`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) වරායේ නැගෙනහිර පර්යන්තය රජයේ පූර්ණ හිමිකාරීත්වයේ තිබිය යුතුයි…69 ලක්ෂයේ ජනවර නිර්මාණය කිරීමට කැපවුණු සැමගේ බලාපොරොත්තුව එයයි | JNP Sri Lanka | National Freedom Front

වරායේ නැගෙනහිර පර්යන්තය රජයේ පූර්ණ හිමිකාරීත්වයේ තිබිය යුතුයි…69 ලක්ෂයේ ජනවර නිර්මාණය කිරීමට කැපවුණු සැමගේ බලාපොරොත්තුව එයයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා රජයේ පූර්ණ හිමිකාරීත්වයේ තිබිය යුතු බවත් එය 69 ලක්ෂයක ජනවරම නිර්මාණය කිරීමට කැපවුණු මහා සංඝරත්නය ඇතුළු සෙසුු සියලු බලවේග වල අපේක්ෂාව බව  රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ් මහතා මෙම් අදහස් පළකළේය.

 

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා විසින් 2015 වරාය අධිකාරිය සම්බන්ධයෙන් ගනුලැබූ තීරණ ඉතාමත් ඵලදායී බවත් එහි ඉදිකිරීම් නවතා දමා වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දමන තත්වයට පත්කරනු ලැබුවේ  ඉන්පසු බලයට පැමිණි යහපාලන ආණ්ඩුව බවත් එබැවින් රනිල් වික්‍රමසිංහ නැවත්තුව තැනින් නොව මහින්ද රාජපක්ෂ නැවත්තුව තැනින් වැඩ පටන් ගැනීමට කටයුතු කළ යුතු බවත්ය.

 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව ද වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

 

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමට දිවිහිමියෙන් කැපවන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ නැගෙනහිර පර්යන්තයට මෙරට මුදල්වලින් වරාය සේවක හැකියාවෙන් ඉදිකරන බව යයිද කී ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි බවත්  පැවසීය.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *