`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ආණ්ඩුවට ජනතාව ගැන සත පහක හැඟීමක් නැති බව ජල බිල්පත වැඩි කිරීමෙන් නැවතත් ඔප්පු කළා... | JNP Sri Lanka | National Freedom Front

ආණ්ඩුවට ජනතාව ගැන සත පහක හැඟීමක් නැති බව ජල බිල්පත වැඩි කිරීමෙන් නැවතත් ඔප්පු කළා…

ආර්ථික අර්බුදය හේතුවෙන් අන්ත අසරණව සිටින ජනතාවගේ ජල බිල්පත ද ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීරණය, ඔවුන් පිළිබඳ ‘සත පහක හැඟීමක් නොමැතිව’ ගනු ලැබූවක් බවත් දැනටමත් තම බිල්පත් ගෙවාගත නොහැකිවීම හේතුවෙන් ජල පරිභෝගික පවුල් ලක්ෂයක පමණ ජල සබඳතා කප්පාදු කර ඇති බවත් “ජල බිල්පත” මෙසේ ඉහළ දැමීමෙන් පසු ඒ තත්ත්වය බොහෝ සෙයින් ඉහළ යනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජලය ජනතාවගේ මූලික අවශ්‍යතාවක් බවත් ආණ්ඩුව එය ද ඔවුනට අහිමි වන තැනට රට ඇදගෙන යාම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඊයේ(03) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව “ජල බිල්පත 50%කින් පමණ ඉහළ දැමීම” පිළිබඳව මාධ්‍යවේදී මහතෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ ය.

එහිදී ජානිපෙ නායකවරයා මාධ්‍යවේදීන් නැඟූ තවත් ප්‍රශ්න දෙකකට ද පහත පරිදි පිළිතුරු ලබා දුන්නේය.

🔴 ප්‍රශ්නය:- “ජල මූලාශ්‍රවලින් ජලය ලබා දීමේදී ප්‍රමුඛතාව ලැබිය යුත්තේ ජල විදුලිය නිපදවීමට ද? ගොවි ජනතාවගේ වගා කටයුතු සඳහා ද?” යන ප්‍රශ්නය දැන් මතුව තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ගොවි ජනතාවට මෙහිදී ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. එහෙම නොවුණොත් අපි ආහාර අර්බුදයකට ලක් වෙනවා. මේ වනවිට යුක්රේන තිරිඟු පිටි නැව් කළු මුහුද හරහා සිදු කරන ප්‍රවාහන කටයුතු බිඳ වැටීම හේතුවෙන් අනාගතයේ දී ලෝකයේ උග්‍ර තිරිගු පිටි හිඟයක් ඇති විය හැකියි. ඒ නිසා තමයි අද ඉන්දියාව සහල් අපනයනය කිරීම පවා නතර කර තිබෙන්නේ. “ආහාර අර්බුදයක් ඇති වෙයි” කියන බිය ලොව පුරා පැතිර යන මොහොතක අපේ රටේ කෘෂිකර්මාන්තයට, විශේෂයෙන් වී ගොවිතැනට අවශ්‍ය වතුර ටික ලබා දීම සිදු කළ යුතුමයි. එහෙම නොවුණොත් විදුලිය තිබුණත් ජනතාවට බඩගින්නෙ මැරෙන්නයි සිදු වෙන්නේ.

🔴 ප්‍රශ්නය:- 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම පිළිබඳව ඔබේ මතය කුමක්ද?

අපේ මතය අපි සර්ව පාක්ෂික සමුළුවේදී කීවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් මේ රටේ ජනකොටස් අතර සමගිය සහ සංහිඳියාව ගොඩනඟන්න බැහැ. 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක නොකර තිබියදීත් යාපනය තිස්ස රජමහා විහාරයේ ආගමික කටයුතු සිදු කිරීමට නොදී බාධා කරනවා නම්, පොලිස් බලතල ලැබුණාට පසුව උතුරේ කිසිදු ආගමික සහජීවනයක් ඉතිරි වන්නේ නැහැ.

කොළඹ හින්දු භක්තිකයන්ට “වේල් කරත්තය” අරගෙන බාධාවකින් තොරව සංචාරය කරන්න පුළුවන්. ඒකට කිසිවෙකුත් බාධා කරන්නේ නැහැ. නමුත් යාපනයේ තිබෙන රජමහා විහාරස්ථානයකට අදාළ ආගමික වතාවත් සිදු කරන්න බැහැ. ඒකෙන්ම පෙනෙනවා, ‘එවැනි අන්තවාදී මනසකින් ක්‍රියා කරන දේශපාලනඥයන් සිටින පළාතකට පොලිස් බලය ඇතුළු අනෙකුත් බලතල සම්පූර්ණයෙන් ලබා දුන්නොත් තිබෙන සහජීවනයත් සමගියත් අවසන් වෙනවා මිසක් හොඳ තැනකට යන්න වෙන්නේ නැහැ’ කියලා.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-08-04

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *