`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි! | JNP Sri Lanka | National Freedom Front

ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි!

ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් මුහුණදී ඇති ගැටළුවලට පිළියම් ලබාගැනීමේ අරමුණින් කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් අද (24) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා හමුවිය. එහිදී ඔවුන් මුහුණදී ඇති ගැටළු පිළිබද ඇමතිවරයා දැනුවත් කල අතර නියාමන කොන්දේසි සහ පාරිසරික කොන්දේසිවලට එකගවත් කර්මාන්තකරුවන්ට සාධාරණයක් වෙන ලෙසත් ඒවා විසදා ගැනීමට සහාය ලබාදීමට අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දු විය.

දැනට ආනයන සිමා කිරීම හේතුවෙන් ලංකාවේ නිෂ්පාදනය කල නොහැකි වර්ගයේ ඇසුරුම්, බෝතල් වැනි නිෂ්පාදන නියාමන නීති වලට එකගව ගෙන ඒමට ඉඩ ලබාදීම, සුවද විලවුන් නිෂ්පාදනයේදී අවශ්‍ය වන pump කොටස සදහා පනවා ඇති බදු සදහා සහනයක් ලබාදීම ඇතුළු කර්මාන්තරුවන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට සහ Tetra Pack ආනයනය සහ භාවිතය කිරි ආශ්‍රිත නිෂ්පාදන සදහා පමණක් යොදා ගැනීමට යෝජනා වූ අතර ඒ සදහා සොයාබලා අවසර ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

දැනට අවසර ලබාදී ඇති ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රමාණයන් පිළිබද අමාත්‍යංශය දැනුවත් කරන ලෙසත් ඇසුරුම් නිෂ්පාදකයින්ගේ නාමාවලියක් සකස්කොට එය එළිදක්වන ලෙසත්, පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයත්, කර්මාන්තකරුවනුත් එක්කර ඔවුන්ගේ ගැටළු සාකච්ජා කොට විසදුම් ලබාදීමට ඒකාබද්ධ සංසදයක් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට සහ අමාත්‍යංශයේ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් සහ නිෂ්පාදකයින් ඇතුළු නිලධාරින් පිරිසක් ද එකව සිටියහ.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *