`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) විමල් චීනයේ පැවති 3 වැනි "එක් තීරයක් - එක් මාවතක්" ජාත්‍යන්තර සමුළුවට(3rd BRF) සහභාගී වෙයි! | JNP Sri Lanka | National Freedom Front

විමල් චීනයේ පැවති 3 වැනි “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට(3rd BRF) සහභාගී වෙයි!

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 17-18 දෙදින චීනයේ බීජිං නුවර පැවති “ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)” උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී විය.

රාජ්‍ය නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් හා ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවට විමල් වීරවංශ මහතා සහභාගී වූයේ චීන රජයේ ඇරයුම පරිදිය. මෙවර BRFහි තේමාව වූයේ “උසස් තත්වයේ එක් තීරයක් – එක් මාවතක් සඳහා වූ සහයෝගීතාව : පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා එක්වෙමු!” යන්නයි.

මෙවර සමුළුව කැඳවා තිබුණේ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන චීනයේ ඉදිරි ආර්ථීක උපායමාර්ගය හා බැඳුණු “එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative)” අරඹා 2023 වසර වනවිට දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලැබීය. වසර දහයකට පෙර අරඹන ලද “එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය(BRI)” මහජන යහපත සඳහා වන සහයෝගීතා වේදිකාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගෙන ඇති බවත් එය ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රධාන සමුළු සැසිවාරය අමතමින් පෙන්වා දුන්නේය.

මෙහිදී විමල් වීරවංශ මහතා ප්‍රධාන සමුළු සැසිවාරයට මෙන්ම සෙසු විශේෂ සමුළු සැසිවාරයන් කිහිපයකට ද සහභාගී විය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-10-19

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *