`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "රනිල් 13 බලාත්මක කර - රට බෙදන හැටි'' විමල් මුල සිට අගට කියයි | JNP Sri Lanka | National Freedom Front

“රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” විමල් මුල සිට අගට කියයි

”රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අද(02) කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කරනු ලැබීය.

පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විද්වත්තු රැසක් සහභාගී වූහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් සරත් විජේසිරි, ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර, දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්සිරි හේරත් යන මහත්වරු දේශපාලන මණ්ඩලය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-02-02

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *