`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "සහල් නිෂ්පාදනය වැඩි කරමින් වී ගොවියා ශක්තිමත් කරන ජාතික එකඟතාවක් සකසන්න ආණ්ඩුව මෙන්ම සියලු පාර්ශ්ව පෙළගැසිය යුතුයි" - ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස | JNP Sri Lanka | National Freedom Front

“සහල් නිෂ්පාදනය වැඩි කරමින් වී ගොවියා ශක්තිමත් කරන ජාතික එකඟතාවක් සකසන්න ආණ්ඩුව මෙන්ම සියලු පාර්ශ්ව පෙළගැසිය යුතුයි” – ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

නිෂ්පාදන පිරිවැයට සරිලන ආදායමක් නොමැති වීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් වී ගොවියා අද ණයකරුවකු වී ඇති බවත් වී වගාව සඳහා යොදාගත් ලක්ෂ 09කට අධික හෙක්ටයාර ප්රමාණය ක්රමානුකූලව අඩු වී ගෙන යන බවත් මේ සියල්ල සමග නුදුරු අනාගතයේ දී ජාතියට බත සැපයීමේ භූමිකාවෙන් වී ගොවියාට සමු ගැනීමට සිදු වනු ඇති බවත් පෙන්වා දෙන ජාතික ගොවි ව්යාපාරය, සහල් නිෂ්පාදනය වැඩි කරමින් වී ගොවියා ශක්තිමත් කරන ජාතික එකඟතාවක් සැකසීමට ආණ්ඩුව, ගොවි සංවිධාන මෙන්ම පාරිභෝගික ජනතාව ද පෙළගැසිය යුතු බව පෙන්වා දෙයි.
අද (01) ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්යාපාරයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී නිමල් පියතිස්ස මහතා පිටකෝට්ටේ පිහිටි එම ව්යාපාරයේ ප්රධාන කාර්යාලයේ දී මාධ්ය හමුවක් පවත්වමින් මෙසේ පෙන්වා දෙනු ලැබීය.
වී ගොවියා මුහුණ දෙන ගැටළු වන නිෂ්පාදන පිරිවැයට සරිලන ආදායමක් නොමැති වීම, වාරිමාර්ග සම්බන්ධිත ගැටළු, යොදා ගන්නා තාක්ෂණය යාවත්කාලීන නොවීම, සහතික මිල ප්රමාණවත් නොවීම ආදී ගැටලුවලට පැලැස්තර නොඅලවා ඒවාට ඉහත කී ආකාරයට සකසන ජාතික එකඟතාවක් මගින් පිළිතුරු සැපයිය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය. ලෝක පරිමාණයෙන් එන ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීමට ද අප රටක් ලෙස එවැනි ජාතික එකඟතාවක් යටතේ ජාතියට බත සපයන ගොවියා ශක්තිමත් කළ යුතු බව පියතිස්ස මන්ත්රීවරයා සඳහන් කළේය. මෙවැනි වී ගොවියා ශක්තිමත් කිරීමේ ජාතික එකඟතාවක් රටක් ලෙස අප ගොඩනැගුවහොත් බුලත් විටකට රුපියල් 60ක් ද සිගරට්ටුවකට රුපියල් 65ක් ද මත්පැන් බෝතල් කාලකට රුපියල් 450 ක් ද වැය කරන පුද්ගලයන් සහල් කිලෝව රුපියල් 110කට මිලදී ගැනීම අතිදුෂ්කර දෙයක් සේ හුවා දැක්වීම වැනි ආකල්ප පවා සමාජයෙන් බැහැරහ යනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතියට බත සැපයීමේ දී අද ගොවියා ද මහඟු කාර්යභාරයක් ඉටු කරන බව පෙන්වාදුන් නිමල් පියතිස්ස මහතා කුඹුරු හිමියාට එක් කන්නයකට අක්කරයට වී කිලෝ 300ක් ලබා දීමට සිදු වීම වැනි කරුණු නිසා එම පිරිස් ද වී ගොවිතැනින් ඉවත්වන බවත් ජාතික එකඟතාවක් අවශ්ය වන්නේ මෙවැනි සංවේදී ගැටළු අවබෝධයෙන් විසඳීමට බවත් පැවසීය.
වී ගොවියා සහ පාරිභෝගිකයා අතරට අතරමැදියන් පැමිණීම ද මෙම ජාතික එකඟතාව සැකසීමේදී බරපතළ ලෙස අධ්යයනය කර කෙටිකාලීනව නොව දිගුකාලීනව විසඳිය යුතු ගැටලුවක් බව සඳහන් කළ ජාතික ගොවි ව්යාපාරයේ සභාපතිවරයා, අද වන විට කුඩා හා මධ්ය පරිමාණ වී මෝල් 2500ක් පමණ වැසීගොස් මහා පරිමාණ වී මෝල් හිමියන් 03 – 04 දෙනකුට සහල් වෙළෙඳපොළ හැසිරවීමේ ඒකාධිකාරී බලයක් ලැබී ඇති බවත් එවැනි ක්රියාවලට තිත තබා වැසීගිය වී මෝල් නැවත විවෘත කිරීමට ආණ්ඩුව කෙටි කාලීනව හෝ පියවර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
මෙම මාධ්ය හමුවට ජාතික ගොවි ව්යාපාරයේ ජාතික විධායක කමිටු සාමාජික සාගර අනුරුද්ධ මහතා ද එක්ව සිටියේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2021.03.01
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *