`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ‘නීතිය හදන තැන මෙහෙමනම් ක්‍රියාත්මක කරන තැන්වලට දෙයියන්ගෙම පිහිටයි’ | JNP Sri Lanka | National Freedom Front

‘නීතිය හදන තැන මෙහෙමනම් ක්‍රියාත්මක කරන තැන්වලට දෙයියන්ගෙම පිහිටයි’

පසුගිය බ්‍රහස්පතින්දා(24) උදේ පාර්ලිමේන්තු සංකීර්ණය කලබලකාරී ස්වරූපයක් ගනු ලැබුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට අදාළ සංශෝධන එදින උදේ මන්ත්‍රීවරුන් අතට පත්වීමෙනි. පනත් කෙටුම්පත පිටු 15කින් සමන්විත වූ අතර සංශෝධන සහිත ඇමුණුම ද පිටු 15කින් සමන්විත විය. ඒ නිසා ජානිපෙ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ කථිකයන්ට මේ ආණ්ඩුවේ සංශෝධන අධ්‍යයනයට තබා කියවා බැලීමට ද සිදු වූයේ එදින උදෑසනය.
කෙසේ වෙතත්, ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විවාදයට පෙර මේ පිළිබඳව සැකෙවින් හෝ සාකච්ඡා කිරීමට තීරණය කළහ.
“බලන්න අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන ආකාරය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගේනවා, ඒකේ පිටු 15යි. දැන් ලබා දුන්නු සංශෝධන සහිත ඇමුණුමෙත් පිටු 15යි. මේ අය දැන් පනත් කෙටුම්පත් ගෙන එන්නේ අදාළ කරුණුවලින් 1/2ක් දමලයි. ඉතිරි 1/2 ගෙන එන්නේ සංශෝධනවලිනුයි. රටට, ජනතාවට, යම් පුද්ගල කණ්ඩායමකට අහිතකර දේවල් ගෙන එන්නේ සංශෝධන ලෙසයි. අදාළ පනත් කෙටුම්පතට ගෙනවිත් තිබෙන සංශෝධනවල තිබෙනවා. ‘ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තමන් රජකාරී කරන කොට්ඨාසයෙන් ඡන්දය ඉල්ලන්න බැහැ’ කියලා. මේක පනත් කෙටුම්පතේ තිබුණානම් ඉහත කී නිලධාරින්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම විරෝධතා ගොනු කිරීමට තිබුණා. දැන් ඒ අවස්ථාව ඒ අයට අහිමිව තිබෙනවා. අද මේ ආණ්ඩුව නීති හදන තැන කටයුතු කරන්නේ මෙහෙම නම් නීතිය ක්‍රියාත්මක කරන තැන්වලට දෙයියන්ගෙම පිහිටයි’ ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
“හිටපු අධිකරණ ඇමතිවරයාට ආණ්ඩුව ඉදිරිපත් කළ චෝදනාව තමයි, ‘ඔයාට අපට ඕනෙ කරන මිනිස්සු හිරේ දාන්න නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න බැහැ’ කියන එක. දැන් මේ ආණ්ඩුව නීතිපතිට, විනිසුරුවරුන්ට, අධිකරණයට බලපෑම් කරන අධිකරණ ඇමති කෙනෙකු පත් කරාවි” නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
“පසුගිය දිනවල මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වූ මංගල පින්සිරි සමරවීර ඇමතිවරයාගේ, මහජන සම්බන්ධතා නිලධාරියාට ඒ මොහොතේම පොලිස් ඇප ලැබුණා. ඒ විතරක් නොවෙයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් වීසා නොමැතිව මැලේසියාවට ගොස් එහිදී අත්අඩංගුවට පත් වූ මේ ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වන තුසිත හල්ලොලුව නැමැත්තා ද දින 03ක් ඇතුළත නිදහස්කර ගෙන තිබුණා. වීසා රහිත ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් අතේ තියාගෙන මේ තැනැත්තා කටුනායක ගුවන් තොටුපළින් ගුවන්ගත වුණේ කොහොමද? ඔන්න අද නීතිය නැමෙන ආකාරය.” විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කෙසේ වුවත් මේ සියලු කරුණු ඇතුළත් වන සේ අදාළ විවාදයේදී විමල් වීරවංශ මහතා අදහස් දැක්විය යුතු යැයි තීරණය කරමින් මේ පිරිස විසිර ගියහ.
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *