`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "රටේ දේශපාලනය නිවැරැදිව කියවීමට මේ පොත හොඳ පාදකයක්" - ප්‍රවීණ චිත්‍රශිල්පී සුදත් අබේසේකර | JNP Sri Lanka | National Freedom Front

“රටේ දේශපාලනය නිවැරැදිව කියවීමට මේ පොත හොඳ පාදකයක්” – ප්‍රවීණ චිත්‍රශිල්පී සුදත් අබේසේකර

“නමය; සැඟවුණු කතාව” කෘතිය රටේ දේශපාලනය නිවැරැදිව කියවීම සඳහා ඉවහල් වන බව ප්‍රවීණ චිත්‍රශිල්පී සුදත් අබේසේකර මහතා පවසයි.

ඒ පසුගිය අප්‍රේල් 25 වන දින, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය එළිදැක්වීමෙන් පසු තම අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“නමය; සැඟවුණු කතාව” බලන්න මමත් ආවා. ඇත්තටම මේ සැඟවුණු කතාව අපිට දැනගන්න ඕනා වුණා. මොකද අරගලය කියලා කියන්නේ අපිට හිතාගන්න බැරි සමාජයේ පෙරළියක්, ඒ වගේම ජාත්‍යාන්තර වශයෙන් මේ වෙනකොට තියෙන කාරණා අපිට හරියටම අවබෝධ කරගන්න අමාරුයි.

මම හිතනවා මේ පොතෙන් කියවෙනවා මෙන්න මේ අපිට හිතාගන්න …. මොකද හැමදේකම යටිපෙළක් තියෙනවා. නිර්මාණකරුවෙකු වශයෙන් මම හිතනවා මේ යටිපෙළ හරියටම කියවගත්තොත් විතරයි අපිට දේශපාලනිකව මේ රට පිළිබදව හරි අදහසක් පරිපාලනමය වශයෙන් ගන්න පුළුවන්. ඒ නිසා කළාකරුවෙකු වශයෙන් මම විශ්වාස කරනදේ තමයි අපි තමයි නැවත අලුතෙන් හිතන්න පුළුවන් අය, දුර හිතන්න පුළුවන් අය. ඒ වෙනුවෙන් මේ පොත ඒ සඳහා හොඳ පාදකයක් වෙයි කියලා. ඒ නිසා නරඹන්න, බලන්න ආවා. බලමු අපි ඒකේ මොනවද තියෙන්නේ කියලා.”

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *