මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමයත් රටට පණ දෙන විමල්ගේ ජය විජයග්රහණයක් කිරීමට එක් වෙයි…
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් ජයග්‍රහණය විජයග්රහණයක් බවට පත් කිරීමට එක්වන විවිධ වෘත්තික, විද්වත් හා ව්‍යාපාරික ප්‍රජාව අතරට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගෙන් සැදුම්ලත් මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමය ද එක්ව සිටි.
ඔවුන් පසුගිය දා මාලබේ ඊජන්ට් කන්ට්‍රි ක්ලබ් උත්සව ශාලාවේ දී විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුහද හමුවක් ද කැඳවා තිබිණි. මෙම අවස්ථාවට එම සංගමයේ සභාපති උභය බණ්ඩාර, ලේකම් නිෂි හඳුන්නෙත්ති, ජාතික සංවිධායක චරිත් මාදුගොඩ, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.