අරගලයට මුල් කාලයේ අපිත් ආශිර්වාද කළා… ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන්, එන්.ජී.ඕ. කාක්කෝ, ඉත්තෝ, ගැත්තෝ කුක්කෝ ඔය ඔක්කොම එකට එකතු වුණාට පස්සේ අපි ආශිර්වාද කරයිද රටට කෙළවන්න? – ජා.නි.පෙ. නිමල් පියතිස්ස

අරගලයට, එහි ආරම්භයේදී තමන් විසින්ද ආශිර්වාද කළ නමුත් පසුකාලීනව, ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන් සහ එන්.ජී.ඕ. කාක්කන් එක් වීමත් සමඟින් තමන් තවදුරටත් ඒ සඳහා ආශිර්වාද කරන්නේ කෙසේ දැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා විමසා සිටියි.
ඒ අද (24) දින 2023 අය වැය තෙවනවර කියවීමේ විවාදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබද විවාදයට එක් වෙමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





