`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) සැකසු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ… | JNP Sri Lanka | National Freedom Front

සැකසු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ…

සැකසු ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින්ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (06) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

කර්මාන්ත ක්ෂේත්ර වලට අදාළව කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබා දීමත්, එම කර්මාන්ත සදහා සහය ලබාදෙමින් කර්මාන්ත ක්ෂේත්ර නගා සිටුවීමත් අරමුණු කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්ර 20ක් උදෙසා උපදේශක කමිටු පිහිටුවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ 07 වන කමිටුව ලෙස මෙම කමිටුව පිහිටුවන බවත්, සැකසු ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ දේශීය විදේශීය මහා පරිමාණ සමාගම් මෙන්ම කුඩා, මධ්යම සහ ගෘහ ආශ්රිත කර්මාන්තකරුවන් විශාල පිරිසක් නියැලී සිටින බැවින් මෙම ක්ෂේත්රය සදහා උපදේශන කමිටුවක් පිහිටවීමේ ඇති වැදගත්කමත් අමාත්යවරයා විසින් පැහැදිලි කරන ලදි.

රජය පාර්ශවයෙන් කර්මාන්තකරුවන් වෙත උපරිම සහයෝගය ලබාදීමට සුදානම් අතර කර්මාන්තක්රුවනුත් ඔවුන්ගේ පාර්ශවයේ වගකීම් වටහා ගනිමින් නිෂ්පාදන ක්ෂේත්රය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා පැවසිය. මෙම ක්ෂේත්රයේ කර්මාන්තකරුවන් අසුරුම්කරණයේ සහ ලේබල් කරණයේදී මුහුණ දි ඇති ගැටළු පිළිබදව අමාත්යවරයා දැනුවත් කළ අතර ඒ සදහා අදාළ ආයතන සියල්ල එක් කර ගනිමින් ඉදිරියේදී කමිටුවක් පිහිටුවා ඉදිරි වැඩපිළිවෙල ක්රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ආහාර නිෂ්පාදන නිෂ්පාදන ක්ෂේත්රයේ නිෂ්පාදන සදහාත් වැඩියෙන් අගය එකතුකරමින් කල හැකි නිෂ්පාදන පිළිබදව තාක්ෂණික අධ්යනයක් සිදු කොට ඒ පිළිබද තමන් දැනුවත් කරන ලෙස අමාත්යවරයා කර්මාන්තකරුවන්ට කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සහ සැකසු ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවෝ පිරිසක් ද එක්ව සිටිය හ

මාධ්ය ඒකකය

කර්මාන්ත අමාත්යංශය

2021.01.06

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *