`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ඡන්දෙ නිසා අපේක්ෂකයෝ 3000ක් අසරණ වෙලා - ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ | JNP Sri Lanka | National Freedom Front

ඡන්දෙ නිසා අපේක්ෂකයෝ 3000ක් අසරණ වෙලා – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ

පළාත් පාලන ඡන්දෙට ඉදිරිපත් වී සිටින රජයේ සේවකයන් 3000කට මාස දෙකක් තිස්සෙ වැටුප් නොලැබෙන බවත් ඡන්දය කල් යෑම හේතුවෙන් වැටුප් නොලැබීම කොපමණ කාලයකට දීර්ඝ වේවිදැයි නොදන්නා බවත් ජානිපෙ පා.ම.ගාමිණී වලේබොඩ මහතා පවසයි.

රජයේ සේවකයින් මුහුණ දී සිටින මෙම උභතෝකෝටික ගැටළුව ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටියේ ඔවුන්ට වැටුප් නොලැබුණත් මූල්‍ය ආයතන විසින් ණය වාරික හා පොලී මුදල් අය කරගන්නා බවත්, ඉහළ යන ජීවන වියදම දරා ගැනීමට නොහැකිව මහත් පීඩාවට පත්ව සිටින බවත්ය.

තව සති කීපයකින් සිංහල අලුත් අවුරුද්ද එළඹෙන නමුත් වැටුප් නොලැබීම හේතුවෙන් අපේක්ෂකයින්ගේ පවුල්වල දරුවන්ට සහ වැඩිහිටියන්ටවත් සලකා ගැනීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන නිසා ඉක්මණින්ම මෙම ගැටළුව විසඳන ලෙසත් මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *