හෝමාගම රෝහලේ ‘කොවිඩ් ප්‍රතිකාර ඒකකයට’ වායුසමීකරණ යන්ත්‍රයක්…

හෝමාගම මූලික රෝහල තුළ කොවිඩ්-19 අාසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අලුතින් ඇරඹූ දැඩි සත්කාර ඒකකය සඳහා අඩුපාඩුවක්ව පැවති වායුසමීකරණ යන්ත්‍රයක් ලබා දීම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කෙරිණි.

හෝමාගම රෝහලේ බලධාරීන් කළ ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම අඩුපාඩුව සපුරාදීම අද (06) හෝමාගම රෝහල් අධිකාරි කාර්‍යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව සිදුවිය. එහිදී ‘හෝමාගම රෝහල් කොවිඩ්-19 ප්‍රතිකාර ඒකකය’ රෝගීන් පරීක්ෂාවෙන්, රෝග නිවාරණය සිදු කරන තත්ත්වයට පත් කර දෙන ලෙස රෝහල් බලධාරීන් කළ ඉල්ලීම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය .

අදාළ වායුසමීකරණ යන්ත්‍රය විමල් වීරවංශ මහතා විසින් රෝහල් අධිකාරි වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා වෙත භාර දුන් අතර මෙම අවස්ථාවට වෛද්‍ය අශෝක ජයතිලක , ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *