`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත වෙයි… | JNP Sri Lanka | National Freedom Front

උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත වෙයි…

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් උණ දැව ආශ්රිත කර්මාන්ත දාමය (Industry Chain Line) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) අනුග්රහයෙන් ආරම්භ කළ උණ දැව ආශ්රිත පුහුණු සහ සංවර්ධන මධ්යස්ථානය අද (21) කටුබැද්ද ලක්සල පරිශ්රයේදී කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.

උණ වගාව ප්රචලිත කිරීම, උණ දැව ආශ්රිත නිෂ්පාදන හදුන්වා දීම, අපනයන සංවර්ධනය සහ ආශ්රිත සේවා සැපයීම මෙම පුහුණු මධ්යස්ථානයේ ප්රධාන අරමුණු වේ. පුහුණු මධ්යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්යවරයා විසින් අදාළ ක්රියාවලිය සහ උණ දැව යොදා ගනිමින් සිදුකළ නිර්මාණ සමීපව නිරීක්ෂණය කරන ලදි. UNIDO සංවිධානය විසින් මෙම පුහුණු මධ්යස්ථානය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100,000ක තාක්ෂණික උපකරණ ලබා දි තිබේ.

මෙම මධ්යස්ථානය මගින් උණ දැව ආශ්රිත ව්යාපාරවල යෙදෙන සහ නවක ව්යාපාරිකයින් සදහා අවශ්ය පුහුණුව ලබා දීම, උණ දැව ආශ්රිත නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන්, රාජ්ය ආයතන, විශ්ව විද්යාල සහ පරිශීලකයින් සදහා ප්රධාන තොරතුරු සහ පුහුණු මධ්යස්ථානයක් ලෙස ක්රියාත්මක වෙමින් ඒ සදහා අවශ්ය වෙළදපොළ පිළිගැනීම ලබා දීමට කටයුතු කිරීම, උණ දැව ආශ්රිත නිෂ්පාදන සදහා අවශ්ය උපකරණ සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම මගින් ව්යාපාරය සදහා යොමුවන ව්යවසායකයින් දිරිගැන්වීම, උණ ශාකය ආශ්රිත නිෂ්පාදන සදහා වූ ජාත්යන්තර සම්මුති, ප්රකාශන සහ අනෙකුත් තොරතුරු අඩංගු මධ්යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම, උණ දැව ආශ්රයෙන් කරන ලද නිර්මාණ සහ විවිධ නිෂ්පාදන සදහා ප්රදර්ශනාගාරයක් ලෙස කටයුතු කිරීම, පුහුණු මධ්යස්ථාන විශ්ව විද්යාල සහ පර්යේෂණ ආයතන සමග උණ ආශ්රිත නව නිෂ්පාදන සහ පර්යේෂණ පිළිබදව සම්බන්ධීකරණ කාර්යාලයක් ලෙස කටයුතු කිරීම යන සේවාවන් සැපයීමට නියමිත ය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් එස්. එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්යක්ෂ ජනරාල් පී.එල්.යූ රත්නමලල, UNIDO සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක නිරෝෂනි පීරිස්, ජාතික මෝස්‌තර මධ්යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන බුද්ධික විමලසිරි, ආලෝක වාහලවත්ත යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

 

 

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *