සදුදා කර්මාන්තකරුවන්ගේ දිනය යළි ඇරඹි වගයි..!
රට පුරා විසිරී සිටින දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටලු කඩිනමින් විසඳාලීම පිණිස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමන්ගේ සංකල්පයකට අනුව සෑම සඳුදා දිනකම පැවැත් වූ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (18) කොල්ලුපිටිය ,ගාලු පාර, 73/1 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍ය කාර්යාලයේදී යළි ආරම්භ විය
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කෙටි කාලයකට නතර කෙරුණු මෙම කර්තව්‍යය අද පැවැත්වූයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්ණායකයන් හා උපදෙස් පිළිපදිමිනි. මේ කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීම පිණිස විමල් වීරවංශ මහතා අද දිනයේදී අමාත්‍යාංශ නිලධාරීන් හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන් සමඟ යුහුසුළුව කටයුතු කළ ආකාරය ය.