අපේ තරුණ පරම්පරාවත් ඉන්දියාවෙන් ඉගෙන ගන්න ඕන… සඳ තරණය කරපු ඉන්දියාවට විමල්ගේ ප්‍රණාමය…

සඳ තරණය කරන ලද ලොව 4 වන රට බවට ඉන්දියාව පත්වීම පිළිබදව තමන්ගේ ප්‍රණාමය සහ ගෞරවය ඉන්දියාවට පුද කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ, අද (24) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“සඳ තරණය සඳහා ඉන්දියාවට බිලියන ගණනක ධනස්කන්ධයක් වැය වන විට, ‘වැසිකිලි නැති මෙච්චරක්, දුප්පතුන් මෙච්චරක්, කුල ගැටුම් නිසා පීඩාවට පත්වූ මෙච්චරක්, නූගතුන් මෙච්චරක් ඉන්නවා’ යැයි කියමින් ඒ සතුට අඩපණ කරන සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරපුර තුළ නැහැ. අපි ඒ ගැන ආඩම්බර වෙනවා. ඉන්දියාවේ තරුණ පරපුර මොන කුලයේ, ගෝත්‍රයේ, වර්ගයේ වුවත් තමන්ගේ ජාතික කොඩිය සහ ජාතිකත්වය සමග පුදුමාකාර හැඟීමකින් ඉන්නවා.

එසේ කවර හෝ අඩුපාඩු පදනම් කරගනිමින් කාලකන්නි ගැරහීමට ඔවුන් ගිහින් නැහැ. ඒ සඳහා ඉන්දියානු සිනමාව මහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ‘අපේ තරුණ පරම්පරාවත් එය ඉන්දියාවෙන් ඉගෙන ගත යුතුයි’ කියා අවධාරණය කරමින් සඳ තරණය කළ ලෝකයේ 4 වැනි රටට, අපේ අසල්වැසියාට අපේ ප්‍රණාමය සහ ගෞරවය පුද කර සිටිනවා.”

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *