දිවයින පුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ බත්තරමුල්ල චිත්තවිවේකාශ්‍රමය අසල සිට U.D.A. නිවාස දෙසට යන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුත්ත අද (28) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

අනතුරුව චිත්තවිවේකාශ්රාමයට ගිය අමාත්‍යවරයා ආගමික වතාවත් සිදුකොට නායක හිමිපාණන් ද මුණගැසී ආශිර්වාදය ලබා ගත්හ. මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු නාගරික මංත්රීවරුන්ද එක්ව සිටියහ.