`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "මුල්‍ය අරමුදල (IMF) අකමැති නිසාද විදේශ විනිමය පනත සංශෝධනය නොකරන්නේ?" - පා.ම. විමල් වීරවංශ අධිකරණ ඇමැතිගෙන් විමසයි | JNP Sri Lanka | National Freedom Front

“මුල්‍ය අරමුදල (IMF) අකමැති නිසාද විදේශ විනිමය පනත සංශෝධනය නොකරන්නේ?” – පා.ම. විමල් වීරවංශ අධිකරණ ඇමැතිගෙන් විමසයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, විදේශ විනිමය පනතෙහි තිබූ බලගතු පදනම නැති කළ බවත්, ඒ හේතුවෙන් අපනයනකරුවන් උපයන ඩොලර් මෙරටට නොගෙනෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ, සංශෝධනයට පෙර තිබූ පනතට අනුව විදේශ විනිමය මෙරටට නොගෙනීම අපරාධමය වරදක් ලෙස සලකා දඩුවම් ලබා දුන් බවත්, වර්තමානයේ කිසිදු දඩුවමක් ලබා දීමට පනතින් විධිවිධාන සලසා නැති බවයි.

විදේශ විනිමය නොගෙනෙන පුද්ගලයින්ට එරෙහිව දඩුවම් ලබා දිය හැකි පරිදි පනත යළි සංශෝධනය කරන ලෙස මන්ත්‍රීවරයා අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *