`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්! | JNP Sri Lanka | National Freedom Front

ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්!

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අතර විශේෂ හමුවක් අද(02) කොළඹ පිහිටි මෙරට රුසියන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී විරවංශ මහතා සහ රුසියන් තානාපතිවරයා දෙරටෙහි වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳවත් නව ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳවත් පැය දෙකකට අධික කාලයක් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ.

මෙම විශේෂ හමුව අවසානයේ දී විමල් වීරවංශ මහතා විසින් ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි රුසියන් පරිවර්තනයෙහි පිටපත් රුසියන් පාඨකයන් සඳහා ලබා දීම පිණිස තානාපතිවරයාට සංකේතාත්මකව පිළිගැන්වීම ද සිදු විය.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-11-02

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *