`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්රියාමාර්ග මොනවාදැයි ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) සවස රාජගිරියේදී ජාතික නිදහස් පෙරමුණේ නායකයන් සහ ශ්රී ලංකාවේ කොම්යුනිස්ට් පක්ෂයේ නායකයන් අතර පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

මෙහිදී ගෝලීය හා කලාපීය දේශපාලන ප්රවණතා පිළිබඳව ද සාකච්ඡා වූ බව වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේය.

යම් ද්විත්ව පුරවැසියකුට ජනාධිපති, අගමැති, ඇමතිවරයෙකු හෝ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස මෙරට දේශපාලනයේ සක්රිය භූමිකාවක් ඉටු කිරීමට උවමනා නම් වෙනත් රටක් සමඟ තිබෙන බැඳීම්, පක්ෂපාතීභාවය අතහැරිය හැකි විය යුතු බවත් එම බැඳීම් සහ පක්ෂපාතීත්වය ඇතිව ඉහත ධුර දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ජානිපෙ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැනට ‘ද්විත්ව පුරවැසි බාධකය’ පවතින්නේ පාර්ලිමේන්තු හෝ වෙනත් මහජන නියෝජිත ධුරයක් දැරීමට වුවත් එය තානාපති ධුර, අමාත්ය ලේකම් ධුර, මහ බැංකු අධිපති ධුරය වැනි ධුරවලට ද අදාළ වන සේ පැවතිය යුතු බවත් මෙහිදී වීරවංශ මහතා අවධාරණය කළේය. එය රටට හිතකර දෙයක් මිස අහිතකර දෙයක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩියු ගුණසේකර මහතා සඳහන් කළේ 20 වැනි සංශෝධනය, ඉදිරි අය – වැය හා ගෝලීය හා කලාපීය දේශපාලන ප්රවණතා පිළිබඳව මෙරට ප්රගතිශීලී දේශපාලන පක්ෂ දෙකක් ලෙස සාකච්ඡාව පැවැත්වූ බව ය. ඉදිරි දින දෙක තුළදී ‘ද්විත්ව පුරවැසිභාවය’ පිළිබඳව 20 වැනි සංශෝධනයේ පවතින වගන්තිය පිළිබඳව ඒකාබද්ධව පියවර ගැනීමට මෙම සාකච්ඡාවේදී එකඟ වූ බව ද ඒ මහතා තහවුරු කළේය.

මෙම සාකච්ඡාව ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි ප්රධාන ලේකම් එස්. විජේසිරි, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්රී නිමල් පියතිස්ස, දේශපාලන මණ්ඩල සභික, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්රියංගා කොතලාවල, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්රධාන ලේකම් විශේෂඥ වෛද්ය ජී. වීරසිංහ, නියෝජ්ය ප්රධාන ලේකම් එස්. සුදසිංහ, පාර්ලිමේන්තු මන්ත්රී වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *