`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ‘රවීට එරෙහි විශ්වාසභංගය හදපු හැටි’ | JNP Sri Lanka | National Freedom Front

‘රවීට එරෙහි විශ්වාසභංගය හදපු හැටි’

හිටපු මුදල් අමාත්‍ය මෙන්ම ඉල්ලා අස් වූ විදේශ අමාත්‍යවරයා ද වන රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් පවසද්දී තවත් සමහරුන් සිටියේ ‘ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි’ කියාය.
කෙසේ වෙතත් අවසාන තීරණයකට කඩිනමින් එළඹිය යුතුව තිබුණේ ඊළඟ දිනයේදී විශ්වාසභංග යෝජනාව භාර දීමට සිදුව තිබුණු නිසාය.
“මම නම් හිතන්නේ මෙතැනදී වඩා සුදුසු රවී කරුණානායක ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීම කියලයි. ඔයා මේ පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමඟ කතා කරලා අවසන් තීරණයකට එන්න බලන්න” එදින සවස විමල් වීරවංශ මහතාට හදිසි දුරකථන ඇමතුමක් ලබාදුන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසා තිබිණි.
ඒ අනුව විමල් වීරවංශ මහතා එදින රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ මේ පිළිබඳව දුකරථනය ඔස්සේ අදහස් හුවමාරු කර ගත්තේය.
“මගේ ප්‍රශ්නයක් නැහැ. විමල්, අපි හෙට උදේ රවී කරුණානායක ඇමතිවරයාට එරෙහිව විශ්වාංසභංග යෝජනාවක් භාර දෙමුෟ” එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා දුරකථන සංවාදය අවසන් කළේ එවැනි තීන්දුවක් ගනිමිනි.
මේ පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දුන් විමල් වීරවංශ මහතා යෝජනා කළේ “අපි හෙට කෙහෙළියගේ පුතාගේ වෙඩිං එකේදි මුණු ගැහෙනවානේ. එතැනදි විශ්වාසභංගයට අත්සන් කරමු” කියාය.
ඊට එකඟ වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංග යෝජනාව සැකසීමේ කටයුත්ත පවරා තිබුණේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාටය. කෙසේ නමුත් සැකසූ ලිපිය පරිගණක අක්‍ෂරකරණයට භාරදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට පැමිණ සිටි බන්දුල ගුණවර්ධන මහතාට බලාපොරොත්තු වූ වේලාවට ලිපිය ලැබුණේ නැත.
කල්වේලා ඉක්ම යාමට පෙර මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දිය යුතුව තිබූ නිසා තම ආරක්‍ෂක නිලධාරියකු ලවා වාහනයේ තිබූ පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයක් ගෙන්වා ගත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ “දැන් ඔබතුමා මෙතැනදීම විශ්වාසභංග යෝජනාව අතින් ලියන්න. ඊට පසු අපි මෙතැනදීම අත්සන් කරමු” කියාය.
ඒ අනුව මංගල උත්සවයේ කෑම මේසයේදී විශ්වාසභංගයට මුලින්ම අත්සන් තැබුවේ දිනේෂ් ගුණවර්ධන මහතාය. ඉන්පසු විමල් වීරවංශ මහතාය. එසේ විවාහ මංගල උත්සවයට සහභාගී වී සිටි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සියල්ලම ඊට අත්සන් තැබූහ.
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *