දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් “ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය” පිළිබඳව දැනුම්වත් කිරීමට වැඩමුළුවක්!
දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන අපනයනයේ දී මුුහුණ දෙන දුෂ්කරතා මඟ හරවා ගැනීමට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම ලබා දීමට ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබිණි.
මෙම වැඩමුළුවෙහි සමාරම්භක අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු එක්ව සිටි අතර ඔවුන්ගේ සුබපැතුම් ද එක් කළහ.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.