`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ‘‘රට බේරාගත් විරුවන්ට මල්මාලා වෙනුවට තොණ්ඩුව දාන හැටි’’ | JNP Sri Lanka | National Freedom Front

‘‘රට බේරාගත් විරුවන්ට මල්මාලා වෙනුවට තොණ්ඩුව දාන හැටි’’

‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය’ නම් වූ පනත් කෙටුම්පත එළඹෙන පාර්ලිමේන්තු සතිය තුළ විවාදයට ගෙන සම්මත කර ගැනීමට ආණ්ඩුව සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දැනගත් වහාම ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ පිළිබඳව දැනුම් දීමට කටයුතු කළේය.
‘‘මේ පනත් කෙටුම්පත සම්මත කර ගෙන යුද්ධයට දායක වූ රණවිරුවන්ටත් ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පමණක් නොවෙයි සේනාධිනායක ලෙස යුද්ධයට විධානය දුන් ඔබතුමාටත් දැල එළන්නයි මේ ආණ්ඩුව හදන්නේ. මේ පනතට දේශීය යුද අපරාධ අධිකරණයක් හැදීමේ ප‍්‍රතිපාදනත් ඇතුළත් කර තිබෙනවා.’’ විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපතිවරයාට දුරකථනය මගින් දැනුම් දුන්නේය.
‘‘ඒක ඇත්ත. මේ පනත් කෙටුම්පත සම්මත වීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර අපි ගත යුතුයි. මම දැන් ඉන්නේ කොළඹින් පිට. කොළඹ පැමිණි විගස මේ ගැන සාකච්ඡා කරලා අවශ්‍ය තීන්දු ගනිමු’’ මහින්ද රාජපක්‍ෂ මහතා ඊට පිළිතුරු වශයෙන් පැවසීය.
මේ අතර පසුගිය සඳුදා මේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට ජාතික සංවිධාන එකමුතුව කටයුතු යොදා තිබිණි. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු ජාතික සංවිධාන එකමුතුවේ ජාතික විධායක සභා සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡුා කිරීමට ද කටයුතු කළහ.
‘‘මේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් රට බේරාගත් ආරක්‍ෂක හමුදාවලට බලවත් අනර්ථයක් සිදු වෙනවා. ඊට ඉඩ නොදිය යුතුයි’’ මැදගොඩ අභයතිස්ස හිමියන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් එසේ ඉල්ලා තිබිණි.
කෙසේ නමුත් ඉන් අනතුරුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ පිළිබඳව අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් සමග දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කර ගෙන තිබිණි.
‘‘අදාළ පනත් කෙටුම්පත සහ ඊට අදාළ ජාත්‍යන්තර සම්මුතිය කියවා බලා අවසන් නිගමනයකට එළඹෙන තෙක් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න එපා’’ යන අදහස එහිදී අගමැතිවරයාට සහ කථානායකවරයාට ජනාධිපතිවරයා විසින් පවසා තිබිණි.
නමුත් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ න්‍යය පත‍්‍රයෙහි මේ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමට නියමිත බවද සටහන්ව තිබිණි.
‘‘මෙම පනත් කෙටුම්පත සම්මත කර කිරීමට අපි ටික දිනකට කල් තබනවා. නමුත් ඉවත් කර ගන්නේ නැහැ. ආයෙත් ගෙන එනවා’’ මේ පිළිබඳව එදින පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් වාතාවරණය හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේය.
කෙසේ නමුත් ඒකාබද්ධ විපක්‍ෂය එදින(05) උදෑසන 10:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 03 හි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
‘‘ආණ්ඩුව මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම තාවකාලිකව කල් දමා තිබෙනවා. එය අද සම්මත කර ගැනීමට උත්සාහ ගත්තා නම් ඒකාබද්ධ විපක්‍ෂය ලෙස අපි දැඩි ක‍්‍රියාමාර්ග රැසක් ගැනීමට සූදානමින් සිටියා’’ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පවසා සිටියේය.
‘‘තවමත් අද(05) පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයේ තිබෙන්නේ ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හා ඊට අදාළ නීතිය’ බලාත්මක කරන පනත් කෙටුම්පතයි. දැන් මොන කරුණු කීවත් විදේශ අමාත්‍යවරයා මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබුවෙත්, ජිනීවාවලදී ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවලියට අත ඔසවා සම අනුග‍්‍රාහකයකු වූවෙත් මේ රටේ යුද ජයග‍්‍රහණය දිනා දුන් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් දඩයම් කිරීමට බව ඉතා පැහැදිලියි. මෙම පනත තමයි දේශීය වශයෙන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ පනත.
මෙමගින් යුද සමයේ සේවයේ යෙදී සිටි විශ‍්‍රාමික හමුදා නිලධාරීන්ගේ සිට දැනට සේවයේ යෙදී සිටින සියලුම හමුදා නිලධාරීන්ට ඉතාම අන්තරාදායක ඉරණමකට මුහුණ දීමට සිදු වෙනවා. ජාත්‍යන්තර නීතිය අනුව පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම කියන්නේ යුද අපරාධයක් ලෙස ගැනෙන කාරණයක්. මේ පනත මගින් ඉහත කී ජාත්‍යන්තර සම්මුතිය ශ‍්‍රී ලංකාව තුළ බලාත්මක කළාම ‘පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම’ කියන කාරණයට අදාළව නඩු විභාග කරලා තීන්දු දෙන්න වෙනම උසාවියක් පිහිටුවනවා. ඒ උසාවියට බලය තිබෙනවා, කවුරුන් හෝ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමකට චෝදනා ලබන හමුදා නිලධාරියා පමණක් නොවෙයි, අණ දෙන නිලධාරියා දක්වා වරදකරුවන් කොට දඬුවම් දීමට. ඒ අනුව මේක යුද අපරාධ අධිකරණයක් මිස වෙන කුමක්ද? 30 වසරක් තිස්සේ අපේ රට වෙළාගෙන තිබූ විනාශකාරී යුද්ධය අවසන් කරපු එකට මල්මාලා දානවා වෙනුවට මේ ආණ්ඩුව හදන්නේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමටයි. මේ පනතින් හැදෙන්නේ ඒ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දමන උසාවියයි.’’ එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *