩම් ප්‍රශ්න පිළිබදව. ඒ නිසා 13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම හරහා එක පැත්තකින් තියෙන සංහිදියාව සම්පූර්ණ වශයෙන්ම විනාශයට පත්වෙන්න පුළුවන්.

ඒක නිසා මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් මේ ඇති වෙලා තියෙන බංකොළොත්භාවයේදී අපි රටක් විදිහට සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියළුම දෙනා එකට ගොඩ යන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරලා ඒ ඔස්සේ හොඳ සංහිදියාවක් ඇති කරන්න පුළුවන්.

මේ දේශපාලන බලය බෙදීමේ උත්සාහය ඇතුලේ තියෙන සංහිදියාවත් විනාශයට ලක්වීම තමයි අපි නම් දකින්නේ සිදුවෙන්න පුළුවන් කියලා.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *