බිනර පුන් පොහොය දා සිරි සුධර්මයාන සේනාසනයේ පිංකම් මාලාව…
කඩුවෙල, තුන්අදහේන සිරි සුධර්මයාන සේනාසනයේ අභිනවයෙන් ඉදි කෙරෙන අංජලිකරණීය සෑ රදුන්ගේ ගර්භ නිධානෝත්සවයට සහ ඝන්ඨාර කුළුණ නිරාවරණය කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (01) බිනර පුන් පොහොය දා සහභාගී විය.
පානදුර, තොටමුණ සහිත රයිගම් සල්පිටි දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය තලගල සුමනරතන නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කොට සිටි අතර සිරි සුධර්මයාන සේනාසනාධිපති පූජ්‍ය කොටිකාවත්තේ ධම්මකුසල හිමිපාණන්ගේ ඇරයුමින් අමාත්‍යවරයා මේ පිංකම් මාලාවට එක්ව සිටියේය.