හරිමඟ : පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය මල්වතු මහා නාහිමි වෙත පිළිගන්වති…
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟ වදින අපේක්ෂක පිරිස ”69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අපේක්ෂාව සපල කරන ‘හරිමඟ’ පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම සඳහා “දොළොස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය” නම් වූ තම පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුවේ දී එළිදක්වන ලද කෘතිය අද (02) මල්වතු මහා විහාරයේදී ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමි වෙත පිළිගන්වා ආශිර්වාද ලබා ගත්හ. මේ ඊට අදාළ සේයා රූ සටහන්ය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2020.07.02