`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජාතික සමගිය හා සහජීවනය වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීමට අදිටන් කර ගනිමු! | JNP Sri Lanka | National Freedom Front

අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජාතික සමගිය හා සහජීවනය වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීමට අදිටන් කර ගනිමු!

අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජාතික සමගිය හා සහජීවනය වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීමට අදිටන් කර ගනිමු!

ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනයක් අදට (04) යෙදී තිබේ. මේ උතුම් දිනය සමරන හින්දු බැතිමතුන්ට පළමුකොට මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි.

ශිව දෙවිඳුන්ට ගෞරවය පුද කරමින් එතුමන් පාර්වතිය සමඟ විවාහ වීම හා බැඳුණු සිදුවීම් මුල්කර ගනිමින් මහා ශිව රාත්‍රී දිනය සැමරීම ඇරඹි බව පුරාවෘත්තයන්හි සඳහන් වේ. මෙම දිනය සැමරීම වෙනුවෙන් හින්දු බැතිමත්හු උපවාසයෙහි නිරත වීම, උත්සව දිනයට පෙරදා රාත්‍රියේ කෝවිලට ගොස් පූජෝත්සව පැවැත්වීම, ශිව දෙවිඳුන් උදෙසා දේව ගීතිකා ගායනා කිරීම ආදී වත් පිළිවෙත්වල යෙදෙති.

අවිද්‍යාව දුරුකිරීම සහ තෘෂ්ණාව, මෝහය, කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය වැනි දුෂ්ට ගති දුරු කර දැනුම සොයා යාම ඉහත වත්පිළිවෙත්හි මූලික අරමුණ වී තිබේ. මෙමගින් සිය ජීවිතවලට සහ සමාජයට සාමය සහ සමගිය ළඟා කරගැනීම ද හින්දු බැතිමතුන්ගේ තවත් අරමුණකි.

මේ යුද බියෙන් ඇළලී ගිය ශ්‍රී ලංකාව සැබෑ සාමය දිනා ගෙන දස වසරක් සපිරෙන අවස්ථාවකි. එහෙයින් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජාතික සමගිය හා සහජීවනය වෙනුවෙන් තවදුරටත් කැපවීමට අදිටන් කරගත යුතු සුදුසුම මොහොත ද මෙය බව ලක්වාසී හින්දු බැතිමතුන්ට සිහිපත් කරන්නෙමි.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2019.03.04

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *