.” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” ජය තහවුරු කළ අත්තිඩිය ජන හමුව !
ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම යටතේ පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් ඊයේ (18) අත්තිඩියේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට අත්තිඩිය පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය නන්දවිමල නාහිමි ඇතුළු මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, දෙහිවල ජානිපෙ සංවිධායක ආලෝක වාහලවත්ත, රත්මලාන ජානිපෙ සංවිධායක තුසිත ජයසිංහ යන මහත්වරු එක්ව සිටියහ.