`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ හදිසි මාධ්‍ය හමුව | JNP Sri Lanka | National Freedom Front

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ හදිසි මාධ්‍ය හමුව

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා ජාතික නිදහස් පෙරමුණ විසින් අද (03) දින විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ හත්වන සැකකරුවා බවට පත්ව, අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් එම නඩුවේ සැකකරුවෙකු නොවන බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශ කරමින්, ඔහුව එම නඩුවෙන් නිදහස් කර ඇති බවයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයේ හත්වන සැකකරු ලෙස තව දුරටත් නීතිමය කටයුතු සිදු කිරීමට අපේක්ෂා නොකරන බැවින් ඔහුව නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි.

මේ ආකාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සියළුම සැකකරුවනුත් නිදහස් වනු ඇති බවට තමන් සැක කරන බවත්, එසේ වුවහොත් එම ප්‍රහාරයෙන් මියගිය සහ සදාකාලික ආබාධිතයින් වී සිටින සිය ගණනක් වූ පුද්ගලයින්ට සාධාරණයක් නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *