සිය අමාත්‍යාංශ සතු නාරාහේන්පිට කාර්යාල පරිශ්‍රයේ ඇමති විමල් හදිසි නිරීක්ෂණ චාරිකාවක… by admin 27/01/2020 | 4:18 0 Posted in කාලීන පුවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යසාය සංවර්ධන යන සිය අමාත්‍යාංශ දෙක යටතේ ඇති ආයතන හතරක් පිහිටා ඇති නාරාහෙන්පිට කාර්යාල පරිශ්‍රයේ අද (24) උදෑසන අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට යාබදව පවත්නා මෙම කාර්යාල පරිශ්‍රයේ වසර දහයකට පමණ පෙර සිට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශය පවත්වාගෙන ගොස් තිබේ. දැනට ඉහත අමාත්‍යංශ දෙකට අයත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) , කහටගහ ග්රැපයිට් ප්‍රධාන කාර්යාලය, ලංකා පිඟන් සංස්ථා ප්‍රධාන කාර්යාලය, මාන්තායි සෝල්ට් ලිමිටඩ් ප්‍රධාන කාර්යාලය මෙන්ම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අංශය ද පිහිටා ඇත. ඉහත ආයතන හතර හා බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අංශය ද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එසේම පැවති ආණ්ඩුවේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව (SRMC) පවත්වාගෙන ගිය කාර්යාල පරිශ්‍රය ද ඇමතිවරයාගේ දැඩි නිරීක්ෂණයට ලක්විය. වසා දමා ඇති එම ආයතනය හා එහි ඇති වාහන කිහිපයක් ද පරිහරණයට නොගෙන අත්හැර දමා ඇති ආකාරය පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීම්වලට ලක්විය. එසේම මෙම කාර්යාල පරිශ්‍රය තුළ තිබූ හිඟුරාන සීනි සමාගමේ සාමාන්‍යධිකාරි කාර්යාලය, සේවක නිවස්න, භාවිතයට නොගෙන අත්හැර දමා ඇති එතනෝල් නිෂ්පාදන මධ්‍යස්ථානය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. නිරීක්ෂණ චාරිකාව අවසානයේ කාර්යාල පරිශ්‍රය ප්රතිව්යුහගතකර, එය ඵලදායීව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ඉහත ආයතනවලින් සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිසට විශේෂයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට පැමිණෙන මහජනතාවට පහසුවෙන් සේවය ලබාගත හැකි වාතාවරණයක් සකසන ලෙසත් අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ට විමල් වීරවංශ මහතා උපදෙස් දෙනු ලැබීය. මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ රංජිත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි යන මහත්වරු ද එක්ව සිටියහ. අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය 2020-01-24 Related Posts දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක් දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක දැව ආශ්රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක… කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.. කර්මාන්ත අමාත්‍යාංශ විෂය About Author admin ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.