`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) පාස්පෝට් චෝදනාවට අත්අඩංගුවට ගැනීම වැරදි බව විගමන නිළධාරියාගේ සාක්ෂියෙන් තහවුරු වුණා - ජානිපෙ නායක විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

පාස්පෝට් චෝදනාවට අත්අඩංගුවට ගැනීම වැරදි බව විගමන නිළධාරියාගේ සාක්ෂියෙන් තහවුරු වුණා – ජානිපෙ නායක විමල් වීරවංශ

අක්‍රිය ගමන් බලපත්‍රයක ඇති වලංගු වීසා යොදා ගනිමින් වලංගු ගමන් බලපත්‍රයක් සමග විදේශ ගතවීමට හැකි බව අද සාක්ෂි දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරියා අධිකරණයේදී පිළිගත් බවත් ඒ අනුව තමන් යහපාලන ආණ්ඩු සමයේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් රට යාමට උත්සාහ කළ බවට බොරු චෝදනාවක් කරමින් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම නිත්‍යනුකූල ද, නැත් ද යන්න අද අධිකරණයට පැහැදිලි වූ බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඔහුට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ගමන් බලපත්‍ර නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මේ අතර අක්‍රිය ගමන් බලපත්‍රයක ඇති වලංගු වීසා යොදා ගනිමින් වලංගු ගමන් බලපත්‍රයක් සමග විදේශගත වීමට හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී චන්ද්‍රලාල් අලහකෝන් මහතා විමල් වීරවංශ මහතාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ව්‍යාජ ගමන් බලපත්‍ර නඩුවේදී සාක්ෂි දෙමින් පැවසීය.
2015.10.23 දින අවිධිමත් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීමට උත්සාහ කළ බවටත් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවටත් චෝදනා කරමින් ගොනුකර ඇති නඩුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා හමුවේ අද(05) දින විභාගයට ගත් අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙලෙස ප්‍රකාශ කළේය.

නඩුවේ සාක්ෂි කැඳවීම අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිමන්තනි සිල්වා මහත්මිය අධිකරණයට දැනුම් දුන් අතර වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් මස 10 දිනට දින නියම විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-10-05

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *