`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ආර්ථික අර්බුදය ජය ගැනීමට සාමූහිකව උර දෙමු! රටට ඔබින පරිභෝජන රටාවක් හඳුන්වා දීමට පෙරමුණ ගනිමු! | JNP Sri Lanka | National Freedom Front

ආර්ථික අර්බුදය ජය ගැනීමට සාමූහිකව උර දෙමු! රටට ඔබින පරිභෝජන රටාවක් හඳුන්වා දීමට පෙරමුණ ගනිමු!

ඡන්ද අයිතිය හා කම්කරු අයිතීන් ඉල්ලා ලොව පුරා කාන්තාවන් ගෙන ගිය අරගල සැමරීම වෙනුවෙන් ‘ජාත්‍යන්තර කාන්තා දිනයක්’ නම් කළ යුතුය, යන යෝජනාව ගෙන එනු ලැබුවේ 1910දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවති සමාජවාදී කාන්තාවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී ලේකම්වරිය ලෙස තෝරා පත් කර ගනු ලැබූ ජර්මන් ජාතික සමාජවාදී කාන්තා නායිකාවක වූ ක්ලාරා සෙට්කින් මැතිනිය විසිනි. එම සුවිශේෂී යෝජනාව සම්මත වීමෙන් අනතුරුව 1911 මාර්තු මස 19 වැනි දින ඕස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය හා ස්විස්ටර්ලන්තය යන රටවල් පළමු වරට ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීය. පසුව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ දී 1857 හා 1908 මාර්තු 08 වැනි දිනවලදී පැවති දැවැන්ත කාන්තා අරගල සිහිගන්වමින් 1913 සිට සෑම වසරකම මාර්තු මස 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දින සැමරීමට තීරණය වී ඇත.

අතීතයේ බොහෝ ජනසමාජවල ගැහැණු දරුවකු ඉපදීම සතුටින් බාර නොගන්නා තත්ත්වයක් පැවතිණි. ශ්‍රී ලංකාව තුළ ඓතිහාසිකව ද කාන්තාව දෙවැනි කොට සලකන එවැනි තත්ත්වයක් නොපැවතිණි. අද වන විට ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන තේ, රබර්, පොල්, ඇගළුම් හා විදේශ රැකියා යන ක්ෂේත්‍රවල සේවා නියුක්තිකයන්ගෙන් බහුතරය කාන්තාවන් ය. එහෙයින් මේ මොහොතේ දී රටේ ආර්ථිකය නගා සිටුවීම පිණිස මෙරට කාන්තාවන් සිදුකරන මෙහෙය ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුය.
අද වන විට අප රට ඉතිහාසය තුළ මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටියි. ඉන් ගොඩඒම සඳහා සාමූහිකව ගතහැකි ක්‍රියාමාර්ග ගනිමින් ඉදිරියට යාමේදී කාන්තා පරපුරට සුවිශේෂී වන කරුණක් අද දිනයේ අවධාරණය කිරීමට කැමැත්තෙමු. එනමි රටේ මුදල් පිටරටවලට ඇදී යන අනවශ්‍ය පරිභෝජන රටාව නවතා ස්වදේශික අනන්‍යතාව රකින, රටට ඔබින පාරිභෝජන රටාවක් හඳුන්වා දීමය. එහි දී පෙරමුණ ගතහැක්කේ මෙරට කාන්තා පරපුරට බව අපගේ විශ්වාසයයි. ජාතියක් ලෙස ඉහත කී ආකාරයට අපට පරිභෝජන සංස්කෘතිය වෙනස් කරගැනීමට හැකි වෙතොත් ශක්තිමත් ලෙස මෙම ආර්ථික අර්බුදයට මුහුණ දිය හැකි ය.

එසේම මේ රටෙහි බොහෝ දිරිය කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලක පැටලී සිටින බව අපි දනිමු. එම පිරිස ඉන් මුදවා ගැනීම සඳහා සමාජයක් ලෙස අප සාමූහිකව ක්‍රියාමාර්ග ගත යුතු අතර ඒ සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමේ වසර බවට අදින් ඇරඹෙන වසර යොදා ගන්නා ලෙස ද ඔබට අපි යෝජනා කරන්නෙමු. තවද මේ මොහොතේ අපගේ දුවාදරුවන් ඉතිහාසයේ නොවූ විරූ මත් උවදුරකට ගොදුරු කර ගැනීමට පවිටු බලවේග සමත්ව සිටිති. එම ව්‍යසනය පැරදවීම සඳහා ද ඔබගේ පෙරමුණ ගැනීම ඇවැසිව තිබේ.
ඉහත අභියෝග සියල්ල ජය ගැනීමේ අදිටන ද සහිතව, අර්ථවත්ව කාන්තා දිනය සැමරුමට ඔබට ධෛර්යය හා ශක්තිය පතන්නෙමු.

විමල් වීරවංශ (පා.ම.),
නායක, ජාතික නිදහස් පෙරමුණ,
2023.03.08

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *