JNP Sri Lanka | National Freedom Front https://jnpsrilanka.lk/ The Jathika Nidahas Peramuna (JNP) or National Freedom Front (NFF) is a political party in Sri Lanka was formed by the ten JVP parliamentarians led by Wimal Weerawansa, the breakaway group of Janatha Vimukthi Peramuna or JVP, started their political activities on 14 May 2008. The party also achieved a historical milestone for the first time in country's history, a political party launched their official Web site (www.nffsrilanka.com) on the same date the political activities started. Mon, 22 Jan 2024 11:43:20 +0000 en-US hourly 1 https://jnpsrilanka.lk/wp-content/uploads/2021/02/cropped-jnp-logo-32x32.png JNP Sri Lanka | National Freedom Front https://jnpsrilanka.lk/ 32 32 420991971705923799 https://jnpsrilanka.lk/420991971705923799-2/ Mon, 22 Jan 2024 11:43:20 +0000 https://jnpsrilanka.lk/?p=12751 420991971705923799

The post 420991971705923799 appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
420991971705923799

Facebooktwitterredditpinterestlinkedinmail

The post 420991971705923799 appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
රොෂාන් එළියට දමා ජනාධිපතිවරයා පෙන්වූයේ තමන් “හොරු සමග හෙළුවෙන්” කියලයි! -විමල්ගෙන් දේශපාලන තක්කඩින් හිරිවට්ටන කතාවක් https://jnpsrilanka.lk/%e0%b6%bb%e0%b7%9c%e0%b7%82%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b6%b8%e0%b7%8f-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad/ https://jnpsrilanka.lk/%e0%b6%bb%e0%b7%9c%e0%b7%82%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b6%b8%e0%b7%8f-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad/#respond Wed, 29 Nov 2023 13:57:09 +0000 https://jnpsrilanka.lk/?p=12737 එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාවත් උදය ගම්මන්පිල මහතාවත් ඇමති ධුරවලින් නෙරපාහැරීම, එම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළා සේම, රනිල් වික්‍රමසිංහ […]

The post රොෂාන් එළියට දමා ජනාධිපතිවරයා පෙන්වූයේ තමන් “හොරු සමග හෙළුවෙන්” කියලයි! -විමල්ගෙන් දේශපාලන තක්කඩින් හිරිවට්ටන කතාවක් appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාවත් උදය ගම්මන්පිල මහතාවත් ඇමති ධුරවලින් නෙරපාහැරීම, එම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළා සේම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නෙරපාහැරීම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරනු ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

එසේම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ධුරයෙන් නෙරපාහරිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වූයේ වෙන කිසිවක් නොව තමන් “හොරු සමග හෙළුවෙන්” බව යැයි ද වීරවංශ මහතා මෙහිදී කීය.
ඊයේ(28) පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙන මේ අවස්ථාවේ ඊට පමණක් සීමා නොවී සමස්තයක් ලෙස මෙවර අයවැයේ බලපෑම පිළිබඳව කරුණු දැක්වීමට මා මේ අවස්ථාව යොදා ගන්නවා.

“රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිය”

මීට ඉහතදී කරුණු දක්වපු රාජ්‍ය ඇමතිතුමන් පැවසුවා, ‘රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය කොතරම් දුරට ආරක්ෂා වෙනවාද? බලාත්මක වෙනවාද? කියන එක මත තමයි රාජ්‍ය පරිපාලනය ඇතුළු අනිකුත් සෑම අංශයකම පැවැත්ම හෝ විනාශය රඳා පවතින්නේ’ කියා. මේ වන විට ‘රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය ශක්තිමත් වෙමින් ද තිබෙන්නේ? දුර්වල වෙමින් ද තිබෙන්නේ?’ ඊයේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් නෙරපාහැරියා. ඊට හේතුව තමයි ඔහු ඉතා නිවැරදිව, නිර්භයව ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිතයන් පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම.

කුණු කාණුව දිගේ බඩගාන්නෙ නැතිව…

වර්තමාන ජනාධිපතිවරයාගේ ඔළුවට ඔය ඔටුන්න වැටුණේ, තිබුණු පාලනය දූෂිතයි, කියලා ඇතමුන් කෑගහලා කියපු නිසයි; ‘ඒ දූෂිත පාලනය තමයි මේ ආර්ථික අර්බුදයට හේතුව’ කියලා කට්ටියක් මතයක් නිර්මාණය කළ නිසයි; ඒ දූෂිත පාලනය වෙනුවට අදූෂිත පාලනයක් ඇති කරන්න ‘අරගලයක්’ උත්පත්තිය ලබපු නිසයි. ඒ අරගලයේ පිහිටෙන් ‘කුණු කාණුව දිගේ බඩගාන්නෙ නැතිව’ වර්තමාන ජනාධිපතිවරයාගේ ඔළුවට ඉබේම ඔටුන්න පතිත වුණා. හැබැයි ඊයේ, ජනාධිපතිවරයා දූෂිතයන්ට එරෙහිව කතා කරන අමාත්‍යවරයාව එළියට දාලා, දූෂිතයන්ගේ පැත්තෙ හිටගනිමින් තමා කවුදැයි ඉතා මැනවින් පෙන්වා දුන්නා. ‘රාජ්‍යය සහ ජනතාව අතර තිබෙන සම්මුතිය’ මෙමගින් රැකෙනවා ද?

ආණ්ඩුවේ අවසානයේ ආරම්භය…

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා මාවත් උදය ගම්මන්පිල මැතිතුමාවත් ඇමතිකම්වලින් එළියට දැම්මා. ඒක තමයි ඒ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වුණේ; ‘රාජ්‍යය සහ ජනතාව අතර තිබෙන සම්මුතිය බිඳවැටීමට පටන් ගත්තේ. ඒ වගේම රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිය බිඳවැටීමට පටන් ගනිමින්, මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය තමයි ඊයේ සනිටුහන් වුණේ. රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ධුරයෙන් නෙරපාහරිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වූයේ වෙන කිසිවක් නොවෙයි තමන් ‘හොරු සමග හෙළුවෙන්’ කියලයි.

‘සදාචාරාත්මක වැහැරීම’

ඒ නිසා රාජ්‍ය අමාත්‍යතුමනි, ඔබතුමා දැනගන්න ඕනේ, ‘රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිය බලවත් වන්නේ සදාචාරාත්මක වශයෙනුයි,’ කියලා. මතක තබාගන්න, සදාචාර විරෝධී ලෙස එම සම්මුතිය බලවත් වෙන්නෙ නැහැ. රාජ්‍ය පරිපාලනයේ සිටින නිලධාරීන්ට, රාජ්‍ය පරිපාලනය හා බැඳුණු වගකීම මනාව ඉටු කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍යය සහ ජනතාව අතර ඇති සම්මුතිය ශක්තිමත් වෙනවා නම් විතරයි. නමුත් හොරුන්ට විරුද්ධව සටන් කරපු ඇමතිවරයාව එළියට දාලා හොරුන් එක්ක හිටගන්නවා නම් එතැන තිබෙනවා ද සදාචාරාත්මක බලවත් වීමක්? එතැන තිබෙන්නේ සදාචාරාත්මක පිරිහීම. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව, එදා අර්බුදයක් මැද හිටගෙන ‘මොකුත් නොදන්න තොත්ත බබෙක් වගේ’ යනකොට ඒකට විරුද්ධව අමාත්‍ය මණ්ඩලය ඇතුළේ කතා කරලා, ඇහුම්කන් නොදෙන කොට මේ තත්ත්වය රටට ඇහෙන්න කතා කළාම ඒකට උත්තරය අපව එළියට දමන එක නම් ඒක තමයි එදා සදාචාරාත්මක වැහැරීමේ ආරම්භය. ඒ වගේම ‘වර්තමාන රනිල් වික්‍රමසිංහ පාලනයත්’ ඒ සදාචාරාත්මක බලය අහිමි කර ගැනීමේ ආරම්භය ඊයේ සනිටුහන් කළ බව මම යළිත් අවධාරණය කරනවා.

ලක්ෂ 18කට විදුලිය අහිමි වෙයි!

රටවැසියාට පෙනෙන්න ඕනේ නැද්ද, ‘රාජ්‍යය විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරනවා, කියලා. එතැනින් නේද මේ සම්මුතිය වඩවඩාත් බලවත් වෙන්නෙ? අද වෙමින් තිබෙන්නේ මේ සම්මුතිය බිඳවැටීම. මේ සම්මුතිය රැකෙන්න හැමදේම බලපානවා. දැන් බලන්න, අද වන විට පවුල් ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයකගේ විදුලිය කපලා. ඒ අයට මේ අධික විදුලි බිල ගෙවාගන්න බැහැ. ඒ විතරක් නොවෙයි තවත් ලක්ෂ 12කට ‘රතු බිල’ එවලා. ඒ ලක්ෂ 12 අතර පවුල් පමණක් නොවෙයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවනුත් ඉන්නවා. මේ විදිහට ගිහින් ඒ ලක්ෂ 12ගෙත් විදුලිය කැපුවාම විදුලිය අහිමි ඒකක ගණන ලක්ෂ දහඅටයි. මේක මෙතැනින් නතර වෙන්නෙත් නැහැ. ලබන අවුරුද්දේ සිට වැට් බද්ද සියයට 18ක් වෙනවා; මෙතෙක් වැට් බද්ද බලපාපු නැති ක්ෂේත්‍ර ගණනාවකට ඒක අදාළ කරනවා. තමුන්නාන්සේලා හිතන්නේ, ‘මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න අපේ සමාජය ගල් යුගයට ගෙන ගියාම හරියි’ කියලා ද? දැන් රාජ්‍ය සේවකයාට රුපියල් දසදහසකින් වැටුප වැඩි කළාම ඔක්කොම හරිද? නමුත් මේ පාලකයන් මේ රටේ හැම මිනිහෙක්ටම රුපියල් විසිදහසක පමණ බදු බරක් අලුතෙන් පනවලා තියෙනවා.

රනිල් යළි එන්නේ නැහැ!

මම නම් හූනා කිව්වා වගේ කියන්නම්, රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණයකට එන්නේ නැහැ. කවුරුහරි හිතනවානම් ‘එයා එයි’ කියලා, ‘අනේ පව්’ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. එතුමා කිසිසේත්ම ජනාධිපතිවරණයකට එන්නේ නැහැ වගේම ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන ඉතුරු කාලයේ යෙහෙන් වැජඹෙන්න බලයි. ඒ හින්දා දැන් පඳුරකට ගැහැව්වත් ජනාධිපති අපේක්ෂකයෝ හැටක් විතර විසි වෙනවානේ. ඒක අතුරු කතාවක්.

රටේ ‘පාලන සුක්කානම’…

රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහොමහරි ජනාධිපති පුටුවට ගියාට එතැනින් එහාට එයාට වගකීමක් නැහැ. මේ ඉතිරි කෙටි කාලය තුළ ලබාගන්න පුළුවන් වාසිය සොයාගෙන යනවා මිසක් මේ කෙටි කාලය තුළ රටට සාධාරණයක් ඉටු කිරීමට ඔහුට උවමනා නැහැ. ඒ නිසා අද අපේ රටේ ‘පාලන සුක්කානම’ තිබෙන්නේ රටේ අනාගතය ගැන කිසිදු වගවීමක් නොදරන පුද්ගලයෙකු අතේයි. ඒ රාජ්‍ය පාලන සුක්කානම එතුමාට භාර දීලා, 69 ලක්ෂයේ ජනවරමින් බලයට ආපු අය, ‘දැන් බස් එක හොඳට යනවා’ කියලා හිතනවා.

‘කලහකාරී ප්‍රතික්‍රියා’

ඉදිරියේදී වැට් බද්දේ පරාසය පුළුල් කළාම තේ කර්මාන්තයටත් ඒක බලපානවා. දැනටත් සැලකිය යුතු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා. ලබන අවුරුද්දේ එන අලුත් බදු සමග සමාජ ආතතිය තවතවත් වැඩි වෙනවා. සමාජ ආතතිය වැඩි වන විට රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය බිඳවැටෙනවා. මේ විදිහට සමාජ ආතතිය වැඩි වෙනකොට තමයි අනාගත පුරෝකතනයකින් තොරව කලහකාරී ප්‍රතික්‍රියා දැක්වීමට ජනතාව පෙළඹෙන්නේ. මේ අයවැයෙන් කරලා තියෙන්නේ රාජ්‍යය සහ ජනතාව අතර තියෙන සම්මුතිය වඩා යහපත් අතට හැරවීම නොවෙයි, එය ඉතාමත් නරක විදිහට බිඳවැට්ටවීමයි. මේ බිඳවැට්ටවීම මගින් සිදු වන්නේ රට අරාජිකත්වය කරා ගමන් කිරීමයි. අරාජිකත්වයෙන් ප්‍රයෝජන ගන්නේ වෙනවෙන පවිටු බලවේගයි. කිසිදු දුරදක්නා සොයාබැලීමකින් තොරවයි මේ ආණ්ඩුව අද කටයුතු කරන්නේ.

“මේකද උත්තරය?”

මම දැක්කා ජනාධිපතිවරයා එක්තරා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවකට ගිහිල්ලා කියනවා, ‘ලබන අවුරුද්ද වෙනකොට අපට IMF තුන්වැනි ණය වාරිකය ලැබෙනවා. එතකොට අපේ බංකොලොත්කම නැති වෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් ණය ගැනීමේ පහසුකම ලැබෙනවා’ කියලා. ඒ කියන්නේ ආයෙත් අපි, ‘ණයට අරන්- සැපට කාලා – ජොලියෙ ඉන්නවා’ කියලයි; ඒ කියන්නේ, ‘මේ රට ආයෙත් පැරණි තකතීරු මාවතේම රැගෙන යනවා’ කියලයි. එහෙම ඉදිරියට ගියත් කෙටි කාලෙකින් මේ රට ආයෙත් ‘හොම්බෙන්’ යනවා. මේකද උත්තරය?

ණය වාරිකය ගෙවීමට සිදුවන විට…

දැන් බලන්න, ආජන්ටිනාව වැනි රටක් ඔය කියන මාවතේ ගිහින් දැන් දශක ගණනාවක් තිස්සේ ඉතා දරුණු ආර්ථික අර්බුදයක සිටිනවා. අපේ මේ පාලකයන් දැන් කියනවා, ‘අපි අර්බුදයෙන් එළියට එන්නයි හදන්නේ’ කියා. නමුත් ඉදිරියේදී ණය වාරිකය ලෙස අවුරුද්දකට ඩොලර් බිලියන තුනහතරක් ගෙවීමට සිදුවන විටයි අර්බුදය තීව්‍ර වෙන්නේ. ඉදිරියේදී ණය වාරිකය ගෙවීමට විදේශ විනිමය මදි වෙනකොට, කර්මාන්ත වැසී යනකොට, අපේ නිෂ්පාදනවලට අධික පිරිවැය නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කරන්න බැරි වෙනකොට මේ රට අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටෙනවා.

ඇවිලෙන ගින්නට ‘පිදුරු’

දිගුකාලීන කිරාමැන බැලීමකින් තොරව යන ගමනකින් මේ තිබෙන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලැබෙන්නේ නැහැ. දැන් තමුන්නාන්සේලාට කියන්න පුළුවන්, ‘තෙල් පෝලිම් ඇතුළු පෝලිම් අපි නැති කළා’ කියලා. ඒ ‘පෝලිම්’ කිව්වේ අර්බුදයේ තීව්‍රතාව පෙන්නුම් කළ පින්තූරය. ඒ පින්තූරය නැති වුණා කියලා අර්බුදය නැති වෙලා නැහැ. අද හැම තත්පරයකදීම මේ රටේ මිනිස්සු මේ අර්බුදයේ ගොදුරු බවට පත්වෙනවා. මේ අර්බුදයෙන් එළියට එන මාවත නොවෙයි මේ පෙන්වලා තියෙන්නෙ. මේ අයවැය, ආර්ථික අර්බුදය නමැති ඇවිලෙන ගින්නට ‘පිදුරු දමන’ අයවැයක් මිස මේ ආර්ථික අර්බුදය නැමැති ඇවිලෙන ගින්නට ‘වතුර දමන’ අයවැයක් නොවෙයි. එහෙම අයවැයකින් රාජ්‍ය පරිපාලනයටවත් රාජ්‍ය සේවයටවත් රාජ්‍යය සහ ජනතාව අතර තියෙන සම්මුතියටවත් සාධාරණයක් ඉටු කිරීමට කිසිදු ලෙසකින් හැකි වන්නේ නැහැ, කියා අපි අවධාරණය කරනවා”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-11-29

Facebooktwitterredditpinterestlinkedinmail

The post රොෂාන් එළියට දමා ජනාධිපතිවරයා පෙන්වූයේ තමන් “හොරු සමග හෙළුවෙන්” කියලයි! -විමල්ගෙන් දේශපාලන තක්කඩින් හිරිවට්ටන කතාවක් appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
https://jnpsrilanka.lk/%e0%b6%bb%e0%b7%9c%e0%b7%82%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b6%b8%e0%b7%8f-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad/feed/ 0
“හොරු රකින – හොරු හුරතල් කරන” වත්මන් පාලනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉක්මනින්ම තීරණයක් ගත යුතුයි!” -ජානිපෙ ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර https://jnpsrilanka.lk/%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%94%e0%b6%bb%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/ https://jnpsrilanka.lk/%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%94%e0%b6%bb%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/#respond Tue, 28 Nov 2023 12:15:35 +0000 https://jnpsrilanka.lk/?p=12741 රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රොෂාන් […]

The post “හොරු රකින – හොරු හුරතල් කරන” වත්මන් පාලනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉක්මනින්ම තීරණයක් ගත යුතුයි!” -ජානිපෙ ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රොෂාන් රණසිංහ මහතා “ෂම්මි සිල්වා පමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් චෞර වළල්ලට” එරෙහිව ගත් ආදර්ශවත්, විශිෂ්ට ක්‍රියාමාර්ග දැඩි සේ අගය කරන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එසේ පැවසීය.

තම අපකීර්තිමත් දේශපාලන ඉතිහාසය නිසා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හෝ නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ බවත් පසුව ඊනියා ගෝල්ෆේස් අරගලයේ පිහිටෙන් හා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ කර මතින් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වූ බවත් ඔහුට අද වන විට අමතකව ඇතැයි ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

කෝප් කමිටුව මගින් ද විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වෙන වෙනම සිදු කළ විමර්ශනවලින් අනතුරුව නිකුත් කළ ස්වාධීන වාර්තා දෙකක් මගින් ද පෙන්වා දී තිබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් යනු හොර ගුහාවකි!” යන නිර්දේශය අනුව යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “සුද්ද කිරීමට” නිර්භීතව, එඩිතරව පියවර ගනිමින් සිටි රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා, අද තම විධායක බලතල යොදා ගනිමින් “පේළි දෙකේ ලිපියකින්” ගෙදර යැවීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ “හොරුන්ට විරුද්ධව කට හොල්ලන්න එපා! එහෙම වුණොත් දොට්ට දමනවා!” යන්න යැයි සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා “ශ්‍රී ලංකා ක්‍රිකට් හොර ගුහාව සුද්ද කළ යුතු බවට” ගත් තීරණය මුළුමහත් පාර්ලිමේන්තුවම ඒකච්ඡන්දයෙන් අනුමත කර තිබියදී එයට පයින් ගසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අද “ශම්මි සිල්වා හුරතල් කිරීම” ජනතා පරමාධිපත්‍යයට එල්ල කළ මරු පහරක් බව ද සමරවීර මහතා මෙහිදී කීය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Facebooktwitterredditpinterestlinkedinmail

The post “හොරු රකින – හොරු හුරතල් කරන” වත්මන් පාලනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉක්මනින්ම තීරණයක් ගත යුතුයි!” -ජානිපෙ ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
https://jnpsrilanka.lk/%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%94%e0%b6%bb%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/feed/ 0
“ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ https://jnpsrilanka.lk/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%85/ https://jnpsrilanka.lk/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%85/#respond Sun, 12 Nov 2023 07:54:51 +0000 https://jnpsrilanka.lk/?p=12728 ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ජනාධිපතිවරණයේ දී තම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීමට ගත හැකි නිවැරදිම පියවර ගැනීමට උත්තර ලංකා සභාගය සූදානම් බවත් […]

The post “ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ජනාධිපතිවරණයේ දී තම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීමට ගත හැකි නිවැරදිම පියවර ගැනීමට උත්තර ලංකා සභාගය සූදානම් බවත් කිසිවෙකුත් ඒ පිළිබඳව කිසිදු චකිතයක් තබා නොගත යුතු බවත් එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

රටට බිහිසුණු ඉරණමක් අත් කර දුන් සාම්ප්‍රදායික මොඩලය පසෙක දමා, මේ පොළොව ඉල්ලා සිටින සැබෑ ප්‍රතිපත්තියක්, සැබෑ වැඩපිළිවෙළක් හා සැබෑ නායකත්වයක් සහිතව මේ තීරණාත්මක කඩඉම පසු කිරීමට උත්තර ලංකා සභාගය සූදානම් බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඊයේ(11) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවති උත්තර ලංකා සභාගයේ විරෝධතා සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අමතමින් එහි සභාපතිවරයා ඉහත අදහස් පළ කළේය.

වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අමතා උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම් යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් සංජීව ධම්මික යන මහත්වරු ද උත්තර ලංකා සභාගයේ අනුශාසක විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ද අදහස් දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අප මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කළේ රට තුළ ප්‍රවර්ධනය වෙමින් පවතින අවදානම පිළිබඳව පොදු මහජනතාව දැනුම්වත් කිරීම ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපගේ යුතුකමක් සහ වගකීමක් වන නිසයි. අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අර්බුදකාරි මොහොත පාවිච්චි කරමින් ඉන්නේ, දිගු කාලයක සිට ඔහු අතේ පවතින ‘රටට අහිතකර න්‍යාය පත්‍රය : රිගේනින් ශ්‍රී ලංකා සැලැස්ම’ දිගේලි කිරීමටයි.

‘රිගේනින් ශ්‍රී ලංකා’ යළිත්…

ඔබ දන්නවා, ‘රිගේනින් ශ්‍රී ලංකා සැලැස්ම’ මීට ඉහත දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ ආණ්ඩුව තුළ තිබුණා. එම සැලැස්ම ඇතුළේ ‘රාජ්‍ය ආයතන විකුණාගෙන කන්නේ කොහොමද? රටේ ස්වෛරිත්වය බිඳවට්ටන්නේ කොහොමද?’ යන කාරණා ඇතුළත් වුණා. දැන් මේ මුළුමහත් සමාජය වෙළාගත් දරුණු ආර්ථික අවපාතය, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාවිච්චි කරමින් ඉන්නවා, මීට කලින් අතේ තිබුණත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ මේ රටේ අනාගත පැවැත්මට ඉතාමත් හානිකර ඒ පරගැති සැලැස්ම දිගේලි කරන්න.

“ෂොක් ට්‍රීට්මන්ට් එක”

තවත් පැත්තකින් කියන්න පුළුවන් ‘මේක අපේ මුළුමහත් සමාජයටම ෂොක් ට්‍රීට්මන්ට් එකක්(Shock Treatment) දෙමින් ඉන්න වෙලාවක්’ කියා. කවුරුත් ‘තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාම’
යන දුෂ්කර ‘කඹයෙන්’ ගැට ගහලා තියෙන, කාටත් රටක්, ජාතියක්, අනාගතයක් ගැන කල්පනා කිරීමට ඉඩකඩ අහිමි වෙලා තිබෙන වෙලාවක තමයි ‘ෂොක් ට්‍රීට්මන්ට් එක’ දෙන්නේ. මුළුමහත් සමාජයක් ෂොක් ට්‍රීට්මන්ට් එකකට ගොදුරු වුණාම ‘වෙන්නේ මොකක්ද?’ කියලා හිතන්න ඕනෑකමක්, රුදාවක් නැති වෙලා යනවා. බලන්න, දුම්රිය දෙපාර්තමේන්තුවේ සිගරට් එකක් මුල්කරගත් ප්‍රශ්නයක් නිසා හදිසි වර්ජනයක් පටන් ගන්නවා. ෂොක් ට්‍රීට්මන්ට් එකට ගොදුරු වී සිටින, දුම්රිය වර්ජනය නිසා දුම්රිය නැතුව ස්ටේෂමේ සිටින දුම්රිය මගියා කියන්නේ ‘මේක විකුණලා දාන්න ඕනේ’ කියලයි. ඒ වර්ජන ක්‍රියාමාර්ගයයි, ඒකට මගියා දක්වන ප්‍රතික්‍රියාවයි දෙකම එකතු වෙලා අන්තිමට එළියට එන්නේ ආණ්ඩුවට ඕනෙ කතාව.

අද බලශක්තිය, දේශපාලන “ටූල්” එකක්!

ඒ වගේම අපි දන්නවා ලිට්රෝ සමාගම කියන්නේ පාඩු ලබන රාජ්‍ය සමාගමක් නොවන බව. එමගින් බිලියන 6ක පමණ ලාභාංශයක් මහා භාණ්ඩාගාරයට දෙනවා. අද මේ ආණ්ඩුව ඒක ‘ගෙඩිය පිටින් දෙන්න’ ගැනුම්කරුවකු එනතුරු බලා ඉන්නවා. මේක ඉතාමත් බරපතලයි. බලශක්තිය හා බැඳුණු ආයතන ඉවක් බවක් නැතිව විදේශීයකරණය කළාම මේ රටේ දේශපාලන ස්වාධිපත්‍යයට බරපතළ අවදානමක් අනාගතයේ දී ඇති වෙනවා. නිදසුනක් ලෙස සිකීමය දෙස බලන්න. සිකීමය එක වෙලාවක ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් සම්මත කරගන්න හදනවා, චීනය සමග එකතු වීමට. මේක දැනගත් වහාම ඉන්දියාව එම යෝජනාව සිකීමයේ පාර්ලිමේන්තුවට එන්න කලින් තමන්ගෙන් විදුලිය හා ගෑස් ලබාගන්නා සිකීමයට එම සැපයුම් නතර කරනවා. එතැනදී බලශක්ති සැපයුම ඉදිරියට දමලා ඉන්දියාව තමන්ට වුවමනා දේ කරගන්නවා. ගෝඨාභය රාජපක්ෂ පාලනයට මෙවැනි ඉරණමක් අත්වීමට ගොඩක් හේතු තිබුණත් ඒ අතරේ ‘ගෑස් ටැංකි පුපුරන එක’ ආසන්නතම හේතුවක් වුණේ නැද්ද? රනිල් වික්‍රමසිංහ ආවාට පස්සෙ එක ගෑස් ටැංකියක්වත් පුරන්නේ නැහැනේ. ඒ නිසා තේරුම් ගන්න, අද බලශක්තිය කියන්නේ දේශපාලන ටූල් එකක්. යම් රටක තමන් අකමැති පාලනයක් නම් තිබෙන්නේ එක පෙරළා දමන්න මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්.

ඉන්දියාව අතට යන මිල්කෝ

අද මේ රාජ්‍යය සතු ඉතාමත් වටිනා සම්පතක් වන මිල්කෝ සමාගම ඉන්දියාවේ රාජ්‍ය සමුපකාර සමාගමක් වූ අමූල් සමාගමට දෙන්න හදනවා. අපි දන්නවා මිල්කෝ කියන්නෙත් පාඩු ලබන, හොම්බෙන් යන රාජ්‍ය සමාගමක් නොවෙයි කියා. දැන් බලන්න, ඉන්දියානු රාජ්‍ය සමුපකාර සමාගමකට ලංකාවට ඇවිත් මිල්කෝ සමාගම පවත්වාගෙන යන්න පුළුවන්; නමුත් අපට බැහැ. මේ ආණ්ඩුව අද මේ අර්බුදය පාවිච්චි කරනවා රාජ්‍යය සතු සංවේදී ආයතන සියල්ල විදේශිකයන්ට දීලා, ඒකෙන් ‘අතයට කුට්ටියක්’ අරන් සෑහීමට පත්වෙන්න. ඒ කරලා ඔවුන් ජනතාවට කියනවා, ‘මේවා අපට පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා පෞද්ගලීකරණයට යන්න වෙනවා. රාජ්‍ය වියදම වැඩියි නේ’ කියා. රාජ්‍ය වියදම අඩු කරගන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන් කාලා ද?

හරි ප්‍රතිපත්තියක හිටගත්තොත්…

දැන් බලන්න, ‘එක් තීරයක් – එක් මාවතක්’ ජාත්‍යන්තර ව්‍යාපෘතිය හා බැඳුණු ඉතියෝපියාව වසර පහක පමණ කාලයක් තුළ ඉතාමත් විශාල සංවර්ධනයක් ලබාගන්නවා. ඒ රටේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට අද විදුලි දුම්රිය පවා යොදා ගැනෙනවා. ඒ වගේම ගෝත්‍රික මරාගැනීම් පවා තිබුණු රටක් වූ රුවන්ඩාව ද අද වනවිට විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. එම රටවල් කෙලින් හරි ප්‍රතිපත්තියක හිටගත්තු නිසා, ඒ ප්‍රතිපත්තිය මත ඉඳගෙන නිවැරැදි තීන්දු ගත්තු නිසා අද එවැනි ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.

ඉන්දියාව 05 වැනි ආර්ථික බලවතා වූ හැටි!

අද ඉන්දියාව ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්ව සිටිනවා. නමුත් 1991 වන විට ඉන්දියාවේ තිබුණේ සතියකට අවශ්‍ය සංචිත ටික විතරයි. ඒ කියන්නේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා සතියකට සෑහෙන්න මුදල පමණයි ඉන්දියාවේ සංචිතවල තිබුණේ. අද අපි මුහුණ පා සිටින අර්බුදයට සමාන හෝ ඊටත් වඩා වැඩි ආර්ථික අර්බුදයකටයි ඉන්දියාව 1991දී මුහුණ දුන්නේ. එවකට ඉන්දියානු අගමැති වජ්පායි මහතා, ඉන්දියානු ආර්ථික විශේෂඥයෙකු වූ මන්මෝහන් සිංට මුදල් අමාත්‍ය ධුරය දුන්නා. ඉන්දියාව එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් ඒ සඳහා අවශ්‍ය සැලසුම හැදුවේ මන්මෝහන් සිං ප්‍රමුඛ ඉන්දියානු ආර්ථික විශේෂඥ කණ්ඩායම විසිනුයි. ඔවුන් හදපු සැලැස්මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමයි එදා ඉන්දියාව කළේ. ඉන්දියාව එදා ගත්තු දිගුකාලීන ආර්ථික මූලෝපායික තීරණ නිසා තමයි අද ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්ව සිටින්නේ. නමුත් මේ රටේ පාලකයන් ගනිමින් සිටින්නේ, අපි අද සිටින්නේ ‘හතරගාතෙන් වැටිලා’ නම්, හෙට ‘හොම්බෙන් යෑමට’ සිදු වන තීන්දුයි. එහෙම තැනකට රට ඇදලා දමන සැලැස්මක් තමයි මේ අයට ඇත්තේ.

රටම බද්දේ ගොදුරක් බවට…

ලබන අවුරුද්දෙ වැට් බද්ද සියයට 18ක් කිරීමට සූදානම් වන ආණ්ඩුව, බදු නොගෙවා පැහැර හරින අයගේ ෆයිල් හොයාගෙන ඒවා අය කරගන්න බලන්නේ නැහැ. ලේසිම වැඩේ තමයි රටේ සියලුදෙනාම බද්දේ ගොදුරක් බවට පත්කිරීම. ලබන අවුරුද්ද කියන්නේ බදු බර තව වැඩි වන අවුරුද්දක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා තව දවස් කීපයකින් මුදල් ඇමැතිවරයා හැටියට උජාරුවට අයවැය අරගෙන පාර්ලිමේන්තුවට එනවා. ඒකෙ වෙන කිසිවක් නැහැ. තිබෙන්නේ බදු කොහොමද තව වැඩි කරන්නේ? ජනතාව කොහොමද තව තවත් පීඩාවට පත් කරන්නේ? කියන එක විතරයි. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් තුන්වැනි ණය වාරිකයත් ගත්තාම අපිට පුළුවන් ආයෙත් ණය ගන්න. එහෙම අරන් ජනාධිපතිවරණය කිට්ටු කරලා කෙටිකාලීන සහන ටිකක් දීලා, අපි තමයි වැඩ්ඩෝ කියලා පෙන්නුවාම හරි’ වැනි ඉතාමත් පටු අරමුණකින් යන ගමනක් තමයි මේ පාලකයන්ට තිබෙන්නේ. අද මේ ඉතාමත් පටු අරමුණකින් ගැන ගමනට කිසිදු විචාර බුද්ධියකින් තොරව අත් ඔසවන තැනකට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැටිලා තිබෙනවා.

“දකුණු ආසියාවේ එකම රට : මහා භාරතය?”

අප ඉහත කී බොහෝ ලාභ ලබන රාජ්‍ය ආයතන මිලදී ගැනීමට සූදානම්ව සිටින්නේ ඉන්දියානු සමාගම් විසිනුයි. දැන් බලන්න, ඉන්දියානු මුදල් ඇමැතිවරිය පසුගියදා ලංකාවට ආවා. ඇය ජයසිරි මහා බෝ සමිදුන්, දළදා හාමුදුරුවන් වැඳ පුදා ගත්තා, මහනායක හිමිවරුන් බැහැ දුටුවා. එහි වරදක් නැහැ. නමුත් මීට කලින් එහෙම කරනවා අපි දැකලා නැහැ. ඒ අතරේ දැන් ඉන්දියාව අපට කියනවා, ‘යාත්‍රා සේවයක් තිබෙනවා ඉන්දියාවට ගිහින් දවසින් එන්න පුළුවන්. චිත්‍රපටියක් බලලා, සාරියකුත් ගන්න පුළුවන්, කියලා. ඉන්දියාව විශ්වාස කරනවා, ‘දකුණු ආසියාවේ තිබිය යුත්තේ එකම රටයි. ඒ තමයි මහා භාරතය. ලංකාව ඇතුළු අනෙක් රටවල් මහා භාරතයේ කොටස්’ කියා. ඉන්දියාව මේ මානසිකත්වය ඇතුළේ ඉඳගෙන, අපේ මේ ආර්ථික අර්බුදය මැද්දේ, ඔවුන්ගේ අරමුණ ඉටුකර ගන්න බලනවා.

රනිල්ගේ ‘වහ බෝතලය’ එපා!

අපට ජාතියක් ලෙස දශක තුන හතරක් තිස්සේ දිගේලි වුණු යුද්ධයකින් එළියට එන්න පුළුවන් වුණා. ඒ මහා බිහිසුණු අවධිය පසු කරලා මේ රට යළි සුරක්ෂිත රටක් බවට පත් කිරීමට පුළුවන් වුණා. ඒ නිසා අපේම වූ සැලැස්මකින් – න්‍යාය පත්‍රයකින් මේ ආර්ථික වළෙන් ගොඩඑන්න පුළුවන්. එහෙම නැතුව වික්‍රමසිංහ ආණ්ඩුව ‘තිත්ත කසාය කියා අපට පොවන වහ බෝතලයට’ අපි තවදුරටත් ඉඩ තැබිය යුතු නැහැ.

නිවැරදිම පියවර…

ඒ වගේම අපි අවධාරණය කරනවා, ‘උත්තර ලංකා සභාගය ඉදිරි ජනාධිපතිවරණයේදී අප අදහන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න ගතහැකි නිවැරදිම පියවර ගන්නවා. ඒ ගැන තමුන්නාන්සේලා කිසිදු සැකයක් තියාගන්න එපා!’ කියලා. මේ රට ගැන හැඟීමක්, දැනීමක් නැති පරාධීන නායකයන්ගෙන් මේ රටට බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි බිහිසුණු ඉරණමක් පමණයි.

ඒ නිසා ඒ සාම්ප්‍රදායික මොඩලය පැත්තකට දමලා මේ පොළොව ඉල්ලන විදිහේ සැබෑ ප්‍රතිපත්තියක්, සැබෑ වැඩපිළිවෙළක්, සැබෑ නායකත්වයක් ඇතුව මේ තීරණාත්මක කඩඉම පසු කරන්න උත්තර ලංකා සභාගය සූදානම්”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-11-12

Facebooktwitterredditpinterestlinkedinmail

The post “ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
https://jnpsrilanka.lk/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%85/feed/ 0
ටොස් එක දින්නත් ඔයාලා බෝල් කරන්න… මහේල ගහපු මැච් එක ගැන විමල්ගෙන් හෙළිදරව්වක්… https://jnpsrilanka.lk/%e0%b6%a7%e0%b7%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%94%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd/ https://jnpsrilanka.lk/%e0%b6%a7%e0%b7%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%94%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd/#respond Tue, 07 Nov 2023 12:59:52 +0000 https://jnpsrilanka.lk/?p=12723 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයේදී “ටොස් එක […]

The post ටොස් එක දින්නත් ඔයාලා බෝල් කරන්න… මහේල ගහපු මැච් එක ගැන විමල්ගෙන් හෙළිදරව්වක්… appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයේදී “ටොස් එක දින්නත් බැට් කරන්න එපා! එයාලට බැට් කරන්න දෙන්න!” කියා ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට ලබාදී තිබූ “ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පවා ඒ මොහොතේ පුදුමයට පත්කළ උපදෙස” පිළිබඳව ද එවැනි තීන්දු පිටුපස තිබෙන කතාව කෙරෙහි ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැකගත යුතු යැයි කියා සිතන සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද(07) පාර්ලිමේන්තුවේ දී මෙරට “ක්‍රිකට් අවුල” පිළිබඳව සුවිශේෂ අනාවරණයක් සිදු කරමින් ඒ මහතා එසේ අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

‘ක්‍රිකට්’ අපේ ලේවල උරුමයක්!

“බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබූ එක් එක් දේ අතුරින් මේ රටට හොඳටම අවශෝෂණය කරගත්තු දෙය තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. වර්තමානය වන විට ඒක අපේ ලේවල උරුමයක් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා සමහර රටවල ක්‍රිකට් තරග පැරදුනාම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනි තියෙනවා. අපේ රටේ ප්‍රේක්ෂකයෝ ඒ වගේ අශිෂ්ට ප්‍රතික්‍රියාවක් දක්වන්නෙ නැහැ .නමුත් අපේ ක්‍රිකට් කණ්ඩායම ‘ෆේල්’ වන විට ඒ පිළිබඳව වේදනාව මේ රටේ ප්‍රේක්ෂකයන් තුළ නිරායාසයෙන්ම ඇති වෙනවා. ඔවුන් එය පිටකරන ආකාරය අනෙක් රටවල ප්‍රේක්ෂකයන්ට වඩා වෙනස්. ඒ අපේ ප්‍රේක්ෂකයන් තුළ තිබෙන ඉහළ ගුණාත්මකභාවය, ක්‍රිකට්වලින් විවිධ ආකාරයේ ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ඇතැමුන් පාවිච්චි කරනවා. ඒ අනුව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ඔබතුමාට අද ක්‍රිකට් පාලක මණ්ඩලයට විශාල චෝදනා මාලාවක් එල්ල කිරීමට සිදු වූයේ. ‘එම චෝදනාවලට ක්‍රිකට් පාලක මණ්ඩලය සමස්තයක් ලෙස වගකිව යුතු ද, දෙතුන් දෙනෙකු ද වගකිව යුත්තේ’ කියන්න අපි දන්නේ නැහැ. කෙසේ නමුත් එම චෝදනා ඉතාමත් බරපතල ඒවායි.

අද ICC ඉන්දියාවේ දේපළක්!

අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ඉන්දියාවේ දේපළක් බවට පත්ව තියෙනවා. බලන්න, මෙවර එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් දිනය යෙදී ඇති දිනයේදීයි. ඒ වගේම ඒ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ද එතූමාගේ ගමේමයි. මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී තාක්ෂණ ක්‍රමවේද භාවිතා කර ලබාදුන් තීන්දු සම්බන්ධයෙන් බරපතළ මතභේද ඇතිව තියෙනවා. පිටියේ සිටින විනිසුරුවරයා ‘අවුට්’ කියා තීන්දුව දුන්නාම තාක්ෂණ ක්‍රමවේදය මගින් පෙන්වනවා ‘නොට් අවුට්’ කියා. අද මෙම කරුණු ලෝකය පුරාම විශාල වශයෙන් අවධානයට ලක්වෙලා තියෙනවා.

‘මහේලගේ පුදුම උපදෙස’

ක්‍රීඩා අමාත්‍යතුමනි, මට මෙතැනදී පෙන්වා දෙන්න ඕනේ, ‘ක්‍රිකට් පාලක මණ්ඩලය පමණක් නොවෙයි තිබෙන එකම අවුල. ලොකුම අවුල තිබෙන තැන වන්නේ තේරීම් කමිටුවයි’ කියා. මෙතැනදී මම පෞද්ගලිකව දන්නා කාරණාවක් රට හමුවේ තබනවා. ඔබට මතක ඇති, අපේ කණ්ඩායම ඉන්දියාව සමග තිබූ තරඟයේ දී ‘ටොස් එක’ දින්නා. නමුත් මහේල ජයවර්ධන කණ්ඩායමේ නායකයාට උපදෙස් දී තිබුණා, ‘ටොස් එක දින්නත් බැට් කරන්න එපා! එයාලාට බැට් කරන්න දෙන්න!’ කියා.(මහේල ජයවර්ධන කියන්නේ මේ රටේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු සමග කිසිදු පෞද්ගලික ආරෝවක් මට නැහැ.) මේ තීන්දුව සම්බන්ධයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු ඉදිරිපෙළ ක්‍රීඩකයන් කියනවා, ‘අපි පුදුම වුණා, අපි ටොස් එක දින්නත් අපි හිටියේ බැට් කරන්න’ කියලා. මේ වගේ තීන්දු පිටුපස තිබෙන කතා මොනවා වෙන්න පුළුවන්ද?

ක්‍රිකට් ‘මහත්වරුන්ගේ ක්‍රීඩාවක්’ නම්…

අද එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක් හැරුණාම ඉන්දියාව ක්‍රිකට් ලෝකය පුරා ඉතා විශාල ආධිපත්‍යයක් පතුරුවා තිබෙනවා. මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියට අදාළ සමාරම්භක උත්සවයක් නොපවත්වා පසුව එවැනි උත්සවයක් ‘ඉන්දියා – පාකිස්ථාන්’ තරඟය පැවති දිනයට ගෙන ආවා. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නම්, තරඟාවලියක් පවත්වන රට එහිදී තම ශක්තිය, බලය පෙන්වීම කිසිසේත්ම සුදුසු නැහැ. ඒ නිසා අපි අද එම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

ඔබතුමා දැන් නව තේරීම් කමිටුවක් පත් කළ විගසම ICC එක කියයි, ‘අපි ලංකාවට ක්‍රිකට් තහනමක් පනවනවා’ කියා. එහෙම වෙන්නේ මම ඉහතදීත් පෙන්වා දුන් පරිදි අද ICC එක පාලනය කරන්නේ ඉන්දියාව නිසයි. අද මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව පාලනය කරන්නේ ද වෙන කවුරුත් නොවෙයි ඉන්දියාවයි. දැන් බලන්න එක පාරටම ක්‍රිකට් ක්‍රීඩකයන් හැලෙන්නේ කොහොමද? ඔවුන් වෙනුවට ඇතුළට එන්නේ ඊට වඩා දක්ෂ ක්‍රීඩකයන් ද? ඊට තිබෙන තර්කානුකූල පදනම කුමක්ද? මහේල ජයවර්ධන ‘ටොස් එක දින්නත් බැට් කරන්න ඉන්දියාවට දෙන්න’ කියන්නේ ඇයි?

‘කෝලි කියපු බව්වාගේ කතාව’

ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය එහෙට මෙහෙට කරලා විතරක් හරියන්නෙ නැහැ. මේක ඊට වඩා එහාට ගිය, ව්‍යාප්ත වුණු බරපතළ අවුලක්. මම දැක්කා, ඉන්දියාවේ වාර්තා තියපු ක්‍රිකට් ක්‍රීඩකයා විරාට් කෝලි සම්මුඛ සාකච්ඡාවකදී එයාගෙ සාර්ථකභාවයට හේතු වූ නම් තුනක් කියනවා.. එක්කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්ය මණ්ඩලයේ හිටපු ශ්‍රී ලාංකිකයෙක්. එයාගේ නම නුවන් සෙනෙවිරත්න; ‘පෙට් නේම් එක’ තමයි ‘බව්වා’ කියන්නේ. පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්ය මණ්ඩලයේ සිටියදී ඔහු සුපිරි වේගපන්දු යවන්නන්ට මුහුණ දිය හැකි ආකාරය පුහුණු විය හැකි අන්දමට, සුපිරි වේගයකින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුව විසි කිරීමේ කටයුත්ත කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව අහිමි කරගත්තා. පසුව ඉන්දියාව ඔහුගේ හැකියාව දැකලා, ඉහළ වටිනාකමක් දෙමින් ඔහු ඔවුන්ගේ පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ කර ගත්තා. අද ‘බව්වා’ කියන්නේ විරාට් කෝලි ආපු වාර්තාගත ගමනේ ඔහුගේ ස්තුතියට පාත්‍ර වන තුන්දෙනාගෙන් එක් අයෙක්. අපට තියෙන වටිනා සම්පත් එකඑකාට ඩැහැගන්න දීලා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්න බැහැ.

එක් අයෙකු මත පමණක් යැපෙන්න එපා!

ක්‍රීඩා අමාත්‍යතුමනි, ඔබතුමා මෙවර පත්කළ අතුරු පාලක මණ්ඩලය තුළ ඉන්නේ ජාත්‍යන්තර අත්දැකීම් බහුල එක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණයි. අනෙක් අය විශ්‍රාමික විනිසුරුවරුන් ඇතුළු පිරිසක්. මට තේරෙන්නේ නැහැ, ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්නේ කෙසේද? කියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති වංචා, දූෂණ හොයන්න වෙනම විනිශ්චකාරවරුන්ගෙන් සමන්විත කමිටුවක් දාගන්න. අර්ජුන රණතුංග කියන්නේ මේ රටට ලෝක කුසලානය දිනා දීමට මුල් වූ නායකයකු තමයි. නමුත් මම කියන්නේ, එක් අයෙකු මත පමණක් යැපෙන යන්න එපා! කියලයි.

වහාම පනත සංශෝධනය කරන්න!

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මේ අවස්ථාවේදී මම ඉල්ලනවා, ‘ක්‍රිකට් පාලක මණ්ඩලය තෝරා පත් කරගන්න බෝඩ්ලෑලිවලට පමණක් සීමා වූ ක්‍රීඩා සමාජ හැටහුටහමාරක ඡන්දය ඕනෙ නැහැ. ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් කියන්නේ කුමක්ද, ඊට අදාළ නීතිමය පදනම කුමක්ද, කියා හරියටම දක්වන්න. මේ සියල්ල කිරීමට වහා ක්‍රීඩා පනත සංශෝධනය කරන්න.’ කියා. මම කියන්නේ නැහැ ඇමතිවරුන් පත් කරන සභාපතිවරුන් පමණයි වැදගත් කියා. ඡන්දයෙන් පත් කරන සභාපතිවරුන් තමා වැදගත්. නමුත් තෝරා පත්කරන ක්‍රමවේදය නම් වහාම වෙනස් කළ යූතුයි. ‘අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලට යන්න නොදී ආරක්ෂා කර ගන්න සැමවිටම අපේ සහයෝගය ලැබෙන බවත් මෙහිදී අවධාරණය කරනවා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-11-07

Facebooktwitterredditpinterestlinkedinmail

The post ටොස් එක දින්නත් ඔයාලා බෝල් කරන්න… මහේල ගහපු මැච් එක ගැන විමල්ගෙන් හෙළිදරව්වක්… appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
https://jnpsrilanka.lk/%e0%b6%a7%e0%b7%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%94%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd/feed/ 0
ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්! https://jnpsrilanka.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%80%e0%b6%82%e0%b7%81-2/ https://jnpsrilanka.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%80%e0%b6%82%e0%b7%81-2/#respond Thu, 02 Nov 2023 14:21:36 +0000 https://jnpsrilanka.lk/?p=12716 උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. […]

The post ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්! appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අතර විශේෂ හමුවක් අද(02) කොළඹ පිහිටි මෙරට රුසියන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී විරවංශ මහතා සහ රුසියන් තානාපතිවරයා දෙරටෙහි වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳවත් නව ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳවත් පැය දෙකකට අධික කාලයක් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ.

මෙම විශේෂ හමුව අවසානයේ දී විමල් වීරවංශ මහතා විසින් ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි රුසියන් පරිවර්තනයෙහි පිටපත් රුසියන් පාඨකයන් සඳහා ලබා දීම පිණිස තානාපතිවරයාට සංකේතාත්මකව පිළිගැන්වීම ද සිදු විය.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-11-02

Facebooktwitterredditpinterestlinkedinmail

The post ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්! appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
https://jnpsrilanka.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%80%e0%b6%82%e0%b7%81-2/feed/ 0
“ලොකු අයියලාගේ” බලපෑමට “ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන” පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබාගන්න හැකි වේ යැයි අප විශ්වාස කරන්නේ නැහැ! -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ https://jnpsrilanka.lk/%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%91%e0%b6%b8%e0%b6%a7-%e0%b6%af%e0%b7%8a%e0%b7%80/ https://jnpsrilanka.lk/%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%91%e0%b6%b8%e0%b6%a7-%e0%b6%af%e0%b7%8a%e0%b7%80/#respond Wed, 25 Oct 2023 09:57:02 +0000 https://jnpsrilanka.lk/?p=12712 “අසල්වැසි ලොකු අයියාගේ” සහ “ඈත සිටින බටහිර ලොකු අයියාගේ” බලපෑමට, ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩ කරන, වැරදිසහගත විදේශ ප්‍රතිපත්තියක සිටින පාලනයකට […]

The post “ලොකු අයියලාගේ” බලපෑමට “ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන” පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබාගන්න හැකි වේ යැයි අප විශ්වාස කරන්නේ නැහැ! -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
“අසල්වැසි ලොකු අයියාගේ” සහ “ඈත සිටින බටහිර ලොකු අයියාගේ” බලපෑමට, ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩ කරන, වැරදිසහගත විදේශ ප්‍රතිපත්තියක සිටින පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට හැකිවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් නමුත් සෘජු විදේශ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන ඉතියෝපියාව, රුවන්ඩාව වැනි අප්‍රිකානු රටවල් පවා චීනයේ “එක් තීරයක් සහ එක් මාවතක්” ව්‍යාපෘතිය(BRI) හා බැඳෙමින් විශාල ආර්ථිකමය සහ සමාජමය සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

චීනයේ බීජිං නගරයේ පැවති “ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)” සහභාගි වීමෙන් අනතුරුව ඊයේ(24) ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ පැවසීය.
ඒ මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේය.

🔴 චීනයේ සංචාරය කළේ කවර අරමුණින් ද?

අපට චීන රජයෙන් ලැබුණු විශේෂ ඇරයුමක් අනුවයි සංචාරය කළේ. ඔබ දන්නවා චීන රජය ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ඇරැඹූ “එක් තීරයක් සහ එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative – BRI)” පිළිබඳව. එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ද රාජ්‍යයක් ලෙස බැඳුණු ව්‍යාපෘතියක්. එම ව්‍යාපෘතියට වසර 10ක් පිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ”ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)” සමුළුවට සහභාගි වීමටයි අපට ඉහත ඇරයුම ලැබුණේ. දේශපාලන පක්ෂ නායකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු එම ඇරයුමෙන් එම සමුළුවට සහභාගී වීමට හා සමුළුවෙන් පරිබාහිරව පැවති යම් යම් අධ්‍යයන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට මෙහිදී අපට අවස්ථාව ලැබුණා.

🔴 මෙම සංචාරය සඳහා ඔබ ජනාධිපතිවරයා සමග එකම ගුවන් යානයක ගමන් ගත් බව කියැවෙනවා…

මම මෙම සංචාරයට යන්නේ කුමන ගුවන්යානයක ද, කියන එක තීරණය කළේ ඊට අනුග්‍රාහකත්වය දැක්වූ රටයි. එකම ගුවන් යානයක මගේ මිතුරන්, සතුරන්, දන්නා අය, නොදන්නා අය සියලුදෙනා ඉන්න පුළුවන්නේ. ඒක මට අදාළ නැහැ. ජනාධිපතිවරයාට ඇරයුම ලැබුණේ BRI ව්‍යාපෘතියට සම්බන්ධ රටක රාජ්‍ය නායකයා ලෙසයි. නමුත් මට මේ ඇරයුම ලැබුණේ වෙනම. ඒ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙසයි. මෙහිදී අපට අදාළ වැඩසටහන් සහ ජනාධිපතිවරයාට අදාළ වැඩසටහන් වෙන වෙනමයි පැවැත්වුණේ.

🔴 මෙම සමුළුව අපේ රටට වැදගත් වෙන්නෙ කොහොමද?

ශ්‍රී ලංකාව පමණක් නොවෙයි පැරණි සේද මාවත(Silk Road) නියෝජනය කරන බොහෝ රටවල් ඉහත කී BRI ව්‍යාපෘතියට සම්බන්ධයි. ඉතියෝපියාව වැනි රටවල් පමණක් නොවෙයි ඇතැම් යුරෝපා රටවල් ද මෙම ව්‍යාපෘතිය හා බැඳී සිටිනවා. මෙම ව්‍යාපෘතිය මගින් සිදු වන්නේ සේද මාවතේ පිහිටි රටවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙනඒම. නිදසුනක් ලෙස ඉතියෝපියාව අද එම ජාත්‍යන්තර සහයෝගයේ ප්‍රතිඵල හොඳින් භුක්ති විඳිනවා. මෙම සමුළුවේ ප්‍රධාන සැසිවාරයේදී ඉතියෝපියාව නියෝජනය කරමින් පැමිණි එහි අග්‍රාමාත්‍යවරයා කතාවක් ද සිදු කරනු ලැබුවා. නමුත් කනගාටුයි, එම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එම අවස්ථාව ලැබුණේ නැහැ. එම ව්‍යාපෘතිය අරඹා වසර දහයක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ පෙනෙනවා, ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලු රටවල විශාල ආර්ථික වර්ධනයක් සිදුව ඇති බව.

🔴 මෙවර සමුළුවෙන් ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත් වුණා ද?

මම දන්නා විදිහට මේ සමුළුවෙන් විශේෂ වාසියක් අත්කරගන්න මෙරට රාජ්‍ය නායකයාට හැකියාව ලැබුණේ නැහැ. කොහොමත් මම ගියේ දේශපාලන පක්ෂ නායකයෙකු ලෙසයි.

දැන් බලන්න, චීන රජය සහ අපේ රටේ ‘ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය(NARA) ගිවිසුම්ගත වෙලා තියෙනවා, අපේ සාගර කලාපයේ පත්ල ගවේෂණය කරන්න. ඒ ගිවිසුමට අනුව චීන නාවුක ගවේෂණ යාත්‍රාවක් ඔක්තෝබර් මාසයේ මුලදී පැමිණීමට නියමිතව තිබුණා. නමුත් කිසියම් රටක බලපෑම නිසා ශ්‍රී ලංකා රජය චීන රජයට කිව්වා, ‘මේ නැව එවන එක ප්‍රමාද කරන්න’ කියා. තුන්වැනි පාර්ශ්වයක බලපෑම මත ඒ ආකාරයට ද්විපාර්ශ්වික ගිවිසුමක් කඩ කරන, දියාරු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන පාලනයකට මම හිතන්නේ නැහැ, ‘චීනය වගේ රටකින් අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි’ කියලා.

අද ඔබ වැඩිදුරටත් හොයලා බලන්න, නිවැරදි විදේශ ප්‍රතිපත්තියක කෙලින් සිටින නිසා, ඉතියෝපියාව, රුවන්ඩාව ඇතුළු අප්‍රිකාවේ බොහෝ රටවල් ආර්ථිකමය සහ සමාජීය වශයෙන් විශාල දියුණුවක් ලබමින් සිටිනවා. ‘ළඟ ඉන්න ලොකු අයියා’ ඇස් දෙක ලොකු කරගත්තාම, මේ රටේ පාලකයන්ගේ කකුල් දෙක වෙවුලන්න පටන් ගන්නවා. ‘ඈත ඉන්න බටහිර ලොකු අයියා’ ‘පාට් එක’ දමපුවාමත් එයාලගේ කකුල් දෙක වෙවුලන්න පටන් ගන්නවා. එතකොට අපේ රටට සැබෑ මිත්‍රයෝ නැති වෙනවා. මේ ‘ලොකු අයියලා’ මිත්‍රයෝ කියලා හිතුවාට එයාලා බලන්නේ අපෙන් දෙයක් කඩාවඩා ගන්න මිසක් වෙන දෙයක් නෙවෙයි.

🔴 “නවය; සැඟවුණු කතාව”, ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව ලියවුණු විමර්ශනාත්මක කෘතිය චීන බසට පරිවර්තනය කිරීමේ අදහසක් නැද්ද?

දැනට මේ කෘතිය ඉංග්‍රීසි සහ රුසියානු භාෂාවලට පරිවර්තනය වී තිබෙනවා. ඉදිරියේදී තව භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

🔴 ඔබ මේ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණෙන විට මේ ආණ්ඩුව තෙවන වතාවටත් ලයිට් බිල වැඩි කරලා..

මතකයිනේ, ‘ලක් අම්මගෙ දරුවො ටික’ ‘ගාලුමුවදොර අන්තිම සටන’ කරලා රනිල් වික්‍රමසිංහ බලයට ගෙනාවා. ‘උඹලා මාව බලයට ගෙනවානේ. දැන් මම දෙන්නම් පරිප්පුව’ කියලා එයා දැන් වැඩ පෙන්වනවා. විදුලිබල මණ්ඩලයේ නාස්තිය වළක්වා ගන්න පියවර ගන්නේ නැහැ. මේ විදියට විදුලි බිල දිගින් දිගටම වැඩි කරලා මේ කරන්නේ, විදුලිබල මණ්ඩලය කෑලි හත-අටකට කඩලා විකුණාගන්න, විදුලි පාරිභෝගිකයා එකඟ කරවා ගැනීම. ඒ ‘විකිණීම’ සඳහා ඕන කරන ‘පීඩනයයි’ මේ දෙන්නේ. මේ විදුලි බිල වැඩි කිරීම පිටුපස තිබෙන කථාව මෙයයි.

🔴 “සෞඛ්‍ය ඇමති ඔළු මාරුවෙන්” සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳේවි ද?

මේ ගැන හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව පැවති විශ්වාසභංගය පිළිබඳ විවාදයේදිත් මම කිව්වා, ‘අපට කෙහෙළිය රඹුක්වැල්ල 01 යවලා, කෙහෙළිය රඹුක්වැල්ල 02 ගෙනඑන්න පුළුවන්. එයාවත් යවලා කෙහෙළිය රඹුක්වැල්ල 03 ගෙන එන්නත් පුළුවන්. එහෙම කළා කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය විසඳෙන්නේ නැහැ’ කියා. දැන් ‘රාජිත සේනාරත්න 01’ යවලා ‘රාජිත සේනාරත්න 02’ ගෙනාවානේ. රාජිත සේනාරත්න 02 කියන්නේ කෙහෙළිය රඹුක්වැල්ලටනෙ. ඔය කියන ඔළු මාරුවලින් පමණක් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැඹුරු පරිවර්තනයක් කරන්න පුළුවන් වෙයි, කියා මම විශ්වාස කරන්නේ නැහැ.

🔴 ඊශ්‍රායල – පලස්තීන ගැටුම අපේ රටට කරන බලපෑම කෙබඳු ද?

ලෝකයේ සෑම තැනකම සිදු වන තීරණාත්මක දේවල් අපටත් බලපානවා. ලෝක තෙල් මිල ඉහළ යෑමෙන් සිදුවන බලපෑම, විදේශ රැකියා අහිමි වන පිරිසගේ ප්‍රේෂණ අහිමි වීමෙන් සිදු වන බලපෑම ආදිය නිසා අපට විශාල කුණාටුසහගත අනාගතයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වේවි.

🔴 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊශ්‍රායල – පලස්තීන ගැටුම

සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය ගැන ඔබ දකින්නේ කෙසේද?
මට නම් පෙනෙන්නේ ජනාධිපතිවරයා ‘මම ඊශ්‍රායලයටත් නැහැ – පලස්තීනයටත් නැහැ’ වගේ ස්ථාවරයක ඉන්න බවයි. නමුත් යුද ගැටුමක් පවතින විට ‘මම දෙපැත්තටම නැහැ’ වගේ දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැහැ.

දැන් බලන්න, මුල් රාජ්‍යය පලස්තීනයයි. නමුත් ඊශ්‍රායලය කියන්නේ පසුව එතැන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කෘත්‍රිමව හදපු රාජ්‍යය. මෙතැන ‘දෙමළ ඊළම’ හැදුවා නම් අපිත් පලස්තීනයේ ඉරණමටම ලක් වෙනවා. කෙසේ වුවත් මෙහිදී ඓතිහාසික අසාධාරණය සිදු වී ඇත්තේ පලස්තීනයටයි. ඒ ඓතිහාසික අසාධාරණය නිවැරදි කරන ලෝකයක් නොවෙයි අද බලවත්ව ඉන්නේ. පලස්තීනය සම්පූර්ණයෙන් ලෝක සිතියමෙන් අතුගාලා දමලා ‘යුදෙව් ඊශ්‍රායලය’ බලසම්පන්න කිරීමේ බල මෙහෙයුමක් තමයි අද ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ.

🔴 නමුත් හමාස් සංවිධානයට නේද යුද ගැටුමේදී වැඩි චෝදනා එල්ල වෙන්නේ…

මෙවර යුද ගැටුම ආරම්භ කළේ හමාස් සංවිධානයනෙ. නමුත් හමාස් සංවිධානය කියන්නේ මුලින් ඊශ්‍රායල ඔත්තු සේවාව වන ‘මොසාඩ්’ විසින් මුදල් වියදම් කරලා හදපු එකක්. ‘මොසාඩ්’ හදපු ‘හමාස්’ දැන් එයාලාටම පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. එදා යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති හමුදාවට එරෙහිව මොසාඩ් එක තමයි හමාස් හැදුවේ. දැන් තමන් ‘කිරි පොවලා හදපු’ හමාස් එක තමන්ටම ගහනකොට ඒක අපිට කියලා වැඩක් නැහැ. හදපු අය ඒක බලාගන්න ඕනේ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-10-25

Facebooktwitterredditpinterestlinkedinmail

The post “ලොකු අයියලාගේ” බලපෑමට “ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන” පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබාගන්න හැකි වේ යැයි අප විශ්වාස කරන්නේ නැහැ! -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
https://jnpsrilanka.lk/%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%91%e0%b6%b8%e0%b6%a7-%e0%b6%af%e0%b7%8a%e0%b7%80/feed/ 0
විමල් චීනයේ පැවති 3 වැනි “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට(3rd BRF) සහභාගී වෙයි! https://jnpsrilanka.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b7%92-3-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%91%e0%b6%9a/ https://jnpsrilanka.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b7%92-3-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%91%e0%b6%9a/#respond Fri, 20 Oct 2023 16:53:40 +0000 https://jnpsrilanka.lk/?p=12699 චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 17-18 දෙදින චීනයේ බීජිං නුවර පැවති “ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් […]

The post විමල් චීනයේ පැවති 3 වැනි “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට(3rd BRF) සහභාගී වෙයි! appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 17-18 දෙදින චීනයේ බීජිං නුවර පැවති “ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)” උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී විය.

රාජ්‍ය නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් හා ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවට විමල් වීරවංශ මහතා සහභාගී වූයේ චීන රජයේ ඇරයුම පරිදිය. මෙවර BRFහි තේමාව වූයේ “උසස් තත්වයේ එක් තීරයක් – එක් මාවතක් සඳහා වූ සහයෝගීතාව : පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා එක්වෙමු!” යන්නයි.

මෙවර සමුළුව කැඳවා තිබුණේ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන චීනයේ ඉදිරි ආර්ථීක උපායමාර්ගය හා බැඳුණු “එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative)” අරඹා 2023 වසර වනවිට දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලැබීය. වසර දහයකට පෙර අරඹන ලද “එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය(BRI)” මහජන යහපත සඳහා වන සහයෝගීතා වේදිකාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගෙන ඇති බවත් එය ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රධාන සමුළු සැසිවාරය අමතමින් පෙන්වා දුන්නේය.

මෙහිදී විමල් වීරවංශ මහතා ප්‍රධාන සමුළු සැසිවාරයට මෙන්ම සෙසු විශේෂ සමුළු සැසිවාරයන් කිහිපයකට ද සහභාගී විය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-10-19

Facebooktwitterredditpinterestlinkedinmail

The post විමල් චීනයේ පැවති 3 වැනි “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට(3rd BRF) සහභාගී වෙයි! appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
https://jnpsrilanka.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b7%92-3-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%91%e0%b6%9a/feed/ 0
“ජනපති රනිල් ජනාධිපතිවරණයත් අතුරුදහන් කරන්නයි සූදානම් වෙන්නේ” – විමල් අනතුරු අඟවයි https://jnpsrilanka.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab/ https://jnpsrilanka.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab/#respond Mon, 16 Oct 2023 10:48:34 +0000 https://jnpsrilanka.lk/?p=12695 පළාත් සභා ඡන්දයත් පළාත් පාලන ඡන්දයත් අතුරුදහන් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ද අතුරුදන් කිරීමේ ඉඩකඩක් ඇති බවට […]

The post “ජනපති රනිල් ජනාධිපතිවරණයත් අතුරුදහන් කරන්නයි සූදානම් වෙන්නේ” – විමල් අනතුරු අඟවයි appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
පළාත් සභා ඡන්දයත් පළාත් පාලන ඡන්දයත් අතුරුදහන් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ද අතුරුදන් කිරීමේ ඉඩකඩක් ඇති බවට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.

බලගතු රටවල සියලුම උවමනාවන් ඉටු කර දීමේ පොරොන්දුව පිට ඔවුන්ගේ සහාය ඇතිව ව්‍යවස්ථාවට පටහැනිව හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටිය ඔස්සේ හෝ ජනාධිපතිවරණය ද අතුරුදහන් කොට දිගින් දිගටම රාජ්‍ය නායක පුටුවේ සිටීමේ සැලැස්මක් වත්මන් ජනාධිපතිවරයාට ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

මේ සියල්ල සිදු කරන්නේ බලගතු රටවල උවමනාවට නිසා අප නොසිතන අන්දමේ අඳුරු ඉරණමක් කරා මේ රට රැගෙන යෑමේ අවදානමක් ඇති බව ද වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ පසුගිය සිකුරාදා කොළඹ 07, ලයිට් හවූස් ශ්‍රවණාගාරයේ දී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේ) පැවති, ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව ඔහු රචනා කළ “නවය; සැඟවුණු කතාව” කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියන් පරිවර්තන එළිදැක්වීමේ උළෙලෙහි ප්‍රධාන දේශනය සිදු කරමිනි.

මෙහිදී රුසියානු පරිවර්තන කෘතිය, රුසියාවේ උසස් අධ්‍යාපනය ලැබූ වෘත්තීයවේදීනියක මෙන්ම සඟරා සංස්කාරකවරියක වන චින්තා සෙනෙවිරත්න මහත්මිය විසින් පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන කෘතිය ඇය විසින් මුල් කෘතියේ කතුවරයා වන විමල් වීරවංශ මහතාට පළමුව පිළිගන්වනු ලැබීය. දෙවනුව එම පරිවර්තන කෘතිය විමල් වීරවංශ මහතා විසින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ඉන් අනතුරුව ඉංග්‍රීසි පරිවර්තන කෘතියෙහි(NINE; THE HIDDEN STORY) පරිවර්තකවරිය, ප්‍රවීණ දේශපාලන විශ්ලේෂිකාවක සහ මාධ්‍යවේදිනියක වන ෂෙනාලි වඩුගේ මහත්මිය, මුල් කෘතියේ කතුවරයා විමල් වීරවංශ මහතා වෙත එම පරිවර්තන කෘතිය පිළිගන්වනු ලැබුවාය. පසුව විමල් වීරවංශ මහතා විසින් “Galle Face Protest : Systems Change or Anarchy” ගවේෂණාත්මක කෘතියේ කතුවර, ප්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙණිය මහතා වෙත එම පරිවර්තන කෘතිය පිළිගන්වනු ලැබීය.
මෙම පරිවර්තන කෘති එළිදැක්වීමේ උළෙලේ ආරාධිත දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා විසින් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණ සිටි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිළිගනු ලැබුවේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසිනි.
මෙම අවස්ථාවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andres Marcelo Gonzalez Garrido, ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන් නියෝජනය කරමින් එම තානාපති කාර්යාලයේ Chen Xiang Yuan සහ Jin Enze යන රාජතාන්ත්‍රික නිලධාරීහු ද පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, වත්මන් ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, මහාචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරු ඇතුළු විද්වත් වෘත්තිකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ප්‍රධාන කරුණු රැසක් සනාථයි!”

“මම ‘නවය; සැඟවුණු කතාව’ එළි දැක්වූ දිනයේදීත් පැවසුවා, ‘කතානායකතුමන් මෙහි සඳහන් ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබෙනවා’ කියා. නමුත් එහෙම වෙලා නැත්තේ ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නැති නිසයි. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයට ගිය අවස්ථාවක එහි මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් පවසා තිබුණේ, ‘ඔව්! තනතුරෙන් ඉවත් වෙන්න කියා බලපෑම් තිබුණා’ යනුවෙනුයි. ඒ අනුව මේ පොතෙහි සඳහන් වන එම කරුණත් එමගින් සනාථ වී තිබෙනවා. ඒ වගේම මේ ළඟදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාම පැවසුවා, සමන්තා පවල් මහත්මිය තමයි මා ආරක්ෂා කර ගත්තේ’ කියා. ‘සමන්තා පවල්’ කියන්නේ කවුද, කියා, අපි කවුරුත් දන්නවා. රනිල් වික්‍රමසිංහ මගින් ‘ප්ලෑන් බී’ ක්‍රියාත්මක වෙනවා, කියන එකට ඒක හොඳ නිදසුනක්. ඒ වගේම පොළොන්නරුව මන්ත්‍රීවරයා නිට්ටඹුවේදී පහර දී මරා දමන විට පොලිස් නිලධාරීන් ඒ අවට සිටි හමුදා නිලධාරීන්ගේ සහාය ඉල්ලා තිබෙනවා. එවිට හමුදා නිලධාරීන් පවසා ඇත්තේ ඉහළින් නියෝගයක් නොමැතිව ක්‍රියාත්මක විය නොහැකි බවයි. නමුත් කෙනෙකු මරන්න යනවා නම් ආරක්ෂක හමුදාවන්ට එය වැළැක්විය හැකියි. නමුත් ඔවුන්ට ඉහළින් නියෝගයක් ලැබී තිබෙනවා, ‘අපේ නියෝගයක් නොමැතිව කටයුතු කරන්න එපා!’ කියලා. එය සාමාන්‍ය තත්ත්වය නොවෙයි. ඒ අනුව අපි ‘නවය; සැඟවුණු කතාව’ කෘතියෙන් ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු ගණනාවක් ඊට අදාළ පාර්ශ්ව, තැනැත්තන් විසින් මේ වනවිට සනාථ කර හමාරයි.

IMF පූර්ණ ග්‍රහණයට

මේ සියල්ල අවසානයේ දී අද මේ රට තමුන් කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ ගමනකට ඇදගෙන යන්න ඒ බලවේගවලට හැකිව තිබෙනවා. 69 ලක්ෂයක ජනවරම අනුව ගොඩනඟාගත් පාර්ලිමේන්තු බලය අද ඒ ජනවරමට පටහැනිව යොදා ගනිමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලා යන තෙක් ඉතා සක්‍රියව ට්විටර් පණිවිඩ නිකුත් කරපු ඇමරිකානු තානාපතිවරිය ඇතුළු බටහිර රටවල තානාපතිවරුන් දැන් නිහඬයි. අද ඇමෙරිකන් තානාපතිවරිය, ජනාධිපතිතුමා සහ එම මැතිනිය සමග එකට වාඩි වී දළදා පෙරහර නරඹන තත්ත්වය දැකගත හැකියි. ඒ වගේම අද වනවිට මේ රටේ ආර්ථිකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ පූර්ණ ග්‍රහණයට අරගෙන තිබෙනවා. ඔවුන් කියන ආකාරයට හැර වෙනත් කිසිදු ආකාරයකට කටයුතු කරන්න බැරි වෙලා තිබෙනවා. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයට කියන්නේ, ‘ශ්‍රී ලංකාව ආදර්ශයට අරගෙන බංකොලොත් කියා ප්‍රකාශ කරන්න’ කියලයි. නමුත් පාකිස්ථානය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් බංකොලොත් බව ප්‍රකාශ නොකර චීනයෙන් සහ මැදපෙරදිග රටවල් කිහිපයකින් මූල්‍ය සහාය ලබාගෙන බංකොලොත් යැයි ප්‍රකාශ නොකර, අද සාමාන්‍ය පරිදි එරට ආර්ථිකය මෙහෙයවනවා. නමුත් බංකොලොත් කියා ප්‍රකාශ කරලා අපේ රට සම්පූර්ණයෙන්ම ගැට ගැහුවේ බටහිර කඹයකින්. අද ආර්ථිකය නමැති හරකාගේ කඹය ඇත්තේ මූල්‍ය අරමුදල අතේ; කෙවිට ඇත්තේ ද ඔවුන් අතේ.

“බදු වළල්ලට ගොදුරු වූ වෘත්තිකයෝ”

සමහරු හිතනවා, දැන් අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා, කියලා. ඒක නොවෙයි ඇත්ත. අපි හැමදාම කියනවා වගේ අපේ රටේ ආර්ථිකය පීඩාකාරී අන්තයක් කරා රැගෙන යාමයි සිදු වන්නේ. 2024 ජනවාරි මාසය වන විට සියයට 22කින් විදුලි බිල ඉහළ දැමීමට ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘නියමිත බදු ඉලක්ක සපුරා ගත්තේ නැහැ’ කියා ඔවුන්ගේ ඊළඟ ණය වාරික ලබාදීම නතර කරලා තිබෙනවා. වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයන් රට හැර යමින් තිබෙනවා. තවත් වෛද්‍යවරුන් ලක්ෂ පහක් පමණ විදේශ රටවල වෛද්‍ය වෘත්තියෙහි යෙදීමට අවශ්‍ය විභාගයට සූදානම් වෙමින් සිටිනවා. ඔවුන්ගේ ප්‍රතිඵල ආවාම ඔවුනුත් රටහැර යෑමට නියමිතයි.
විනිශ්චයකාරතුමන්ලාට පැනවූ උපයන විට බද්ද නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් මත නවතා තිබෙනවා .ඒ හැරුණු විට අනිකුත් සියලු වෘත්තිකයින් ඒ බදු වළල්ල තුළ ගොදුරු බවට පත්ව තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බදු ඉලක්ක සපුරාගන්න නම් තවත් බදු ගහන්න වෙනවා. එවිට උපයන විට බදු සීමාවට අයත් නොවන පිරිස හැර අනෙකුත් පිරිස් රට හැර යන ප්‍රවණතාව තමයි වර්ධනය වන්නේ. බදු ඉලක්ක සපුරාගෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඊළඟ ණය වාරිකය ලබාගෙන ‘ශ්‍රී ලංකාවට යළි ණය ලබා ගැනීමට පුළුවන්’ කියන සහතිකය ලබා ගැනීම පමණයි මේ පාලකයන්ට උවමනා.

“කෘත්‍රිම මතයෙහි වහලෙක්!”

අනික් පැත්තෙන් අද රටේ නිෂ්පාදන ආර්ථිකය බලගැන්වීම වෙනුවට අධෛර්යයට පත් කිරීමක් තමයි තිබෙන්නේ. අද ඇතැම් ආයෝජන සමාගම් ශ්‍රී ලංකාව හැර යනවා, බදු බර සහ විදුලිය ඇතුළු බලශක්තිය වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙන අධික පිරිවැය හේතුවෙන්. මේ තත්වය තුළ අවසානයේ දී අපේ රටේ ඉරණම කෙබඳු වේවි ද? අප ගෙවමින් සිටින්නේ සමාජ ප්‍රතිවිරෝධතා, දේශපාලන ප්‍රතිවිරෝධතා යොදාගනිමින්, ලෝකයේ රටවල් ඔවුන්ටත් නොදැනුවත්ව පාලනය වන කාලයක්. මේක පටන් ගත්තේ ඊජිප්තුවෙන්. එහිදී හොස්නි මුබාරක් පාලනය අවසන් කරමින් ඊජිප්තුව තුළ බටහිරගැති පාලනයක් ගොඩනඟා ගත්තා. ඊජිප්තුව ඉන්පසු හිටපු තත්ත්වයෙන් පහළට වැටීමයි සිදු වුණේ. පසුව ඒ ප්‍රවණතාව රැල්ලක් බවට පත් වෙලා තමයි ‘අරාබි වසන්තය’ ආවේ. සිරියාව, ලිබියාව, ඉරාකය එයට ගොදුරු වුණා. මේ විදිහට සමාජ ප්‍රතිවිරෝධතා, දේශපාලන ප්‍රතිවිරෝධතා යොදාගනිමින් අපටත් නොදැනුවත්වම අපව පාලනය කරන ප්‍රධානතම මෙවලම වන සමාජ මාධ්‍ය මගින් ‘නැති මත ඇති කරන්න’ පුළුවන්; ජනතාව එසේ ඇති කරන ලද කෘත්‍රිම මතයෙහි වහලෙක් බවට පත් කිරීමට පුළුවන්.

“මයිදාන් සිට ගෝල්ෆේස් දක්වා”

යුක්රේනයේ කුප්‍රකට ‘මයිදාන් අරගලයේ’ ප්‍රධාන වාහකයා වූයේත් සමාජ මාධ්‍යයයි. මම ‘නවය; සැඟවුණු කතාව’ රුසියන් භාෂාවට ද පරිවර්තනය කිරීමට තීරණය කළේ මයිදාන් අරගලයේ සහ ගෝල්ෆේස් අරගලයේ සමාන බව ලෝකයට පෙන්වා දීමටයි. මම මෙහිදී මේ ‘සැඟවුණු කතාව’ ලෝකයට කියන්න පහසු කරමින් ‘නවය; සැඟවුණු කතාව’ ඉංග්‍රීසි හා රුසියන් භාෂාවලට පරිවර්තනය කර දුන් පරිවර්තකවරියන් දෙදෙනාටම යළි මගේ කෘතවේදිත්වය පළ කරනවා. අවසානයේ මයිදාන් අරගලය නිසා යුක්රේනයේ රුසියාවට හිතවත් ජනාධිපතිවරයාටත් ධුරය දාලා යන්න වුණා. ඉන්පස්සෙ යුක්‍රේනයේ අටවාගත්තු පාලනය මුලින්ම කළේ යුක්රේනය යුරෝපා සංගමයට නිල වශයෙන් සම්බන්ධ කිරීමයි. පසුව යුක්රේනය එතැනින් නොනැවතී නේටෝ සාමාජිකත්වය ඉල්ලන තැනට යනවා. එතැන තමයි රතු ඉර ඇඳුණු තැන. මේ සියල්ල ඉතා සැලසුම්සහගත ලෙස යූ-ටියුබර්ස්ලා ඇතුළු සමාජ මාධ්‍යකරුවන් යොදාගෙනයි සිදු කළේ. ගෝල්ෆේස් අරගලයටත් එවැනිම සමාජ මාධ්‍යකරුවන් පිරිසක් යොදාගත්තා. මෙතැන වෙනස තමයි ඉන්ධන, ගෑස් හිඟයෙන් පීඩාවට පත්වූ විශාල පිරිසක් ගෝල්ෆේස් අරගලයට පහසුවෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වීම.

“තනි අලියා ජනාධිපති පුටුවට”

මේ යුගයේ කරන දේශපාලනය අන් කවර යුගයටත් වඩා පරෙස්සම්සහගත, වගකීම්සහගත එකක් විය යුත්තේ, ඉහත කී ආකාරයට අපේ සමාජ – දේශපාලන ප්‍රතිවිරෝධතා, පිටස්තර බලවේගවල අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි වන නිසයි. යම් රටක ජනතාවක් වෙනත් රටවල බල ව්‍යාපෘති සඳහා ඔවුන් නොදැනුවත්වම යොදාගැනීමයි මෙතැනදී වෙන්නේ. මේ අරගලය ඉවර වුණාට පස්සෙ මම දැක්කා ජවිපෙ නායකයා කියනවා, ‘අරගලවලින් ආණ්ඩු පෙරළන්න බැහැ’ කියලා. ඒක මෙයාලා කලින් දැනගෙන හිටියේ නැද්ද? ඔය අරගලය සිදු වන විට ජවිපෙ කිව්වේ, ‘අපි අරගලයේ අයිතිකරුවෝ’ කියලයි. ඒ වගේම ආශු මාරසිංහ කිව්වා, ‘අපි ගෝල්ෆේස් එකේ ටෙන්ට් එකක් නොවෙයි විස්සක් ගැහුවා’ කියලා. දැන් මේ අරගලයට ටෙන්ට් විස්සක් ගහපු කෙනාගෙ නායකයාව ජනාධිපති කරලා තිබෙනවා. අද අර කෝච්චියටම සල්ලි ගෙවලා අරගලයට මිනිස්සු ගෙනාපු අයට මොනවා හිතෙනවා ඇද්ද? රනිල් වික්‍රමසිංහ තනි අලියාව, ජනාධිපති පුටුවේ වාඩි කරවීම ද අවශ්‍යව තිබූ අරගලය? සමාජ – දේශපාලන ප්‍රතිවිරෝධතා යොදාගනිමින් සිදු කළ අරගලයේ අවසාන ප්‍රතිඵලය මේක ද? දැන් ලක් අම්මාට සනීප ද? මේ ක්‍රියාත්මක වෙන්නේ බටහිර බලවතුන් රනිල් වික්‍රමසිංහ සමග යන ‘ප්ලෑන් බී’ එකයි.

“ජනාධිපතිවරණයත් අතුරුදහන් කරයි ද?”

රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මේ යන විදියට නම් ජනාධිපතිවරණයත් තියෙයි කියලා හිතන්න එපා! පළාත් පාලන ඡන්දයත් පළාත් සභා ඡන්දයත් අතුරුදහන් කරපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ‘ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ; ඉල්ලලා වැඩක් නැහැ’ කියලා හිතෙන්න පුළුවන්. ‘මේ රනිල් වික්‍රමසිංහගෙන් උවමනා ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන්’ කියලා ඔය බලගතු රටවලට දැනෙන්න පුළුවන්. එහෙම වුණාම ‘ව්‍යවස්ථාව පැත්තක දාන්න ඔයා ඇවිල්ලා මේක භාරගන්න’ කියලා අර ඇමෙරිකානු තානාපතිනිය කථානායකවරයාට කියපු විදියටම, ඒගොල්ලො රනිල් වික්‍රමසිංහට කියන්න පුළුවන් ‘ඡන්දෙ බල්ලාට දාන්න; ඔයා මේක දිගටම කරගෙන යන්න’ කියලා.

“ඊළඟට මහ මැතිවරණයටත් වැඩේ දෙයි!”

මේ තත්ත්වය තවත් උත්සන්න වෙන්න ඇරලා ‘රනිල් ගෝ හෝම් අරගලයක්’ වෙනුවට ‘බඩගිනි කැරැල්ලක්, ෆුඩ් සිටිවලට කඩා පනින කැරැල්ලක්, මංකොල්ල කන කැරැල්ලක් නිර්මාණය වීමට ඉඩ දෙන්න පුළුවන්. පසුව එම තත්ත්වය පාවිච්චි කරලා, ‘මෙවැනි බිහිසුණු තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැහැ’ කියා කියන්න පුළුවන්. එය ව්‍යවස්ථානුකූල නැහැ තමයි. නමුත් කතානායකවරයාට ඉහත දී යෝජනා කළෙත් ව්‍යවස්ථානුකූල දෙයක් නොවෙයිනේ. ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තිබෙන අන්තිම විශ්වාසයත් එහෙම නැති කරන්න පුළුවන්. ඊළගට මහ මැතිවරණයටත් වැඩේ දෙන්න අලුත් ඡන්ද ක්‍රමයක් පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එමගින් මහ මැතිවරණයත් අතුරුදහන් කිරීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කතාවක් තිබෙනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. එහෙම කළත් ජනාධිපතිවරණයක් නැහැනේ. මේ සියලු යෝජනා, අදහස් ඉබේ පහළ වන ඒවා නොවෙයි. ඔවුන් මේ සියල්ල කරන්නේ ඔවුන්ගේ ඉදිරි ගමන ගැන හිතලයි. ඒ අනුව අපි නොහිතන අන්දමේ අඳුරු ඉරණමක් කරා මේ රට රැගෙන යාමේ අවදානමක් තිබෙනවා.

“බලය එන්ජෝයි කරන රනිල්”

‘කළු ජූලිය’ නිර්මාණය කරපු ‘අයියලාට’ රටේ ගැටුම්කාරී තත්වයක් ඇති කරන එක එතරම් අමාරු දෙයක් නොවෙයි. යාපනය පුස්තකාලයට ගිනි තියන්න හිත හදාගත්තු ‘අයියලාට’ තව ගිනි අවුලුවන එක මහ කජ්ජක් නොවෙයි. අපි නොදන්නේ ‘ඒ ගින්න කොතැනක, කවදා අවුලුවයි ද?’ කියන එක විතරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාට එකපාරටම කඩාවැටුණු ජනාධිපතිකම, ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලලා දිනන්න බැරි නම් ලේසියෙන් අත හරියි, කියලා කොහොමද හිතන්නේ? ගෝඨාභය රාජපක්ෂ වගේ නොවෙයි රනිල් වික්‍රමසිංහ ලැබුණු බලය හොදට එන්ජෝයි කරන කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ මිරිහානේ නිවසේ ඉඳලා ජනාධිපති මන්දිරයට යන එන එකයි කළේ. ඔහුට අවසාන කාලයේ තමයි තේරුම් ගොස් තිබුණේ, ‘අපරාදේ මට ජනාධිපති මන්දිරයේ ඉන්න තිබුණා’ කියා. අපි දන්නා ඉතිහාස කතාව අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්‍රාම සුවයෙන් ඉන්න, ගෙදර යන්න පහසුවෙන් හිත හදාගන්න කෙනෙක් නොවෙයි. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට විශාල වගකීමක් තිබෙනවා, මේ අවදානම දෙස බලලා අවශ්‍ය පියවර ගන්න.

“ජනපති මුල්කරගත් අන්තර්වාර පාලනයක්!”

ඉදිරියේදී ආවොත් එන්නෙ කතානායකවරයා මුල් කරගත්තු අන්තර්වාර පාලනයක් නොවෙයි, ජනාධිපතිවරයා මුල් කරගත්තු අන්තර්වාර පාලනයක්. අප පෙන්වා දුන් ආකාරයට, එදා ඇමරිකන් තානාපතිවරිය මෙරට ව්‍යවස්ථාවේ නොමැති අන්තර්වාර පාලනයකට කතානායකවරයාට ඇරයුම් කළා වගේ හෙට දවසේ ඇති විය හැකි ‘සාගිනි කැරලිවලින්’ පසුව යළිත් මෙරට ව්‍යවස්ථාවේ නොමැති අන්තර්වාර පාලනයකට ජනාධිපතිවරයාට ඇරයුම් කරන්න පුළුවන්. මේවා ඉදිරියේදී සිදු විය නොහැකි දේවල් නොවෙයි. අපට රටක් ලෙස හැමදාම වරදින්නේ, මේ වගේ විය හැකි සියලු සංසිද්ධීන්, නිසි පරිදි ප්‍රමුඛතාව අනුව පෙළගස්වාගෙන ඒවාට සූදානම් වන විදිහේ දේශපාලන ක්‍රියාන්විතයක් අප සතුව නොමැති වීම නිසයි.

අලිරාජාට ‘සැර වැඩි වුණු’ අතයට ගාණ

පසුගියදා අප රට සතු අනගිතම සම්පතක් වූ මිල්කෝ ආයතනය ඉන්දියාවේ තිබෙන රාජ්‍ය සමුපකාර ආයතනයක් වන අමුල් ආයතනයට විකුණා තිබුණා.බලන්න, අපේ රටේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න බැහැ, කියලා ඒවා විකුණන්නෙත් වෙනත් රටවල රාජ්‍ය ආයතනවලට. ‘පෙට්‍රෝලියම් එකට බැහැ’ කියලා එහි කොටස් විකුණන්නේ ඉන්දියාවේ IOC සමාගමට සහ චීනයේ SINOPEC සමාගමටයි. ඒවා ඉන්දියාව සහ චීනය සතු රාජ්‍ය සමාගම්. ඒ රටවල රාජ්‍ය සමාගම් අපට හොඳයි. නමුත් අපේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන පවා විකුණා දැමීමයි අද සිදු වන්නේ. ටෙලිකොම් සමාගම විකුණන්න දැන් ගනදෙනු කතා කරගෙන යනවා. මට ආරංචි විදිහට සුබාස්කරන් අලිරාජාගෙන් අතයටින් ඉල්ලපු ගාණ ටිකක් සැර වැඩියි. ඒ ගැන තමයි දැන් කතා කරගෙන යන්නේ.

“අලිරාජාගේ පාර්ලිමේන්තුව අල්ලන ප්ලෑන් එක”

ඒ විතරක් නොවෙයි, බලන්නකො දැන් වෙන වැඩේ. අපේ හාමුදුරුවනේ, දැක්කේ නැද්ද මේ සුබාස්කරන් අලිරාජා මාතර වෙහෙරහේන පන්සලට ගිහින් සම්මාන ආචාර්ය උපාධියක් ගන්නවා? මොකක්ද මෙයාගේ ප්ලෑන් එක? එයා LPLවල ජැෆ්නා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට පටන් ගත්තාට පසුව තමයි, ඒ කණ්ඩායම ‘Jaffna King’ වුණේ. එයාට තිබෙනවා ‘පොඩි කිං මේනියාවක්’. එයා දැන් ටෙලිකොම් එකත් මිලදී ගත්තාම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහෝ පක්ෂවලින් ඉදිරිපත් වන මන්ත්‍රී අපේක්ෂකයන් අතුරින් තමන්ට හිතවත් කණ්ඩායම් හදාගෙන ඔවුන්ට ටෙලිකොම් හරහා ප්‍රචාරක අනුග්‍රහය ලබා දෙන්න සැලසුම් කරලාලු. ඒ වගේම උතුරේ අලුත් දේශපාලන පක්ෂයක් හදලා එමගින් මන්ත්‍රී ධුර 10ක් පමණ දිනාගැනීම ද ඔහුගේ බලාපොරොත්තුවක්. එහෙම කරලා එයා උදව් කළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතු කරගෙන, පාර්ලිමේන්තුවේ වඩාත්ම බලපෑම්සහගත භූමිකාව ඉටු කරන පුද්ගලයා ලෙස නැගී සිටීමේ උවමනාව ඔහුට තිබෙනවා. මේ ආකාරයට අද අපට නොපෙනෙන බොහෝ න්‍යාය පත්‍ර දිගේලි වෙමින් තිබෙනවා.

“ඉන්දියාව 5වැනි ආර්ථික බලවතා වූ හැටි”

අපේ රටේ කරුමෙට දැන් ‘සිගරට් එකටත්’ ස්ට්‍රයික් කරන වෘත්තීය සමිති තිබෙනවා. එතකොට, දුම්රිය දෙපාර්තමේන්තුව විකුණන්න ඕනේ, කියලා ජනතාවම කියනවා. ඒ වගකීම් විරහිත වෘත්තීය සමිති භූමිකාවත් සමහර විට ආණ්ඩුව උපයෝගී කරගන්නවා ආණ්ඩුවට උවමනා දේ ඉටුකර ගැනීමට. දැන් ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් රජයෙන් ඉවත් කළොත් ජාතික රාජ්‍යය කියා ඉතිරි වන්නේ ජනාධිපති, අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව හා අධිකරණය පමණ ද? ඉන්දියාව දැන් ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා වී තිබෙන්නේ රාජ්‍ය අංශය සම්පූර්ණයෙන් ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් කරලා ද? නැහැ. ඉන්දියාවට ලොව පස්වැනි ආර්ථික බලවතා වීමට බාධා නොවූයේ අදාළ සම්පත් රජය යටතේ තිබීමයි. වජ්පායි අගමැතිවරයාගේ පාලන කාලයේ ඉන්දියාවත් අපේ වගේ ආර්ථික අර්බුදයකට ලක් වුණා. එවිට ‘පසුව ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්වූ ඉන්දියාවේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන මන්මෝහන් සිං’ මුදල් අමාත්‍ය ධුරයට පත් කෙරෙනවා. ඔහු IMF එකත් එක්ක ගියේ තමන් හදපු සැලැස්මක් සමඟයි. වජ්පායි එදා රාජ්‍ය නායකයා හැටියට මන්මෝහන් සිංට කිව්වා, ‘මම දේශපාලන කටයුතු බලාගන්නම්, ඔබ රටේ ආර්ථිකය ගොඩනගන්න’ කියලා. ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට දැමූ පදනම මත සිටගෙනයි ඉන්දියාව ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වූයේ.

“දේශපාලන සංස්කෘතියේ වැරැද්ද”

දැන් බලන්න, ඉන්දියාව තුළ තිබෙන දේශපාලන සංස්කෘතිය. ‘කැනඩාවේ වෙසෙන සික් ජාතිකයෙකු මරා දැම්මා’ කියා ඉන්දියාවට කැනඩාවෙන් චෝදනාවක් ආවා. එවිට ඉන්දියාවේ පාලක පක්ෂය කැනඩාව සම්බන්ධයෙන් බරපතළ තීන්දු ගත්තා. නමුත් එතැනදී ඉන්දියාවේ විපක්ෂ නායකවරයා කැනඩාවේ පැත්ත ඇරගෙන ආණ්ඩුව හෙළා දැක්කේ නැහැ. විපක්ෂය, BJP එකත් එක්ක තිබෙන කෝන්තරය ඒ ප්‍රශ්නෙදි යොදාගත්තේ නැහැ. අප රට වැනි පුළුල් මනසක් නැති, දේශපාලන සංස්කෘතියක් සහිත රටක් මේ විදිහේ අභියෝග ජයගන්නේ කොහොමද?
“රටක් අභියෝග තරණය කරන හැටි”
ඊශ්‍රායලයේ සිදු වූ දෙය බලන්න. හමාස් සංවිධානය ඊශ්‍රායල් ජාතිකයන් අන්දමන්ද කරන ප්‍රහාරයක් තමයි එල්ල කළේ. ඒ ප්‍රහාරය එල්ල වීමට ආසන්න කාලයේ ඊශ්‍රායලයේ නෙතන්යාහු පාලනයට එරෙහිව මහජන පෙළපාලි තිබුණා. විපක්ෂය බරපතළ ලෙස ඔහුගේ පාලනය හෙළා දකිමින් සිටියා. නමුත් මේ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයේ සර්වපාක්ෂික යුද ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. ඔවුන් ‘හමාස් ප්‍රහාරයේ මහ මොළකරු කවුද? හමාස් ප්‍රහාරයක් එල්ල වන බව මොසාඩ් ඔත්තු සේවා නිලධාරීන් දැන සිටියේ නැද්ද? කියමින් ප්‍රශ්න අසමින් හිටියෙ නැහැ. එතැනදී ඊශ්‍රායලයේ සියලු පක්ෂ සියලු වාදභේද පසෙකලා එක මතයකට ආවා. අද ඊශ්‍රායලයේ යුද කැබිනට්ටුව පිහිටුවා ඇත්තේ වාදවිවාද ඇතුව හිටපු සියලු පක්ෂ එකතු කරගෙනයි. ලෝකයේ රටවල් අභියෝග තරණය කරන්නේ ඒ විදිහේ පළල් දේශපාලන සංස්කෘතියක් සහිතවයි. එදා අපි ‘ගෝඨා ගෝ හෝම්’ ටැග්ලයින් එක අපේ අතට නොගත්තේ ඒ නිසයි. අපි කල්පනා කළේ, ‘මේ තියෙන බැරෑරුම් තත්ත්වයෙන් මිදෙන්න සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවිය යුතුයි’ කියලයි. එහෙම මොහොතකවත් පළල් මනසකින් හෙබිව මැදිහත්විය හැකි දේශපාලන සංස්කෘතියක් මේ පොළොවේ නැහැ. නමුත් දියුණු වූ, ගොඩනැගුණු හැම රටක්ම පිරික්සා බැලුවොත් පෙනෙනවා, ‘ඒවා පළල් දේශපාලන සංස්කෘතියක් සහිතව ගොඩනැගුණු රටවල්’ කියා.

බක පණ්ඩිත සංස්කෘතිය

අසල්වැසි ඉන්දියාව කියන්නේ අපට වඩා භේද සහිත රටක්. තවමත් ගෝත්‍රිකයන් පවා එහි වෙසෙනවා. නමුත් ඔවුන් හඳට රොකට් එකක් යවපුවාම ඒ රටේ කවුරුහරි ඇහුවාද, ‘අර මිනිස්සු වැසිකිලි නැතුව සිටියදී මෝඩිට පිස්සුද හඳට රොකට් අරින්න’ කියා. ‘මේ රොකට් එක හඳටම යවලා දෙන්න’ කියා ඒ කටයුත්තට මුල් වූ අභ්‍යවකාශ විද්‍යාඥයන් පිරිසක් කෝවිලට ගිහින් කන්නලව් කරනවා අපි දුටුවා. ‘මේක මිත්‍යාවක්’ කියමින් ඊට සිනාසෙන පිරිස් ඉන්දියාවේ නැහැ. එවැනි දෙයින් තමයි මානසික උත්තේජනය ගන්නේ. මානසික උත්තේජනය කවර ආකාරයට ගත්තත් මොකක්ද තිබෙන ප්‍රශ්නය? ‘හඳට යන්න යානයක් ඕනෙ නැහැ. පොර වගේ හඳට යන්න පුළුවන්’ කියන සමහරු අපේ රටේ ඉන්නවා. එයාලාට යානයක් ඕනෙ නැහැ. ගිනිකූරක් ගහන්න විතරයි ඕනේ හඳට යන්න. එහෙම බක පණ්ඩිත සංස්කෘතියක් ලෝකයේ වෙනත් කොහේ හරි තිබෙනවාද කියා කියන්න මම නම් දන්නේ නැහැ.

ජැක්සන්ගේ ඇඳේ ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නය ද?

අපේ රටේ තිබෙන මිත්‍යාව කුමක්ද, කියා හිතෙනවා, ඉන්දියාවේ තිබෙන මිත්‍යාව සමග ගත්තාම. තවමත් ඉන්දියාවේ නිඝන්ඨයන් සිටිනවා. ඔවුන් නිරුවතින් ගමන් කරන විට වන්දනාමාන කරන පිරිස් ද ඉන්දියාවේ සිටිනවා. නමුත් ඕක සමාජ මාධ්‍යවල දමලා තමන්ගේම ජන කොටසකට අවමන් කරන පිරිස් ඉන්දියාවේ නැහැ. මෙතැන ක්‍රිකට් මැච් එකක් පරදින තුරු බලන් ඉන්නවා ක්‍රිකට් කණ්ඩායමට පලු යන්න බනින්න. කට්ටියක් ඉන්නවා, ශ්‍රී ලංකා කණ්ඩායම මැච් එකක් දින්නාම ඔවුන්ගේ මුහුණු කළු වෙනවා. ජැක්සන් ලෙඩ ඇඳේ ඉන්නකම් අර ඇඳේ ප්‍රශ්නෙ තිබුණා. එක කොටසකට ජැක්සන්ගේ ඇඳේ ප්‍රශ්නය තමයි ජාතික ප්‍රශ්නය වුණේ. දැන් ඇඳ හිස් වුණා. මම කියන්නේ, ‘දඬුවමක් විදිහට ඒ ඇඳේ ප්‍රශ්නෙ තිබුණු අයව හොඳට හිටියත් ඒ ඇඳේ තියන්න ඕනේ’ කියලයි. ඒක කුහක සංස්කෘතියක්. ජැක්සන් කියන්නේ කලාකරුවෙකු පමණක් නොවෙයි, ඔහු ‘ඕල් රවුන්ඩර්’ කෙනෙක්. එහෙම කෙනෙක් හදිසි අනතුරකට පත් වුණාම දවස් 300ක් 400ක් තියාගෙන බේරාගන්න හැදුවා කියන එක වරදක් වෙන්නේ කොහොමද? මේ සමහරු කතා කළේ ඒ ඇඳ අහිමි වූ අය ගැන තියෙන ඇත්ත අනුකම්පාවෙන් ද? නැහැ. ‘ජැක්සන් බේරාගන්න ඕනේ නැහැ’ කියන යටි හිතේ තිබෙන අදහසින්. අපි අද එවැනි ඉරණම් කතාවකට ඇදවට්ටවලා තිබෙනවා. තවදුරටත් මේ විදිහට ඉදිරියට ගියොත් මේ රටේ කිසිදු විද්වතෙක්, උගතෙක්, පර්යේෂකයෙක් බුද්ධිමතෙක් ‘බෙහෙතකටවත් සොයාගන්න බැරි’ ඉරණමකට ඇදවැටෙන්න පුළුවන්.

රට යෑම වැළකෙයි ද?

නමුත් ඉදිරියේදී නිර්මාණය වෙන්නේ රට රස්සා හොයාගෙන යන්න පුළුවන් ලෝකයක් නොවෙයි. සම්බෝලයි බතුයි කාලා හරි මෙහෙට වෙලා ඉන්න වෙන ලෝකයක් ඉදිරියේදී නිර්මාණය වන බවයි පෙනෙන්නේ. පලස්තීනය සමග මැදපෙරදිග රටවල් කීපයක් එකතු වුණාම, ඊශ්‍රායලය සමග බටහිර රටවල් හිටගන්න පුළුවන්. දැන් ‘යුක්රේන මැච් එක’ ගැන කවුරුත් හොයන්නේ නැහැ. දැන් ඒක ‘සීන් එකෙන් එළියට’ ගියා. රුසියාව යුක්රේනය සමග යුද වදින්නේ සිවිල් වැසියන් ගැන, මානව සම්පත ගැන සිතමින්. නමුත් ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුමේදී ‘කවුද මැරෙන්නේ?’ කියන එක අදාළ නැහැ. යුද ගැටුම තීව්‍ර වෙලා තෙල් මිල ටිකෙන් ටික ඉහළ යන විට, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ජීවන වියදම ඉහළ යන විට ඒ රටවල වෘත්තිකයන්ටත් ඔවුන්ගේ මධ්‍යම පාන්තික ජීවන රටාව පවත්වාගෙන යෑම අර්බුදයක් බවට පත් වෙනවා. ඇතැම් අයට එහේ තියෙන රස්සාව දමලා මෙහෙට එන්න වෙන්නත් පුළුවන්. දැන් බ්‍රිතාන්‍යයේ තමන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට බැරි නිසා වෘත්තිකයන් බ්‍රිතාන්‍යය අතහැර ඕස්ට්‍රේලියාව වෙත යමින් සිටිනවා.

අසාමාන්‍ය තෙල් මිල වැඩිවීමක්!

නමුත් මේ ඇතිව තිබෙන යුද ගැටුම් සහිත අනාගත ලෝකයේ ඉරණම යහපත් නොවීමට ඉඩ තිබෙනවා.

යුක්රේන නායක සෙලෙන්ස්කි අද බලන් ඉන්නවා, ‘මට බටහිරෙන් කවුද උදව් කරන්නේ?’ කියා. මේ වන විට ඇමරිකානු කොංග්‍රසය යුක්රේන යුද්දෙට වියදම් කිරීම සඳහා මුදල් අනුමත කරන්නේ නැහැ. මේ හැම සිදුවීමක්ම සමග අපි නොහිතන විදියේ තත්ත්වයක් සහිත ලෝකයක් තමයි ඉදිරියේ දී දැකගත හැක්කේ. ‘මෙතැන දාලා යන ප්‍රවණතාවක්’ වගේම ‘එතැන දාලා එන ප්‍රවණතාවක්’ ද නිර්මාණය විය හැකියි. අපේ රටේ කෝ මේ ගැන සාකච්ඡාවක්? මේ ලෝක තත්ත්වය සමඟ ඉන්දියාව සහල් අපනයනය නතර කර තිබෙනවා අපි එවැනි කිසිවක් ගැන හිතලා තිබෙනවා ද? පැමිණිය හැකි ආහාර අර්බුදයක් ගැන හිතලා තිබෙනවා ද? ශීත කාලයේ කොහොමත් තෙල් මිල ඉහළ යනවා. නමුත් යුද ගැටුමෙන් අසාමාන්‍ය ඉහළ යාමක් සිදු වෙනවා. අපි රටක් විදියට මේවා දරාගන්නෙ කොහොමද? අපේ වැටුපට මේ හැම බරක්ම එකතු වුණාම අපි ජීවිතේ ඇදගෙන යන්නේ කොයි විදිහට ද?

“අවදානම් අනාගතයක් පාමුල”

අනෙක් පැත්තෙන් එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් මේ තත්ත්වය පාවිච්චි කරනවා ඔවුන්ගේ ඊළඟ න්‍යාය පත්‍රය මේ රට තුළ දිගේලි කිරීමට. දැන් ඔය ‘ත්‍රිකුණාමල ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය’ කියන්නේ එහෙම එකක්. අපි දන්නවා එක්සත් ජනපදයට මිලිටරිමය වශයෙන් කල්පනා කළාම ශ්‍රී ලංකාවේ පිහිටීම උපායමාර්ගිකව ඉතා වැදගත්. ඒ නිසා මේ හැම අසීරුදායක තත්වයක්ම ඒ අය පාවිච්චි කරනවා ඔවුන්ගේ ඉලක්කයට මේ රට ගොදුරු කර ගැනීමට. මේ වගේ අවදානම්සහගත, තීරණාත්මක අනාගතයක් පාමුලයි අපි අද ජීවත් වෙන්නේ.

“ජාතියක් ලෙස නැඟී සිටීමට නම්…”

‘මේ තියුණු, අවදානම්සහගත අනාගතය දෙස බලලා, මේ වැටුණු වළෙන් අපි ජාතියක් ලෙස නැගී සිටින්නේ කොහොමද? කියන සංවාදය අද මේ පොළොව ඉල්ලා සිටිනවා. එවැනි අනාගත කියවාගැනීමක්, පෙරසූදානමක් සහිතව මේ තත්ත්වය අතික්‍රමණය කිරීමෙන් පමණයි අපට ගොඩඒමට හැක්කේ. නමුත් අපේ රටේ එවැනි සංවාදයක් දේශපාලනමය වශයෙන් නැහැ. එක් කෙනෙක් ‘බස්’ බෙදමින් යනවා. අනෙක් කෙනා ‘කතාබස්’ බෙදමින් යනවා. ජුලී චන්ග් නෝනාගේ සන්සුන්භාවය, උත්තර ලංකා සභාගයේ අප පමණක් අනාවරණය කළ CIA ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණීම යන කාරණා පිටුපස ලොකු කතා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව සංවාදයක් දේශපාලනමය වශයෙන් ජනිත කර ගැනීම මගින් පමණයි අපට එළැඹීමට නියමිත අවදානමෙන් ගැලවීමට හැක්කේ.

ඉංග්‍රීසි – රුසියන් පරිවර්තන කෘතිවල වැදගත්කම

‘නවය; සැඟවුණු කතාව’ කෘතිය අප විසින් එළිදක්වනු ලැබුවේ ඉහත කී කතිකාව නිර්මාණය කර ගන්නයි; අපි ලබපු අත්දැකීමෙන් පාඩමක් ඉගෙනගන්නයි; සාධාරණ දේශපාලන ප්‍රතිවිරෝධතා අපි නොහිතන පාර්ශ්ව විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය ඉගෙනගන්නයි. එවැනි අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී මෙම කෘතියේ ඉංග්‍රීසි සහ රුසියන් පරිවර්තන කෘති එළිදැක්වීම ඉතා වැදගත් බව අපි දුටු නිසයි ඊට මැදිහත් වූයේ.

කළ යුත්තේ කුමක්ද?

අපි මේ සංවාදය තීව්‍ර කරමු! අපි ඉදිරියේ නිර්මාණය වෙමින් තිබෙන අනාගත ලෝකය පිළිබඳව හරියටම තේරුම් ගනිමු! ඒ තත්ත්වය අතික්‍රමණය කළ හැකි දේශපාලන කියවාගැනීමකින් ඉදිරියට ගමන් කරමු!”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-10-15

Facebooktwitterredditpinterestlinkedinmail

The post “ජනපති රනිල් ජනාධිපතිවරණයත් අතුරුදහන් කරන්නයි සූදානම් වෙන්නේ” – විමල් අනතුරු අඟවයි appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
https://jnpsrilanka.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab/feed/ 0
චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ – BRI සමුළුව සඳහා විමල් චීනයට https://jnpsrilanka.lk/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80/ https://jnpsrilanka.lk/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80/#respond Sat, 14 Oct 2023 12:36:53 +0000 https://jnpsrilanka.lk/?p=12687 ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන පැවැත්වෙන “තීරය සහ මාවත” ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක […]

The post චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ – BRI සමුළුව සඳහා විමල් චීනයට appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන පැවැත්වෙන “තීරය සහ මාවත” ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චීනය බලා පිටත්වීමට නියමිතය.

ඔක්තෝබර් මස 17 සහ 18 වන දෙදින තුල චීනයේ බීජිං නුවර පැවැත්වෙන මෙම සමුළුව චීනය රජය සත්කාරකත්වය දරන ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සමුළු දෙකෙන් එකක් බව තානාපති ආරංචි මාර්ග තහවුරු කරයි.

චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 90 කට වැඩි ගණනක දේශපාලන නායකයන් සහභාගිවීමට නියමිතය.

Facebooktwitterredditpinterestlinkedinmail

The post චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ – BRI සමුළුව සඳහා විමල් චීනයට appeared first on JNP Sri Lanka | National Freedom Front.

]]>
https://jnpsrilanka.lk/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80/feed/ 0