`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) පානළුව කාර්මික ජනපදයේ ඉඩම් අයිතිය පිළිබදව වසර 15 පුරා පවතින ගැටළුව විසදීමට කර්මාන්ත අමාත්‍යවරයා මැදිහත් වෙයි… | JNP Sri Lanka | National Freedom Front

පානළුව කාර්මික ජනපදයේ ඉඩම් අයිතිය පිළිබදව වසර 15 පුරා පවතින ගැටළුව විසදීමට කර්මාන්ත අමාත්‍යවරයා මැදිහත් වෙයි…

කර්මාන්ත අමාත්යංශයට අයත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් පරිපාලනය කරනු ලබන ‘පානළුව කාර්මික ජනපදය’ අද (09) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණට ලක්විය.

මෙහිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා විසින් ඇමතිවරයා පිළිගත් අතර කර්මාන්තපුරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති සාකච්ජාවට ද අමාත්යවරයා එක්විය.
පානළුව කාර්මික ජනපදය පිහිටුවා ඇති ඉඩමේ නිරවුල්භාවය පිළිබදව කාර්මික සංවර්ධන මණ්ඩලයත් රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවත් අතර වසර 15කටත් වැඩි කාලයක් පුරා පවතින ගැටළුව නිරාකරණය කර ගැනීමට මැදිහත්වීම මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්රධාන අරමුණ විය. ඒ අනුව රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ නිලධාරින් සමග පැවති දීර්ඝ සාකච්ජාවෙන් පසු මාසයක කාලයක් ඇතුළත එම ගැටළුව විසදීමට සුදානම් බව සභාපතිවරයා අමාත්යතුමාට පොරොන්දු විය. මෙහිදී අමාත්යවරයා රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවට අයත් කර්මාන්තශාලාවේ කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කරන ලදි.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *