`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ''ආගමික සහජීවනය බිඳවැට්ටවීමට ඉඩ නොදීමේ අදිටන ද සහිතව සමරන අරුත්බර නත්තලකට සැමට සුබ පැතුම් !'' | JNP Sri Lanka | National Freedom Front

”ආගමික සහජීවනය බිඳවැට්ටවීමට ඉඩ නොදීමේ අදිටන ද සහිතව සමරන අරුත්බර නත්තලකට සැමට සුබ පැතුම් !”

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අද (25) එළෙඹි 2022 නත්තල් දිනය වෙනුවෙන්, යොමුකළ විශේෂ නත්තල් සුබ පැතුම පහතින් දැක්වේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන තවත් නත්තල් දිනයක අසිරිය අද දින මුළුමහත් ලොවටම දැනෙමින් තිබේ.

බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක, ගව ඔරුවක උපත ලැබූ බව කියැවෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ලොව සුවපත් කළ ආගමික ශාස්තෘවරයකු ලෙස සිය දිවිය කැප කළේ පීඩාවට පත්වූ ජනතාවට යහපත් හෙට දිනයක් නිර්මාණය කොට දීමටය.

‘සාමය, සහජීවනය හා සමගිය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීම’ අරමුණු කොටගත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, උපත සිහිපත් කරන අද දිනය ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුනට, සැබෑ ලෙස අරුත්ගැන්විය හැක්කේ ඉහත කී සිය ශාස්තෘවරයාණන්ගේ අරමුණු සාක්ෂාත් කර දීමට අදිටන් කර ගැනීමෙනි.

මෙරට කිතුනු බැතිමතුනට මෙවර නත්තල සැමරීමට සිදුව ඇත්තේ රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපා ඇති මොහොතකය. ඉන් වඩාත් පීඩාවට පත්ව සිටින පිරිසට කිතු වදන් අනුව යමින් නත්තල සැමරීමට හැකි පමණින් පිළිසරණ වීම, ඇති හැකි මෙරට කිතුනු බැතිමතුන් වෙත අවධාරණය කෙරී ඇත.

එසේම ඉහත අර්බුදය යොදාගනිමින් බුදුදහම මුල්කරගත් අන්‍ය ආගම්, අන්‍ය විශ්වාසයන් බැහැර නොකරන මානව ගුණාංග වෙතින් සමන්විත අපගේ සංස්කෘතික අක්මුල් ගලවා දමමින් ආගමික සහජීවනය වනසාලන මෙහෙයුමක් ද දියත්ව තිබේ. එබැවින් ඒ මෙහෙයුම පැරදවීමේ අදිටන සහිතව මෙවර නත්තල සැමරීමට මෙරට කිතුනු බැතිමතුනට හැකි වේවා! යන පැතුම ද සමගින් සැමට සුබ නත්තලක් වේවා’යි ද පතමි.

විමල් වීරවංශ (පා. ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
2022-12-25

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *