`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැදගනී. | JNP Sri Lanka | National Freedom Front

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැදගනී.

ශ්රී ලංකාවේ ක්ෂුද්ර, කුඩා සහ මධ්ය පරිමාණ ව්යාපාර සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (16) කොළඹ මහජන බැංකු මාණ්ඩලික අභ්යාස විද්යාලයේදී සිදුවිය. මහජන බැංකුව Made in Sri Lanka ණය වැඩසටහන යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සමග ක්රියාවට නැංවූ දේශීය කර්මාන්ත සහ සන්නාමයන් ප්රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.

මෙම වැඩසටහන එකාබද්ධව ක්රියාත්මක කිරීම සඳහා ශ්රී ලංකාවේ මුල්ය අවශ්යතා ඇති ව්යාපාර හඳුනා ගැනීමට සහයෝගය ලබාදෙන සහ ඒවාට අලෙවිකරණ උපදේශනය ලබාදෙන ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ආයතනය සමඟද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) තවත් සහයෝගීතා ගිවිසුමක් අත්සන් කලේය. එහි අරමුණ වන්නේ ව්යවසායකයින්ගේ වෙළද සන්නාම ප්රවර්ධනය, උපදෙස් සහ සහය ලබාදීම හා අළෙවි කරන දැනුම ලබාදීමට එකගතාවය පළ කිරීමයි. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව රටේ විවිධ ප්රදේශයන් හි වාසය කරන මුල්ය අවශ්යතා ඇති ව්යවසායකයන් 20 දෙනෙක් වෙනුවෙන් සංකේතාත්මකව ණය ප්රධානයන් ලබාදීමට සිදු කරන ලදි.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති උපසේන දිසානායක, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්රනාන්දු මහතා, කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරී/සාමාන්යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ලංකා කාර්මික මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පී.එල්.යූ රත්නමලල, මහජන බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරිනි ක්රිශානී නාරංගොඩ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

 

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *