ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක්…

ඇසුරුම් ක්ෂේත්රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් ඇසුරුම් ක්ෂේත්රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (04) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

ඇසුරුම් ක්ෂේත්රයේ (Packaging) නිෂ්පාදන ක්ෂේත්රය මුහුණපා ඇති ගැටළු පිළිබදව නිෂ්පාදකයින් මෙහිදී අමාත්යවරයාගේ අවධානය යොමු කරන ලදි. එම ක්ෂේත්රයේ භාවිතා කරන යන්ත්ර සුත්ර සදහා අවශ්යවන අමතර කොටස් ආනයනයේ ඇති ගැටළු, ඇසුරුම්කරණ ක්ෂේත්රය ආශ්රිත නීති රාමු සහ අමුද්රව්ය ආනයනයේ ගැටළු පිලිබදව මෙහිදී සාකච්ජා කෙරිණි. ඇසුරුම් කරන ක්ෂේත්රයේ යන්ත්ර සුත්ර ක්රියාකරවීම සදහා පුහුණු තාක්ෂණික ශිල්පින් සහ ඔවුන් පුහුණු කිරීම සදහා තාක්ෂණික පුහුණු ආයතනයක ඇති අවශ්යතාවය පිළිබද කර්මාන්තකරුවෝ ඇමතිවරයා දැනුවත් කල අතර ඒ සදහා අවශ්ය යෝජනා සැකසීමට කමිටුවක් පත් කළේය. ඇසුරුම්කරණයේදී ලෝකයේ නව ප්රවණතා හදුනා ගනිමින් තාක්ෂණික මෙන්ම නිර්මාණශීලි ක්රමද භාවිතා කිරීමේ වැදගත්කම මෙහිදී අමාතයවරයා විසින් අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ නව ලේකම් අනුෂ පැල්පිට, අතිරේක ලේකම් එස්.එල් නසීර්, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ඇසුරුම්කරණ ක්ෂේත්රයේ කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *