සඳුදා මහජන දිනය අරුත් ගන්වමින්…
දැන් බදාදා වෙනුවට සඳුදා දිනය සියලු අමාත්‍යවරුන්ගේ මහජන දිනය බවට පත්ව තිබේ. මේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහජන දිනයේ දසුන් පෙළකි. බොහෝ ජනයා දරුවන්ගේ පාසල් පිළිබඳ ගැටලු, රැකිරක්ෂා ඇතුළු ජීවනෝපායන් පිළිබඳ ගැටලු වැනි බොහෝ ගැටලු රැගෙන අමාත්‍යවරයා හමුවූයේ විසදුම් බලාපොරොත්තුවෙනි. ඒ කාර්යබහුල පැය කිහිපය ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කරනු වස් අමාත්‍යවරයා කැප වී සිටියේ මෙසේය.