`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "හොරු රකින - හොරු හුරතල් කරන" වත්මන් පාලනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉක්මනින්ම තීරණයක් ගත යුතුයි!" -ජානිපෙ ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර | JNP Sri Lanka | National Freedom Front

“හොරු රකින – හොරු හුරතල් කරන” වත්මන් පාලනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉක්මනින්ම තීරණයක් ගත යුතුයි!” -ජානිපෙ ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රොෂාන් රණසිංහ මහතා “ෂම්මි සිල්වා පමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් චෞර වළල්ලට” එරෙහිව ගත් ආදර්ශවත්, විශිෂ්ට ක්‍රියාමාර්ග දැඩි සේ අගය කරන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එසේ පැවසීය.

තම අපකීර්තිමත් දේශපාලන ඉතිහාසය නිසා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හෝ නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ බවත් පසුව ඊනියා ගෝල්ෆේස් අරගලයේ පිහිටෙන් හා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ කර මතින් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වූ බවත් ඔහුට අද වන විට අමතකව ඇතැයි ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

කෝප් කමිටුව මගින් ද විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වෙන වෙනම සිදු කළ විමර්ශනවලින් අනතුරුව නිකුත් කළ ස්වාධීන වාර්තා දෙකක් මගින් ද පෙන්වා දී තිබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් යනු හොර ගුහාවකි!” යන නිර්දේශය අනුව යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “සුද්ද කිරීමට” නිර්භීතව, එඩිතරව පියවර ගනිමින් සිටි රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා, අද තම විධායක බලතල යොදා ගනිමින් “පේළි දෙකේ ලිපියකින්” ගෙදර යැවීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ “හොරුන්ට විරුද්ධව කට හොල්ලන්න එපා! එහෙම වුණොත් දොට්ට දමනවා!” යන්න යැයි සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා “ශ්‍රී ලංකා ක්‍රිකට් හොර ගුහාව සුද්ද කළ යුතු බවට” ගත් තීරණය මුළුමහත් පාර්ලිමේන්තුවම ඒකච්ඡන්දයෙන් අනුමත කර තිබියදී එයට පයින් ගසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අද “ශම්මි සිල්වා හුරතල් කිරීම” ජනතා පරමාධිපත්‍යයට එල්ල කළ මරු පහරක් බව ද සමරවීර මහතා මෙහිදී කීය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *