`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ "නුවරඑළිය සම්ප්‍රාප්තිය" අද සිදු වූ වගයි... | JNP Sri Lanka | National Freedom Front

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද (27) පෙරවරුවේ හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේදී (ඩිපෝව අසල) පැවැත්විණි.

උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” ජනතා සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද අදහස් දැක්වූහ.

එසේම ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, පිවිතුරු හෙළ උරුමයේ නීති ලේකම් නීතිඥ භූපති කහතුඩුව යන මහත්වරු ද මෙම ජනතා සමුළුව ඇමතූහ.
පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමු⁣ණේ හඟුරන්කෙත ආසනයේ සංවිධායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමිපත් දසනායක මහතා විසින් සිදු කරන ලදී.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් නුවරඑළිය දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් ඔක්තෝබර් මස 15 වැනිදා මාතරින් ඇරඹුණු අතර “රුවන්පුර සම්ප්‍රාප්තිය”, “අනුරාධපුර සම්ප්‍රාප්තිය”, හා “මහනුවර සම්ප්‍රාප්තිය” ද මේ වනවිට සිදුව ඇත.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *