`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020 – හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී රැස්වෙති! | JNP Sri Lanka | National Freedom Front

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020 – හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී රැස්වෙති!

කුඩා හා පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020, අද (20) හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහි දී විශේෂ ආරාධිතයකු ලෙස ඉහත සම්මන්ත්‍රණයට එක් වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ‘ නව ආර්ථිකය තුළ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ කාර්මික පරිණාමය’ යන තේමාව යටතේ දේශනයක් ද සිදු කරනු ලැබීය.

මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද මෙහි දී දෙසුමක් පවත්වනු ලැබූ අතර ‘ කොවිඩ් – 19 කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක යෝජනා’ අමාත්‍යතුමන් වෙත ඉදිරිපත් කිරීම ද සිදුවිය.

සහභාගි වු ව්‍යවසායකයන් සදහා තාක්ෂණ සැසි මෙන්ම සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සහභාගිත්වයෙන් බැංකු මණ්ඩල සැසියක් ද පැවැත්විණි. සම්මන්ත්‍රණයේ සම්බන්ධීකාරක ලෙස මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා කටයුතු කළේය.

මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු ද එක්ව සිටියහ

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *