” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” ජය තහවුරු කළ වැල්ලවත්ත ජනහමුව !
ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම යටතේ පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් ඊයේ (10) වැල්ලවත්ත මැරයින් ග්‍රෑන්ඩ් උත්සව ශාලාවේදී පැවැත්විණි .
වැල්ලවත්ත දමිල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජනහමුවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, රුවන් ප්‍රබෝධ පීරිස්, ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටි අතර ඥානමූර්ති ආනන්දන් මහතා එය සංවිධානය කොට තිබිණි.