‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයේ දී තමන්ගේ නිෂ්පාදනයක් ලෝකයට යැවිය හැකි තරුණියක – තරුණයකු වන්න. ඒ සඳහා අපි මඟ සලසන්නම්… – ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

මේ වන විට ඇරඹී ඇති කර්මාන්ත පුනරුද යුගය හෙවත් ‘මේඞ් ඉන් ශ්රී ලංකා’ යුගයේ දී තම නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යැවිය හැකි විභවයක් සහිත තරුණයකු – තරුණියක වන ලෙසත් ඒ සඳහා කර්මාන්ත අමාත්යවරයා ලෙස තමන් අවශ්ය සියලු අවශ්යතා සපුරා දීමට සූදානම් බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතා මෙරට තරුණ පරපුර වෙත පවසා සිටියේය.

පසුගිය දා මහරගම ‘අරියානා රීච්’ හෝටලයේ පැවති ‘අනාගතය අපි’ තරුණ ව්යාපාරයේ කොළඹ දිස්ත්රික් නියෝජිත සමුළුවට ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘අනාගතය අපි’ බිහි වීම

“ ‘අනාගතය අපි‘ තරුණ ව්යාපාරය මීට වසර කීපයකට පෙර ආරම්භ වුණේ ඉතාමත්ම පුළුල් සහ වැදගත් අරමුණු රාශියක් පදනම් කරගෙන. ඒ අතර තියෙන වැදගත්ම කාරණය තමයි මේ රටේ ඊළඟ පරම්පරාවේ නායකත්වය නිර්මාණය කරන තරුණ පරපුර බවට පත්වීම. හැමෝම තරුණ ව්යාපාරයක් ගොඩනඟන්නේ නායකත්වයක් නිර්මාණය කිරීමට නොවෙයි තිබෙන නායකත්වයන් පෝෂණය කර ගැනීමට. මෙම තරුණ ව්යාපාරය ඊට වඩා වෙනස්. තිබෙන නායකත්වයන් පෝෂණය කරනවා වෙනුවට රටට, ජාතියට උපකාර වන අන්දමේ නව පරම්පරාවේ නායකත්වයක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්ය පදනම ගොඩනගාගන්න තමයි මේ ‘අනාගතය අපි’ තරුණ ව්යාපාරය නිර්මාණය වුණේ.

ඔබ කවුරුත් අමතක නොකළ යුතුයි, මේ පය ගහලා ඉන්න භූමිය බොහෝ ආක්රමණිකයන්ගේ ප්රහාරවලට ලක් වෙලා මියගිය මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් ඔපමට්ටම් වුණු භූමියක් බව. යුරෝපා ආක්රමණිකයන් අවුරුදු පන්සීයක් මේ රටේ හිටියා. එහෙත් ඒක සිංහල භාෂාවත්, බුදුදහමත් මකන්න බැරි වුණු යුගයක්. ස්පාඤ්ඤ අධිරාජ්යවාදීන් ලතින් ඇමරිකාවේ හිටියා අවුරුදු විස්සක්. ලතින් ඇමරිකාවේ තිබුණු සෑම ප්රාදේශීය භාෂාවක්ම සහ ප්රාදේශීය ආගමක්ම ඒ අවුරුදු 20 ඇතුලේ අතුගා දාලා ස්පාඤ්ඤ අධිරාජ්යවාදීන්ට පුළුවන් වුණා, මුළු ලතින් ඇමරිකාවේම ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ ආගම පතුරවන්න. අපිට අපේම භාෂාවක් නොතිබුණා නම්, ඉංග්රීසි ජාතීන්ට එය වෙනස් කරන්න පහසු වෙන්න තිබුණා. අවුරුදු පන්සියයක් යුරෝපා ආක්රමණිකයන් මේ රට තුළ ඉඳලා, ඇයි අපේ රටේ දේවල් නැති කරන්න ඔවුන්ට බැරි වුණේ?

‘ගහට පොත්ත වගේ’

සුදු අධිරාජ්යවාදීන් ගෙනා රාජ්ය සේවය ලැබුණේ ආගම වෙනස් කරපු අයට. වරප්රසාද ලැබුණේ ප්රභූ පැළැන්තියේ ආගම වෙනස් කරපු අයට. සුදු අධිරාජ්යවාදීන් ඉංග්රීසි භාෂාව උගන්වන පාසල් පටන් ගත්තා. එයාලාගේ භාෂාව මේ රටේ ප්රධාන භාෂාව බවට පත් කළා. වසර 500ක් එහෙම උත්සාහ කළත් ඔවුන්ගේ දේවල් මේ රටේ ගොඩනගන්න බැරි වුණා. බි්රතාන්ය අධිරාජ්යයේ යටත්විජිත ලේකම්ට මෙරට හිටපු ආණ්ඩුකාරවරයකු ලියුමක් යවනවා, ‘මේ රටේ ඉන්නවා කහකඩ හමුදාවක්. මේ හමුදාව ගමේ ගොඬේ හැම දේටම සම්බන්ධයි. ගහට පොත්ත වගේ, ඉන්න මේ කහකඩ හමුදාව වට්ටන්නේ නැතුව මේ රට අල්ලගන්න බැහැ’ කියලා.

මේ සුද්දො ලංකාව අල්ලා ගත්තාම, අපේ මහ කැළෑ වනසලා එයාලා කන්ද උඩරට මහා තේ වතු නිර්මාණය කළා. ඇයි ඒ තේ වතුවල වැඩ කරන්න ලංකාවේ කම්කරුවෝ හිටියෙ නැත්තේ? ඇයි ලංකාවේ මිනිස්සු ඒ තේ වතුවල වැඩ කරන්න ගියේ නැත්තේ? සුද්දෝ එනකොට මේ රටේ තිබුණේ කාගෙවත් ගාව කුලියට, මලියකට වැඩ කරන ජීවනෝපායක් නොවෙයි. එක්තරා ආකාරයකට ස්වයංපෝෂණය වූ අර්ථ ක්රමයක් අපිට තිබුණා. ඉඩම, කමත තිබුණා. ඒ නිසා ගොවිතැන තිබුණා. කම්හල් තිබුණා. ඒ මගින් අවි ආයුධ නිපදවනු ලැබුවා. ඒවා රජුගේ හමුදාව පරිහරණයට ගත්තා. සාමාන්ය මිනිහා වගා බිම්වල උවමනාවන්වලට වැඩ කරන්න ගත්තා. හැම මිනිසෙකුටම ආදායම උපයන්න මාර්ගයක් තිබුණා. ලෝකයේ පළමුවැනි රේගු බදු අය කරපු සාක්ෂිය තියෙන්නෙ ලංකාවේ. ඒ රේගු බදු අය කරපු බවට තිබුණු ඉපැරණිම සීල් එක මට මතක විදියට හම්බන්තොට පැත්තෙන් හමුවුණා. අපි මේ තරම් දුරක් කරදර හා බාධක පහුකරගෙන ඇවිත් තියෙන්නෙ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි. අර ගහට පොත්ත වගේ තිබුණ ඒකාග්රතාව රැකුණු හින්දා.

‘ධාතුසේන රජුන් දැන සිටි පොස්පේට් නිධිය’

පුස්කොල පොත් කියන ඒවා සුද්දාට හමු වුණේ ලංකාවෙන්. පුස්කොල පොත ඉන්දියාවටත් ගියේ ලංකාවෙන්. මොකද කියනවානම් පුස්කොල පොත්වල ලියලා තියන්න තරම් දැනුමක් අපේ රටේ තිබුණා. වාරි විද්යාව, වාරි තාක්ෂණය පිළිබඳ දැනුම එසේ ලියැවී තිබුණා. ධාතුසේන රජ්ජුරුවෝ යෝධ ඇළ හැදුවේ එප්පාවල පොස්පේට් නිධිය වටේට. ධාතුසේන රජ්ජුරුවෝ දැන සිටියා ඒ පොළොවේ විශේෂත්වයක් තියෙනවා කියලා. එතකොට යෝධ ඇළ යන්නේ පොස්පේට් අවශෝෂණය කරගෙන. ඒක කලා වැවට ගිහිල්ලා වැටෙනවා. කලා වැවෙන් ගන්න වතුර ටිකෙන් කුඹුරෙ වැඩ කරනකොට පලදාව වැඩියි. මොකද ඒ වතුර පොස්පේට් සමග මිශ්ර වෙලා එන නිසා. වෙන තැනකින් යෝධ ඇළ හැදුවානම්, එය වෙන්නේ නහැ කියලා ධාතුසේන රජතුමා දැනගෙන හිටියා.

ඔබ දන්නවා බි්රතාන්යයෙන් මහවැලි සංවර්ධන යෝජනා ක්රමය පටන් ගනිද්දි චන්ද්රිකා තාක්ෂණය මගින් බැලුවා ‘කොතනද සොරොව්ව හදන්න ඕන?’ කියලා. ඒගොල්ලො ගොඩක් පර්යේෂණ කරලා තීරණය කළා සොරොව්ව හදන්න තැනක්. එතැනට ගිහිල්ලා බලපුවාම මීට අවුරුදු දහදහස් ගණනකට කලින් අපේ මුතුන් මිත්තෝ එතැන සොරොව්ව හදලා තිබිලා තියනවා.

සොරොව්වක් එතැන හදලා, වතුර පාලනය කරලා, බෙදා හැරලා තියෙනවා. ඒ නිසා බි්රතාන්ය ඉංජිනේරුවන් මහවැලි ව්යාපාරය ආරම්භ කරන උත්සවයේ දී විනාඩියක පමණ නිශ්ශබ්දතාවයක් තිබ්බා, අපේ ඉපැරණි මිනිස්සුන්ට.

‘ඉතිහාස අධ්යයනයේ වැදගත්කම’

ඔය කියන චන්ද්රිකා තාක්ෂණය නැති කාලේ ‘අපේ ඉතිහාසය‘ අපිට අපේ අධ්යාපනයෙන් කියලා දෙන්නේ නැහැ. කෞතුකාගාරයට ගියොත් අපිට පෙනෙන්නේ ලොකු මාළුවෙකුගේ ඇටසැකිල්ලක්. ඉතිහාසය මාලුවෙකුගෙන් පටන් ගත්තා කියලා තමයි එතකොට අපිට හිතෙන්නේ. නමුත් අපේ ඉතිහාස කතාව කියලා දෙන එක තැනක් අපිට නැහැ. නූතන පරම්පරාවන් අපේ ඉතිහාස කතා මේ වෙනකොට දන්නෙ නැහැ. අජිත් ජයවර්ධන මහතා සිය දේශනයේ දී කිව්වා වගේ, වෙන ඕනම රටක තනතුරකට එනවානම්, පුරවැසිභාවය ලබා ගන්නවා නම් හරි ඒ දේවල් ලැබෙන්නෙ ඒ රටේ ඉතිහාසය ඉගෙනගෙන සමත් වුණොත් පමණයි.

ලෝකයේ හොඳම මිනිරන් තියාගෙන ඉන්නේ අපි, ලෝකයේ පිරිසුදුම ටයිටේනියම් නිධිය තියාගෙන ඉන්නේ අපි, ලෝකයේ නොඉඳුල් යපස් නිධිය තියාගෙන ඉන්නෙ අපි, අද වෙනකොට භූ විද්යාඥයෝ සොයාගෙන තියෙනවා රත්තරන් නිධි පිහිටලා තියන තැන්. ඒත් අපේ රටේ භූ විද්යා හා පතල් කාර්යාංශ නිලධාරීන් වැලි පර්මිට්, පස් පර්මිට් දීලා පාඩුවේ ඉන්නවා. මේ පොළොව ඇතුළෙ තියෙන මහා ධන සම්පත් අගය කිරීමක් වෙන්නේ නැහැ. මිනිරන්, ටයිටේනියම් අමුවට පිටරටට යනවා. නමුත් කර්මාන්ත අමාත්යාංශය ලෙස අපි මේ අගය එකතු කිරීමට අදාළ පියවර දැන් ගනිමින් ඉන්නවා.

‘කොරෝනා‘ අපිට අපේ ජීවන රටාව ගැන වෙනම පාඩමක් කියලා දුන්නා. කනේ වයර් එක ගහගෙන ෆෝන් එක දිහාම බලාගත්තු අයටත් සිංහල බෙහෙත් බඩු කඬේක පෙරුම්කායම් හොයාගෙන යන්න සිද්ධ වුණා. කොරෝනා නිසා සීතල අයිස් පොල්ලකින් අපේ ඔලුවට ගහලා තියෙන්නේ,‘නුඹලාගේ ඉතිහාසගත උරුමය සොයාගෙන පලයල්ලා’ කියලා.

ඇමරිකාවේ යුද මර්මස්ථානය වූ පෙන්ටගනයේ තිබෙන සිතියමේ යුද උපායමාර්ගිකව වැදගත් ස්ථාන ලකුණු කරලා තියනවා. ඒ තැනක් තමයි ලංකාව. ලංකාවේ ඉදන් ලෝකයේ ජනගහනයෙන් 52%ක් ආවරණය වන සේ යන්න පුළුවන් පැය පහහමාරක් ඇතුළත. ලංකාවේ ඉදන් මධ්යම ආසියාව, නැගෙනහිර ආසියාව, දකුණු අප්රිකාව වගේ කලාප තුනක් ආවරණය කරන්න පුළුවන්. ලෝකයේ දෙවැනියට විශාල වරාය තමයි ත්රිකුණාමල වරාය. ඒක නැවක් හංගන්න තරම් විශාල වරායක්. ඒ නිසා තමයි දෙවැනි ලෝක යුද්ධ කාලේ බි්රතාන්යයන් ඉතා ප්රබල ලෙස මේ වරාය යොදාගත්තෙ. මේ රටේ පිහිටීම සහ සම්පත්වල අගයත් එක්ක ලෝක බලවතුන් අපි දිහා බලගෙන ඉන්නවා.

‘ටි්රපල් ඩී සංකල්පය’

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රට භාර ගත්තේ පිළිවෙළක් ඇති රටක් බවට පත් කරන්න, සිංගප්පූරුවේ තිබුණු ‘ටි්රපල් ඩී’ සංකල්පය ක්රියාත්මක කරන්න. ඒ තමයි විනය (Decepline), සංවර්ධනය (Development) සහ ප්රජාතන්ත්රවාදය (Democracy). අපේ මොකක්ද, ටිුපල් ඩී? පළමුවැනි එකත් ඩිමොක්රසි. දෙවැනි එකත් ඩිමොක්රසි. තුන්වැනි එකත් ඩිමොක්රසි. අපි උදේට පොල් සම්බෝලත් එක්ක ඩිමොක්රසි කාලා, ලුණු මිරිස් එක්ක දවල්ටත් කාලා, රෑට කිරිහොදිත් එක්ක ඩිමොක්රසි කාලා බුදියගන්න රටක්. අපි උදේ පාන්දර නැගිට්ට ගමන් බලන්නෙ ‘ඩිමොක්රසි එකට මොකක් හරි වෙලාද’ කියලා.

බලපුවාම නාකොටික් එක කුඩු අල්ලනවා වගේම බෙදනවා. ගෝඨාභය ජනාධිපතිතුමා වගේ ජනාධිපති කෙනෙක් බලයට ආවේ නැත්තම්, රහස් පොලිසියට ඒ නිදහස දුන්නේ නැත්නම් කවදාවත් නාකොටික් නිලධාරීන් අල්ලයිද? ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනවා. හැබැයි කුඩු අල්ලන්නෙත් කුඩු බෙදන්නෙත් නාකොටික් නිලධාරීන්. මම නැවත නැවතත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ‘යම් විදිහකින් ඔය නාකොටික් අයට අධිකරණයෙන් මරණ දඬුවම නියම කළොත් අනිවාර්යෙන්ම ජනාධිපතිතුමනි, ඒකට අත්සන් කරන්න’ කියලා. මේ රටේ තරුණ පරපුර මත්ද්රව්යවලට ඇබ්බැහි වෙලා විනාශ වෙනවා බලන්න බැරි නිසා, මම නම් යෝජනා කරන්නේ ‘මානව හිමිකම්’ ගැන මොන බයිලා තිබුණත් අතිගරු ජනාධිපතිතුමාට ඒ අත්සන පාවිච්චි කරන්න කියලා.

අපේ රටට බුදු දහම හා බැඳුණු ශික්ෂණයක් තියනවා, විනයක් තියනවා, නමුත් අද වෙනකොට ඒක ටික ටික වියැකිලා ගිහින්. මනුස්ස ගුණාංග අහිමි කරගෙන යනවා. අපි රැකුණේ අපේ තිබුණ වටිනාකම් පද්ධතිය එක්ක. නමුත් අපි අද අපේ දේ නැති කර ගනිමින් ඉන්නවා. පහුගිය ආණ්ඩු සමයේ නව ලිබරල්වාදී දේශපාලන දර්ශනයෙන් ගැහුවේ ඒ වටිනාකම් පද්ධතියට. එයාලාට අනුව ආගමක් නැති මිනිස්සු බහුල වෙන්න ඕනෙ, ගණිකා නිවාස නීතිගත වෙන්න ඕනෙ, සමාජය පුද්ගල කේන්ද්රීය වෙන්න ඕනෙ. අපි පුද්ගල කේන්ද්රීය නැහැ, අපි පවුල් කේන්ද්රීයයි. ඇමරිකාවේ පුද්ගලයා පුද්ගල කේන්ද්රීයව සිතන නිසා තමයි කොරෝනා සමයේ 44%ක් ඇමරිකානු කාන්තාවො ගබ්සා කරගත්තෙ. අපේ ඒ වටිනාකම් පද්ධතියට ගහලා, දුර්වල කළොත් තමයි මේ රට අල්ලා ගන්න පුළුවන්. රටක් අත්පත් කරගන්න ඒක අත්යවශ්ය සාධකයක්. අපිට උරුම උසස් මානව සංකල්ප තමයි අපිට තියෙන ‘වෛරස් ගාඞ් එක’. ඒ වෛරස් ගාඞ් එක නිසා තමයි අපි ආරක්ෂා වෙලා ඉන්නේ. පිටින් එන ඕනෙම සංස්කෘතික, දේශපාලන ලෙඩවලට නතු වෙන මිනිහෙක් හැදෙන්නෙ අපට තියෙන අර ඓතිහාසික වෛරස් ගාඞ් එකට හානි කළොත් විතරයි.

‘අපේ වෛරස් ගාඞ් එක’

කොණ්ඬේ, රැවුල වවාගෙන ‘මොඩර්න් සංස්කෘතියක්’ පෙන්වාගෙන අර අපට තියෙන වෛරස් ගාඞ් එකට සංස්කෘතිමය වශයෙන් ගහනවා. මත්ද්රව්ය ප්රවර්ධනය කරනවා. අපේ තරුණ පිරිස් මේ දේවල්වලට ඉක්මනින් නතු වෙනවා. හැබැයි අවුරුදු පන්සීයක් යුරෝපා ආක්රමණිකයො මේ රටේ හිටියත් මේක ගිලින්න බැරි වුණේ ඒ ඓතිහාසික වෛරස් ගාඞ් එක අපේ රටේ ප්රබලව තිබුණු නිසා.

බලන්න කිරිපිටි පවුඩර් ආවා, ‘නවසීලන්තයෙන් ආවා’ කියලා ඒ ටික පෙව්වා. අපේ පදනමින් ගලවමින් ඔවුන්ගේ වාණිජමය ජීවනෝපාය ක්රමයට අපිව ඇදගෙන යනවා. අපිව රැකෙන්න නම් අපේ ඓතිහාසික සංස්කෘතික පදනම අපි බලගන්වන්න ඕනෙ. මේ රටේ ඉතිහාසගත උරුමය හඳුනන, ජාතිකවාදී මනසකින් යුතු ඒ වගේම නූතන තාක්ෂණ දැනුමින් අනූන දෙමුහුන් තරුණ තරුණියන් අවශ්යයි. රාජ්ය සේවයේ දූෂණ ඇති වෙන්න ප්රධාන හේතුවක් තමයි මේ දෙමුහුන් මිනිසා රාජ්ය සේවයේ නැතිකම. මේ දෙමුහුන් මිනිහා ඉන්නවානම් ලෝකෙ හැම රටක් එක්කම ඉදිරියට යන්න අපට පුළුවන්. එහෙම වුණොත් අපේ විද්යාඥයෝ දෙසීයක් විතර නාසා ආයතනයේ ඉඳියි. පේටන්ට් බලපත්ර අයිතිකාරයො ගොඩක් මේ රටේ ඉන්නවා. මම කර්මාන්ත ඇමති වූ පසු තරුණයෙක් මුණගැසුණා, වවුනියාව ප්රදේශයෙන්. ඔහු ත්රස්තවාදයෙන් බැටකාපු තරුණයෙක්. පළමුවැනියටම ඒ ගමෙන් මොරටු විශ්වවිද්යාලයට තේරුණු තරුණයෙක්. වැඩිදුර ඉගෙන ගන්න ශිෂ්යත්වයක් ලැබිලා එම තරුණයා බි්රතාන්යයට යනවා. අද එයා අතේ පේටන්ට් බලපත්රයක් තියනවා. එයා ඩිජිටල් නූලක් හදපු තරුණයෙක්. බලන්න ඒ ඩිජිටල් නූලෙ අයිතිකාරයා ලාංකිකයෙක්. ජීවත් වෙලා තියෙන්නෙ, වවුනියාවේ පිටිසර ගමක.

ඔක්කොටම කලින් මුල හොඳට පොළොවට ඇද ගත්තු ගහක් වෙන්න ඕනෙ. මුල හොඳට පොළොවට අල්ලගෙන තියනවා නම්, කොළයක් දෙකක් වැටුණට කමක් නැහැ. අපෙත් සමහර වෙලාවට කොළ හැලෙනවා. ඒත් අපේ මුල මේ පොළොවට තදින්ම අල්ලාගෙන තියෙන්නේ. පොළොවට ග්රහණය කරගත්ත ගහක් නම් ඔබ, කොළ හැලුනාට කමක් නැහැ, එවිට අපිට පුළුවන් එන ඕනෙම අභියෝගයක් ජය ගන්න. ඒ නිසා අනාගතය අපි තරුණ ව්යාපාරයේ මේ තරුණ තරුණියන් පොළොවට මුල හොඳට අල්ලගත්තු ශක්තිමත් ගස් වෙන්න ඕනෙ.

‘පොල් වතුරද – කොකා කෝලාද?’

පිටරට අය හොය හොයා පොල් වතුර බොද්දි මෙහේ අය හොයන්නෙ කොකා කෝලා. අලුත් තරුණ තරුණියො බැන්ඳාට වඩා වේගයෙන් වෙන් වෙනවා. ඒකට හේතුව තමයි දරු ඵල නැති එක. මේ පොල්වතුර දරු ඵල සඵලතාව වැඩි කරන පානයක්. අපේ ජීවන රටාව ඇතුළෙ අපේ ගොඩක් ප්රශ්නවලට උත්තර තිබුණා. මේ හැම දෙයකම විධිමත් භාවයක් තිබුණා. ලෝක බලවතුන් අද අපි එකිනෙකා රණ්ඩුසරුවල් කරවලා, භේද බින්න කරවලා, එකිනෙකා කෙරෙහි වෛරයෙන් ඊර්ෂ්යාවෙන් බලන්න පුරුදු කරවලා, තිබුණු පවුල් කේන්ද්රීය රටාව වෙනුවට පුද්ගල කේන්ද්රීය රටාවක් වර්ධනය කරවලා. මේ තත්වය අපි පැරදවිය යුතුයි.

කොරෝනා නිසා අපනයන ආදායම ජුනි මාසෙදි ඩොලර් මිලියන 1020ක්. ආනයන වියදම ඩොලර් මිලියන 961 වෙනවා. ජේ. ආර්. ජයවර්ධන පටන්ගත්ත විවෘත ආර්ථිකයේ පළමුවැනි වතාවට ආනයන වියදම් ඉක්මවලා අපනයන ආදායම වැඩිකරගෙන තියෙනවා. අපි අපේ රටින් උපයපු දේවල් පිටරටට යවලා, අපේ ආදායම් වැඩිකරගෙන තියෙනවා. මේක තමයි අපිට ඕනෙ කරන මොඩලය. අපිට ඕන නිෂ්පාදන ආර්ථිකයක්. ලෝකෙටම අපේ බඩු යවන තරුණයො හදාගන්නයි දැන් අපිට ඕන. කර්මාන්ත – ව්යවසාය වෙනුවෙන් උනන්දු මනසක් තියන තරුණයො හදාගන්න අවශ්යයි.

මට හෝමාගම ඉන්න තරුණයෙක් හමුවුණා. ඔවුන් මහා පරිමාණයෙන් ගම්මිරිස් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනවා. සුදු ගම්මිරිස් ඔහු අපනයනය කරනවා. තැඹිලිවතුර, පොල්වතුර ටින් කරලා ඇමරිකාවට යවලා ඇමරිකාවෙන් තත්ත්ව සහතිකය පවා ගත්ත තරුණයෝ මේ රටේ අද ඉන්නවා. ඒ – ලෙවල්, ඕ – ලෙවල්වලින් පාසලෙන් එළියට ඇවිත් ත්රීවිල් එකක රැකියාව කරන මට්ටමෙන් අපි එළියට එන්න ඕනෙ. අපි හැම කෙනෙක් සතුවම තියෙනවා විභව ශක්තියක්. අපි හැමෝටම හැකි දෙයක් තියෙනවා, ඒ හැම දේටම බය නැතිව මුහුණ දෙන්න ඕනෙ.

2019 ගත්තේ නිවැරදි තීරණයක්

දේශපාලනයෙදිත් ඒ වගේ හොඳින් හිතලා තීරණ ගන්න ඕනෙ. 2015 වරද්දගත්තට 2019 වැරදුනේ නැත්තෙ ඒ නිසා. 2019 ගත්තේ නිවැරදි තීරණයක් නිසා, අද අපි නිවැරදි ප්රතිඵල භුක්ති විඳිනවා. අද රාජ්යය බලගැන්වෙමින් තියෙනවා. සහරාන්ගෙ කල්ලි එක පිට එක අත්අඩංගුවවට ගැනෙනවා. නාකොටික් ජාවාරම එළියට එනවා. බුද්ධි අංශ සක්රීය වෙනවා. අපනයන ආදායම වැඩි වෙනවා. ආනයන වියදම අඩු වෙනවා. ‘මේඩි ඉන් ශ්රී ලංකා’ යුගයකට මේ රට ගමන් කරමින් යනවා.

මේ යන ගමනේ කර්මාන්ත ඇමති විදියට ඒ වගකීම නොපිරිහෙළා ඉටු කිරිමට මට පැවරිලා තියෙනවා. ඔබලා, මේඩි ඉන් ශ්රී ලංකා යුගයේ තමන් නිපදවපු නිෂ්පාදනයක් ලෝකයට ගෙනියන්න පුළුවන් තරුණියක් – තරුණයෙක් බවට පත්වෙන්න. ස්වභාවධර්මයා මේ මහ පොළොවට දීලා තියෙන දේවල් ගොඩක් වැඩියි. මහ මුහුදෙන් වටකරලා තියෙන නිසා දේශසීමාව ස්වාභාවිකවම පිහිටලා තියෙනවා. මේ රටේ ජීවත් වන අපි මේ පොළොවට මුල් ඇදගත්තොත් ජයග්රහණය ලබන්න අමාරු වෙන්නෙ නැහැ.

ඒක කරන්න නම් ගෝඨාභය රාජපක්ෂයන් දිනවූවා වාගේ නූතන පරම්පරාවේ හැගීම් සහ මනස හඳුනගත හැකි ජාතිකවාදී මනසෙන් සපිරුණු ජන නායකයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවිය යුතුයි. ජාතිකවාදී මනස තිබුණ නිසා තමයි අපි විජාතික කඳවුරකට බඩගෑවේ නැත්තේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැවත ගේන්න ඕනෙ කියලා කියන්න ධෛර්ය එන්නෙ ඒ ජාතිකවාදී මනස අපිට තියෙන නිසා. එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යද්දි ජාතිය අවදි කරන්න අපිට පුළුවන් වෙන්නෙ ජාතිකවාදී මනසක් තියෙන නිසා. ජාතිකවාදී මනසක් සහිත ජන නායකයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමෙන් පමණයි, මේ රට සුරක්ෂිත වෙන්නෙ, අවදානමෙන් ගැලවෙන්නෙ.

ඉදිරි මැතිවරණයෙ දි ඔබේ භූමිකාව නිවරදිව ඉටු කරන්න. පොළොවට මුල් බැසගත්ත තරුණයෙක් – තරුණියක් වෙන්න. කර්මාන්ත ඇමති විදියට කර්මාන්ත පුනරුද යුගයක් – මේඩි ඉන් ශ්රී ලංකා යුගයක් අපි අරඹනවා. කර්මාන්ත වැඩි වෙනකොට රැකි රක්ෂා වැඩි වෙනවා. තරුණ තරුණියන්ගේ රැකි රක්ෂා තහවුරු වෙනවා. ඒ වගේම ඔබ රටට යමක් නිපදවන ක්රියාදාමයේ කොටස්කරුවෙක් වෙනවා. ‘රාජ්ය සේවයේ ලිපි ගොනු අස්සෙ සිරවෙලා තියෙන ජීවිතයක් වෙනුවට නව කර්මාන්ත පුනරුද යුගයේ ඔබ නිෂ්පාදන ක්රියාවලියේ කොටස්කාරයෙක් බවට පත් කරන්න අපි සූදානම්‘ කියලා මේ මොහොතේ දි පවසනවා. අපේ ඓතිහාසික උරුමය වෙනුවෙන් පෙළ ගැසෙමු. ඒ සඳහා ජාතිකවාදී මනසින් යුතුව ක්රියා කරමු.”

මෙහි දී ප්රවීණ දේශක, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා ද අදහස් දැක්වීය. මෙම අවස්ථාවට ‘අනාගතය අපි’ තරුණ ව්යාපාරයේ කැඳවුම්කරු ප්රවීණ රංගන ශිල්පී ගයාන් වික්රමතිලක, කොළඹ දිස්ත්රික් නායක දුලිප් සඳුන් රණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *