වැලිකඩින් අපි එළියට ආවේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට පණ පෙවීමට අවශ්‍ය ශක්තිය සහ පන්නරය අරගෙනයි’  – ජානිපෙ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර

වැලිකඩින් අපි එළියට ආවේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට පණ පෙවීමට අවශ්‍ය ශක්තිය සහ පන්නරය අරගෙනයි’ – ජානිපෙ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර

ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සිරිගත කර ඔවුන් ආණ්ඩුවට එරෙහිව සිදුකරන ජනතා අරගලය යටපත් කිරීමට කිසිවකු හෝ හිතනවා නම් එය එය බරපතළ වරද්දා ගැනීමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර More »

මේ රටේ බහුතරයකට ඕනෙ වුණේ නයිට් ක්ල්බ් යන, ගහමරා ගන්නා පුතකුගේ තාත්තා කෙනෙකු ජනපති කරවන වෙනසක්ද?  – ජානිපෙ නායක, විමල් වීරවංශ

මේ රටේ බහුතරයකට ඕනෙ වුණේ නයිට් ක්ල්බ් යන, ගහමරා ගන්නා පුතකුගේ තාත්තා කෙනෙකු ජනපති කරවන වෙනසක්ද? – ජානිපෙ නායක, විමල් වීරවංශ

2015 ජනවාරි 08 වැනිදා මේ රටේ බහුතරයකට උවමනා වූයේ ‘නයිට් කල්බ් යන, ගහ මරා ගන්නා පුතකුගේ තාත්තා කෙනෙකු’ ජනපති කරවන වෙනසක්ද? යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර More »

අප ඉතාම අත්‍යවශ්‍ය සහ සාධාරණ කරුණු මත භාවිතා කළ වාහන ගැන හොයන ආණ්ඩුව අද පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් රජයේ වියදමින් වාහන ලබා දෙනවා. – ජනිපෙ නායක විමල් වීරවංශ තමන් ඉතාම සාධාරණ සහ අත්‍යවශ්‍ය More »

“ලේබලේ මොනවා තිබුණත් බෝතලේ ඇතුළේ තිබෙන්නේ කුමක්ද?’ කියන කාරණයයි වැදගත්” – නව ව්‍යවස්ථාව පිළිබඳ විමල්ගෙන් විවරණයක්

“ලේබලේ මොනවා තිබුණත් බෝතලේ ඇතුළේ තිබෙන්නේ කුමක්ද?’ කියන කාරණයයි වැදගත්” – නව ව්‍යවස්ථාව පිළිබඳ විමල්ගෙන් විවරණයක්

ඒකීය ලේබලය යටතේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන ඒමට වත්මන් ආණ්ඩුව ඉතාමක් සූක්‍ෂ්ම ලෙස කටයුතු කරමින් සිටින බවත් එබැවින් ‘ලේබලේ මොනවා තිබුණත් බෝතලේ ඇතුළේ තිබෙන්නේ කුමක්ද? ’ යන කාරණය කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතුව More »

 

බැඳුම්කර හොරකමේ ‘මහ මොලකරු’ වහාම ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් ජනතාව සමඟ පාරට බහින්න අපි සූදානම්! – විමල් වීරවංශ

02
ශ්‍රී ලංකා රජයට ක්‍ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.
ඔහු මේ බව පැවසුවේ අද(02) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

කෝප් කමිටු නිර්දේශ ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩහැර අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක

img_6524
කෝප් කමිටු නිර්දේශ අනුව මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීමට ඉඩහැර අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
අද(01) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේ ද සඳහන් කළේය.
”පසුගිය සිකුරාදා වන විට අපට හැකි වුණා මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදු කළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට. පසුගිය මාස 20 පුරාම ආණ්ඩුව උත්සාහ කළේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක වළක්වන්න. මේ වාර්තාව 2015 ජුනි මාසය වන විට සකස්කර අවසන්ව තිබුණා. එදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම වැළැක්වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. ඊට පසුව පත්වුණු නව පාර්ලිමේන්තුව යටතේ පිහිටු වූ කෝප් කමිටුව විසින් මේ වාර්තාව යළි ඉදිරිපත් කිරිමට උත්සාහ ගැනීමේදීත් ආණ්ඩුව විශේෂයෙන් කෝප් කමිටුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊට බාධා කළා. එම වාර්තාව එළි දැක්වීම අනන්තය දක්වා කල් දමන්න කළ හැකි සියල්ල කළා.

‘බැඳුම්කර වංචාවට අදාළ කෝප් කමිටු වාර්තාව මේ සතියේදී ඉදිරිපත් නොකළහොත් එය ලබන සතියේදී ජනතාව අතට පත් කරනවා’ – කෝප් කමිටු සාමාජික වීරකුමාර දිසානායක

IMG_0713
අගමැතිවරයා ප්‍රමුඛ එත්සත් ජාතික පක්‍ෂය මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කෝප් තමිටු වාර්තාව යට ගැසුවොත් එය ලබන සතියේදී ජනතාව අතට පත් කිරීමට තමන් කටයුතු කරන බව කෝප් කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
අද(26) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේ ද සඳහන් කළේය.

වැලිකඩින් අපි එළියට ආවේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට පණ පෙවීමට අවශ්‍ය ශක්තිය සහ පන්නරය අරගෙනයි’ – ජානිපෙ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර

IMG_2917[1] copy
ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සිරිගත කර ඔවුන් ආණ්ඩුවට එරෙහිව සිදුකරන ජනතා අරගලය යටපත් කිරීමට කිසිවකු හෝ හිතනවා නම් එය එය බරපතළ වරද්දා ගැනීමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
පුරා දින 26ක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ජයන්ත සමරවීර මහතාට අද(24) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

ජනාධිපතිගේ වැය ශීර්ෂය 320%කින් ඉහළ දමලා, අධ්‍යාපනයට වෙන්කළ මුදල් 57.6%කින් කපා දමලා. 2017 අය-වැයත් පචවැලක් වේවි – මොහොමඩ් මුසම්මිල්

kfp_0967

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2016 වසරට සාපෙක්ෂව 320%කින් ඉහළ දැමූ, අධ්‍යාපන වැය ශීර්ෂය 57.6%කින් කපා දැමූ විසර්ජන පනත් කෙටුම්පතක් 2017 වසර සඳහා ඉදිරිපත්කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

ගැසට්කර ඇති 2017 විසර්ජන පනත් කෙටුම්පත කෙරෙහි මාධ්‍යයේ අවධානය යොමුකරවමින් ඒ මහතා අද(11) එම පක්‍ෂයේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය.

2017 අය – වැයෙන් ජනාධිපතිවරයාට දිනකට රුපියල් කෝටි 02ක මුදලක් වෙන්කර ඇති බැවින් ‘සරල ජනාධිපති’ යන අන්වර්ථ නාමයෙන් තමන්ව හඳුන්වා ගන්නා එතුමා එවැනි මුදලක් වෙන්කර ගැනීම කොතරම් සදාචාරසම්පන්නදැයි මෙහිදී මුසම්මිල් මහතා ප්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.

ජයන්ත සමරවීර – සරත් වීරවංශ ඔක්තෝබර් 24 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

kfp_0894
‘ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතය’ යන වරගැන්වූ FCID චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් , එම චෝදනාව යටතේම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර හා සරත් වීරවංශ යන මහත්වරුන්ට අදාළ නඩුව අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගනු ලැබීය . එහිදි ජයන්ත සමරවීර සහ සරත් වීරවංශ යන මහත්වරු ඔක්තෝබර් 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය .

 

kfp_0891